counter hit xanga
June 13, 2021

මොකක්ද මේ Selendiva Investments!

Selendiva Investments Limited was established last year under 100 percent ownership of the General Treasury based on a Cabinet decision.

2020 මාර්තු මස 06 වන දින ලද කැබිනට් අනුමැතිය මත ඌන සංවර්ධිත ව්‍යාපෘති නැවත ප්‍රතිසංවර්ධනය වෙනුවෙන් පිහිටුවනු ලැබූ මහා භාණ්ඩාගාරය යටතේ ක්‍රියාත්මක වන Selendiva Investments (Pvt) Ltd ආයතනය පිහිටවු අතර එය දේපළ වෙළඳාම් සංවර්ධනය හා ආයෝජන සඳහා රජය සතු සමාගමක්.

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති, නාගරික සංවර්ධන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන නිමල් පෙරේරාගේ සභාපතිත්වයෙන් යුත් එම සමාගමේ සමාගමේ මහා භාණ්ඩාගාරය විසින් නම් කරන ලද පී.ඒ.එස්.ඒ. කුමාර, විශාකා අමරසේකර, ආර්.ඒ.එල්. උදයකුමාර මෙන්ම වෝටර්ස් එජ් හි සභාපති රොහාන් ප්‍රනාන්දු පුල්ලේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරයි.මෙම සමාගමේ කොටස් 100 % ක් ම මහා භාණ්ඩාගාරය සතුව පවති.

Selendiva Investments (Pvt) සමාගමට රටතුල ඇති දේපළ වෙනුවෙන් ආයෝජන හඳුනාගැනීම , ආයෝජන පහසුකම් සැලසීම වෙනුවෙන් ආකෘතියක් සැකසීම, සහ ඒ අනුව ක්‍රියාත්මක වීමේ බලය සහිත ආයතනයකි. ඒ සදහා ක්‍රියාත්මක වීමේ බලය ඉහත කැබිනට් පත්‍රිකාව මගින් Selendiva Investments Ltd වෙත පවරා ඇත.

ඌන සංවර්ධිත දේපළ බවට නම් කොට ඇති දේපළ ඒකාබද්ධ කොට සකසනු ලැබූ නව සමාගම්වල ආයෝජනයට ඉදිරිපත්වන ආයෝජකයින් සඳහා උපාය මාර්ගික සංවර්ධන පනතේ සඳහන් බදු සහන ඇතුළු සියලු ආයෝජන දිරිගැන්වීම් පිරිනැමීමට ද අගමැතිවරයා අදාළ කැබිනට් පත්‍රිකාව මගින් අනුමැතිය ලබා ගෙන තිබේ.

Selendiva Investments (Pvt) කාර්යභාරය!

“යම් වත්කමක දිගුකාලීන බදු අයිතිය හෝ කළමනාකරණ අයිතිය පෞද්ගලික ආයෝජකයෙකුට පැවරීම.නාගරික සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති ඕනෑම ඉඩමක් සඳහා වාණිජමය කොන්දේසි මත දිගුකාලීන බදු ගිවිසුම් ඇතිකර ගැනීම. පෞද්ගලික ආයෝජන සඳහා අවශ්‍ය අනුමැතීන් සහ නිශ්කාශන ලබාගැනීමේදී ආයෝජකයාගේ කාර්ය සැහැල්ලු කිරීම. වෙළෙඳපොළ මිල ගණන් යටතේ ගිවිසුමට පෙර හා පසුව ආයෝජකයින්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීම.ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අදාළ ප්‍රවර්ධන කටයුතු සදහා පිළිගත් අලෙවිකරණ සමාගමක් යොදවා ගැනීම.සමාගමට අදාළ සේවා සහ ආයෝජන ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවළියක් ගොඩ නැංවීම.”

මේ අතර කොළඹ නගරයේ හා පිටත පිහිටි ඉතා ඉහළ වාණිජ වටිනාකමකින් යුත් ඉඩම් රැසක් SPV සමාගම් (Special Purpose Vehicle) යටතට පත්කර ආයෝජන ව්‍යපෘති සඳහා ලබාදීමේ යෝජනාවක් මුදල් අමාත්‍ය,නිවාස සහ නාගරික සංවර්ධන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021-05-05 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව හදුනා ගෙන ඇති දේපළ වන්නේ,

අරලියගහ මන්දිරය ඉදිරිපිට ඉදිව ඇති ග්‍රෑන්ට් හයට් හෝටල් සංකීර්ණය
යාපනය, කන්කසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානය
කොළඹ මහ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය
ඩී. ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සීනෝර් අවන්හල පිහිටි භූමිය
විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැගිල්ල
කොළඹ හිල්ටන් හෝටලය සහ ක්‍රීඩා සංකීර්ණය
වොටර්ස් එජ් මිශ්‍ර සංවර්ධන ව්‍යපෘතිය
කොළඹ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය
යෝර්ක් ගොඩනැගිල්ල
ගෆූර් ගොඩනැගිල්ල

Special Purpose Vehicle කාර්යභාරය

Special Purpose Vehicle යනු නිශ්චිත අරමුණක් සඳහා නිර්මාණය කරන ලද නීතිමය ආයතනයකි. ප්‍රාග්ධනය ඉහළ නැංවීමේ සන්දර්භය තුළ, එස්පීවී (සාමාන්‍යයෙන් එල්එල්සී ලෙස ව්‍යුහගත කර ඇති) අරමුදල් ව්‍යුහයක් ලෙස භාවිතා කළ හැකි අතර, එමඟින් සියලු ආයෝජකයින් (හෝ දී ඇති ආයෝජන සීමාව යටතේ ආයෝජකයින්) තනි ආයතනයකට එකතු වේ.

“කැබිනට් පත්‍රිකාවේ සදහන් වන ආකාරයට සෙලෙන්දිවා සමාගම යටතේ පරිපාලන අනුබද්ධ සමාගමක් හෙවත් Holding SVP සමාගමක් පවතී. එනම් ආයෝජන කටයුතුවලදී අදාළ නිශ්චිත ආයෝජන කාර්යය සදහාම ආරම්භ කරන සමාගමක්. නාගරික සංවර්ධන අධිකාරිය සතුව ඇති යම් දේපලක් ආයෝජන ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කරන්නේ නම් මේ Holding SVP යටතේ ඇති තවත් SVP එකක් බවට පත්කළ යුතුයි.ආයෝජකයින් හඳුනාගෙන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ මෙම එස්පීවී එක යටතේයි.”

රටේ ආර්ථිකයේ හැරුම් ලක්ෂයක් වන කොළඹ නගර ව්‍යාපෘතියට සාපේක්ෂව කොළඹ නගරයද සංවර්ධනය වියයුතු බව අමුතුවෙන් කිවයුතු කාරණාවක් නොවේ.එම සංවර්ධණය රජයකට කල හැක්කක්ද නොවේ. එමනිසා රජයේ වගකිවයුතු ආයතන යටතේ එම සංවර්ධනය පෞද්ගලික සමාගම් වලට ලබාදිමට කටයුතු කලයුතු බව ඔනෑම අයෙකුට තේරූම් ගැනිමට අපහසු නැත.

විපක්ෂයේ භීතිකාව

කෙසේවෙතත් වරාය නගර පනත සම්මත වූ වහාම මේ අකාරයේ ආයතනයක් පිහිටුවිම සදහා කැබිනට් පත්‍රිකාව අනුමත කර ගැනීම දඩමීමා කර ගැනිමට විපක්ෂය සමත්ව තිබේ.ඒ අනුව මෙම දේපොළ බොහොමයක් කොළඹ වරාය නගරය රට සමග යා කෙරෙන භූමියේ පිහිටා තිබීම හරහා මෙම ඉඩම්ද වරාය නගරය හා යකිරිමේ අරමුණක් ඇති බවත් ඒ හරහා ආණ්ඩුවේ ඇතැම් ඩීල් දැමිමට කටයුතු කරන බවත් පෙන්විම ඔහුන්ගේ කුප්‍රකට උපක්‍රමයක් බවට පත් වෙමින් තිබේ.

මේ අතර හෙට,අනිද්දා එජාප නායකයා පාර්ලිමේන්තුවට එන්නට සුදානමක් තිබේන නිසා එජාප මාධ්‍ය එකකයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවේන් ප්‍රශ්ණ කර තිබේ.

Selendiva Investments Limited (සීමාසහිත සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්ගලික) සමාගමේ) මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියේ හෙළි කරන ලෙස එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත්, මාධ්‍ය වාර්තා වලට අනුව, සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් වෙත අමාත්‍යාංශ සහ රජය සතු ආයතනවලට අයත් ගොඩනැගිලි ඇතුළු රජයට අයත් ඉඩම් සහ වත්කම් එකතුවක හිමිකාරිත්වය සහ විවිධාංගීකරණය කිරීමේ වගකීම පැවරෙනු ඇති බවත් සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට්ස් සම්බන්ධ අදාළ නීති අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේදැයි එක්සත් ජාතික පක්ෂය රජයෙන් ප්‍රශ්න කර තිබේ. ඔහුන් ඒ සදහා පාදක කරගෙන තිබුනෙ මහරාජා මාධ්‍ය ජාලය පහුගිය දින කිහිපයේ රටට කී කරුණු බව ඉතා පැහැදිලිය.

-සකලබුජන්-