counter hit xanga
February 4, 2023

විමල්ට,ගම්මන්පිලට වෙන්න යන දේ!

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ වලින් කෑලි ගලවන තැනට වත්මන් ආණ්ඩුව පත් වෙලා.

Last Updated on June 21, 2021 by Desman Chathuranga

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ වලින් කෑලි ගලවන තැනට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අමාත්‍යාංශය යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පල කරමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

පොස්පේට් සමාගම තිබිය යුත්තේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ බවත් එහි නිපදවන පොහොර කෘෂි කර්මාන්තයට යොදා ගැනීම වෙනම කටයුත්තක් බවද ඒ මහතා සඳහන් කළේය.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම් අස්වෙන්නේ ඔහුගේ අමාත්‍යාංශයෙන් කෑලි ගැලවෙන්නේ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ලියුම් ලැබෙන්නේ ඔවුන්ගේ අමාත්‍යාංශ අහිමිවන, අමාත්‍යාංශයවල කෑලි ගැලවෙන තැනකට පත්ව ඇති නිසා බව ද ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර තමන් විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පිළිබඳව නිකුත් කළ මාධ්‍ය නිවේදනය ගැන ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ හමුවේදී කරුණු පැහැදිලි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාද තමාගෙන් කරුණු විමසූ බවද පැවසූ ඔහු ඒ අනුව ඉදිරි සතියේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන් ගේ හමුවේ දී කරුණු පැහැදිලි කිරීමක් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා තමන්ට උපදෙස් දුන් බවද පැවසීය.

කෙසේ නමුත් තමන් ගෙන් මේ පිළිබඳ බැසිල් රාජපක්ෂ මහතා මෙතෙක් විමසීමක් නොකළ බව ද පැවසූ ඔහු මෙම නිවේදනය නිකුත් කිරීම නිසා තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමේ උවමනාවක් නැති බවද මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සදහන් කර සිටි.