counter hit xanga
March 28, 2023

සබජට තවත් කොන්ත්‍රාත්තුවක්… අවසන් මෙහෙයුම කුමක්ද?

"බලාගෙන ඉන්නවා 23 වෙනිදාට වෙන දේ … ඒවා අපි ප්ලෑන් කරලා තියෙන්නේ.මේ ඡන්දේ කල්දැම්මේ නැත්නම් මේ ඒ රනිල් වෙන්න බෑ ."

Last Updated on February 11, 2023 by Desman Chathuranga

මැතිවරණය කල්දමා ගැනිම සදහා එජාපය,පොහොට්ටුව, නිදහස් ජනතා සන්ධානය‍ මෙන්ම සමගි ජන බලවේගය සහයෝගයෙන් කටයුතු කල අතර එහි එක් පියවරක් ලෙස අධිකරණය හමුවේ මැතිවරණයක් ඉල්ලිම පෙන්වා දියහැකි බවයි අප දේශපාලන වාර්තාකරු පෙන්වා දෙන්නේ.

මේ වනවිට පළාත් පාලන මැතිවරණය කල් දැමිම සදහා ගත් සියලුම ක්‍රියාමාර්ග අසාර්ථක විම හමුවේ සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය අධිකරණයට ගොස් පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට මැන්ඩමස් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.නමුත් තින්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේ රාජා සදහන් කළේ පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

මේ අතර රනිල් වික‍්‍රමසිංහගේ හෙංචයියෙකු වන W M R විජේසුන්දර නැමැති විශ‍්‍රාම ගිය කර්නල්වරයෙක් විසින් ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සිදු කෙරෙන සංවිධාන කටයුතු වළක්වන රිට් ආඥාවක් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකල පෙත්සම 23 දක්වා කල්ගිය අතර ඒ පසුපස කුමන්ත්‍රණයක් තිබේන බව අධිකරණය තුලදිම මනාව තහවුරු වුනා.

පෙත්සමේ අධුපාඩු රැසක් තිබු අතර පෙත්සම්කරු ඡන්ද දායකයෙක් ද යන වග,කිසිදු දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක පාර්ශ්වකරුවෙක් නඩුවේ පාර්ශ්වකරුවන් නොකිරිම මෙන්ම ලේඛන පරීක්ෂා කිරිමේදි පෙත්සම්කාර නීතිඥ අත ඇති ලිපිගොනුවත්, විනිශ්චයකාරතුමා අත ඇති ලිපිගොනුවත් අතර පරස්පරයක් මතුවු අතර පසුව නඩුව කල්තැබුනා.පසුව පෙත්සම්කාර තැනැත්තාගේ නීතිඥ, රාජපක්ෂලාගේ සමිපතම හෙංචයියෙකු වන ෆයිසර් මුස්තාපා අදාළ නඩුව ගොනුකිරීමේදී කිසියම් අඩුපාඩු සිදුවී තිබෙන බවත්, ඒ අඩුපාඩු ටික සකසා ගන්න දිනයක් ඉල්ලා සිටි අතර ඒ අනුව 23 වැනිදා දක්වා නඩුව කල් තබනු ලැබුවා.තැපැල් ඡන්ද පෙබරවාරි 15දා නිකුත් කරනු ඇති අතර තැපැල් ඡන්ද භාවිතය 21වැනිදා ආරම්භ වනවා. ඒ අනුව 23වනදා වනවිට නඩු දිනය වනවිට තැපැල් ඡන්ද පාවිච්චි කිරීමත් ආරම්භ කර තිබේන අතර ඒ අනුව මේ නඩුව මූලික විරෝධතා මතම විසිවෙන නඩුවක් බව ඉතාම පැහැදිලියි.

පිං ජනපතිගේ ගොලයන්ගේ හැසිරිම ….

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමගම ජනාධිපතිවරයාගේ ගෝලයන් කිහිප දෙනෙකුම ඉතාම දරුණු ලෙස කලබලයට පත්ව සිටි අතර අධිකරණ තීන්දුවෙන් පසුව කුමක් කිරිමට බලාපොරොත්තු වන්නේද යන්න යන්න අප දේශපාලන වාර්තාකරු කල විමසීමේදි .”බලාගෙන ඉන්නවා 23 වෙනිදාට වෙන දේ … ඒවා අපි ප්ලෑන් කරලා තියෙන්නේ.මේ ඡන්දේ කල්දැම්මේ නැත්නම් මේ ඒ රනිල් වෙන්න බෑ .” සැ.යු මීට අදාල සම්පූර්ණ හඩපටය අප සතුව ඇත. මේ අතර ඔහු තහවුරු කර කියා සිටියේ මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා අනිවාර්යයෙන්ම මේම මැතිවරණ කල්දැමිම සදහා සහය ලබාදෙන බවයි.

මැතිවරණය වැළැක්වීමේ හැකියාවක් ඇත්තේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීමෙන් හෝ අධිකරණය හමුවේ තිබෙන නඩුවේ නියෝගය අනුව පමණක් වන අතර අධිකරණය හමුවේ ගේමක් ගෑසීම මේ වනවිට අසීරූ තත්වයකට පත්ව තිබෙන නමුත් ඔහුන් තවමත් බලාපොරොත්තු අතහැර නොමැති බව පැහැදිලිය. එවන් තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවට නියෝගයක් නිකුත් කර ගැනිම සදහා විපක්ෂයේ එජාපය,පොහොට්ටුව, නිදහස් ජනතා සන්ධානය‍ මෙන්ම සමගි ජන බලවේගය සහයෝගයෙන් කටයුතු කිරිම සැක සහිත බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.

සබජට තවත් කොන්ත්‍රාත්තුවක්…

මේ අතර පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකු විසින් පත්කරගත් අට-වන ජනාධිපති සජිත්ගේ සබජට තවත් කොන්ත්‍රාත්තුවක් භාරදි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. සජිත්ගේ ආර්ථික විශේෂඥයා ලෙස පෙනී සිටින රැට රෑට රනිල් හමුවන සිල්වා කෙනෙකු හරහා මෙම කොන්ත්‍රාත්තුව බාරදි තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ. රනිල්-සිල්වා හමුව රනිල්ගේ නිවසේ සිදුව ඇති අතර පළාත් පාලන මැතිවරණය කල් දැමිම සදහා අවසන් තුරුම්පුව වශයෙන් පාක්ෂිකයන් කුපිත කර රටතුල කලබලකාරි තත්ත්වයක් ඇති කිරිමත් ඒ හරහා ජාතික ආරක්ෂාව සහ වෙනත් කරුණු මතුකර පෙන්විම රනිල්ගේ මෙහෙයුම වි තිබේ.