Last Updated on May 13, 2021 by Desman Chathuranga
අද විපක්ෂය තැන් තැන්වල කයිවාරු ගහමින් සිටින බව ක්‍රිඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පවසයි.කොව්ඩ් 19 රෝගින් වෙනුවෙන් නිර්මාණය වු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල පවතින ඇඳන් පහසුකම් දින 10ක් තුළ සම්පූර්ණ කිරීමේ වැඩ පිළිවෙළ යටතේ මාතලේ කළුදෑවල ශ්‍රි ලංගම ප්‍රාදේශිය වැඩපොළේ සැකසෙමින් පවතින ඇඳන් නිෂ්පාදන ක්‍රියාවලිය නිරික්ෂණය කිරිමට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා සදහන් කළේ කොරෝනා මර්දණයට සමගාමීව රටේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කිරිම වැදගත් බවයි.
“මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය රෝගී ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු දේ ලබාදෙන්න කටයුතු කරනවා. අපත් මහජනතාව වෙනුවෙන් හැකි ආකාරයෙන් උපරිම කැපවීමෙන් කටයුතු කරනවා. මේ ගැන කැබිනට් මණ්ඩලයෙත් කතා කර තිබෙනවා.”
“අද විපක්ෂය තැන් තැන්වල කයිවාරු ගහනවා. කෙළින්ම ඇමැතිතුමිය හමුවෙලා කතා කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. විපක්ෂය කියනවා ඇඳන් හදලා වැඩක් නැහැ කියලා ආයේ කියනවා ජිම් දාල වැඩක් නැහැ කියලා. ඉතාම පැහැදිලියි මේ කොරෝනාත් එක්ක මේ රට ගොඩ නගන්න ඕන. මේ කායවර්ධන මධ්‍යස්ථාන හදන්න ගත්තේ දෙසැම්බර් මාසේ මේවා ක්‍රියාත්මක කරන්නේ මේ තුන්වන රැල්ලෙන් පසුවයි.”
“කොරෝනා කියලා මේ රටට ක්‍රියාශිලි රටක් නොවී ඉන්න බැහැ. ක්‍රිඩාවෙන් ඉදිරියට යන්න ඕනේ අන්තර්ජාතික ජයග්‍රහණ අවශ්‍යයයි. අපි ඉතාම පැහැදිලිව කියනවා කොරෝනා ව්‍යප්තිය පාලනය කරන්න අවශ්‍ය සියලු ප්‍රතිපාදන ආණ්ඩුවෙන් දෙන්න කටයුතු කරන බවත් ඊට සමගාමිව රටේ ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරලා ආර්ථිකය ශක්තිමත් කිරිමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්”
More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!