counter hit xanga
October 21, 2021

බොක්කේ දඩමස්… හක්කේ ඉන්දියාව… 1990න් ගසා කාලද?

Last Updated on May 21, 2021 by Panduka Herath

1990 සුවසැරිය රටේ ජනතාව වෙනුවෙන් දිනෙන් දිනම දියුණුවට පත්වීම පිළිබඳව අප හැමවිටම සතුටු විය යුතුය. එම සතුටට පක්ෂ පාට භේදයක්ද නොතිබිය යුතුය.නමුත් රටේ ජනතාවගේ බදු මුදල් මිලියන ගණනින් වියදම් කර එය “නොමිළේ” ජනතාවට ලබාදුන් බවට පුම්බාගත් අමනයන් සිටි නම් ඔහුන් ගැන ජනතාව යලිත් තින්දුවක් ගත යුතු බවද කිව යුතුය.

1990 සුවසැරිය ගිලන්රථ සේවාව 2016 ජූලි මාසයේදී දකුණ සහ බස්නාහිර පළාතේ ආරම්භ කළ අතර එහි එවකට ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් ඇමැතිව සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා එහි නිර්මාතෘ යන නාමය භාවිතා කර ගත් අතර එය අනාගතයේ තමන්ගේ ඡන්දය ඉලක්ක කරගත් එකක බව හොදින්ම පෙනුනේ රනිල් අතහැර සජිත් ගාව දණ ගැසු හර්ෂගේ 2020 මැතිවරණ සටනම සුවසැරිය මත පිහිටිම හේතුවෙනි.

ආණ්ඩු බලය තිබේන කාලෙත් සජිත් ලගට විත් කුජීත වි ඡන්දයෙන් පරදින ලකුණු පහල වන අවස්ථාවේදීත් හර්ෂ කෑ ගැහුවේ සුවසැරිය නිකන් දුන්නා යැයි කියමින්‍ ය. නමුත් දැන් ඇත්ත කතාව එලියට පැමිණ් තිබේ.

1990 සුවසැරිය ගිලන්රථ සේවාව අපට නොමිළේ දුන්නේ තමන්ගේ ඉල්ලිමකට වත්මන ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි බවයි හර්ෂ කියා සිටියේ.ඉන්දියාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රමාණය දැන් ඔනැවටත් වඩා හොදින් පෙනේ.

ඉන්දියාවෙ බිරිදගෙ මිණිය ගෙනියන්න විදිහක් නැතිව පැදුරක ඔතා ගෙන සැමිය කර තියා ගෙන තත්ත්වයක් ඉන්දීයාවේ එවකටද තිබියදි ලංකාවට ඉන්දියාවෙ හදල ඇම්බියුලන්ස් නොමිලෙ දෙන්න හදන මෝදිල ඇයි ඒව තම රටේ මිනිස්සුන්ට නොදුන්නේ. වැදගත් ප්‍රශ්ණය එයයි. නමුත් විචාර බුද්ධියකින් තොරව දේශපාලුවන් පමණක් කියන දෙයින් හිස්,මොළ පුරවා ගන්නා ජාතියකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වන්නට බැරිය.

ඉන්දීය සහකාර මහ කොමසාරිස් ධිරේන්ද්‍ර සිං කී කතාව!

2018 අගෝස්තු 24 වන දින ඌව පළාතට ගිලන්රථ 26 ක් සහ විදේශීය පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් ලබාදිම සදහා පැවැති මාධ්‍ය හමුවකදි ඉන්දීය සහකාර මහ කොමසාරිස් ධිරේන්ද්‍ර සිං මහතා Assistant High Commissioner of India Dhirendra Singh කියා සිටියේ “ශ්‍රී ලංකාවේ මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීම ගැන අපි සැබවින්ම සතුටු වෙමු. ශ්‍රී ලංකාවේ මෙම ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීම ගැන අපි සැබවින්ම සතුටු වෙමු. එක් කරුණක් ඉතා අවංකව පිළිගැනීමට මට ඉඩ දෙන්න: අපට ඉන්දියාවේ එවැනි සේවාවක් නොමැත, එතරම් කාර්යක්ෂම සේවාවක්, එය ක්‍රියාත්මක කරන අපූරු පුද්ගලයින් සහ මෙම සේවාව ලබන වාසනාවන්ත පුද්ගලයින්, ” යනුවෙනි.

ඉන්දියාවට නැති ගිලන්රථ සේවාවක් ලංකාවට දි ඉන්දියාව බලාපොරොත්තු වුයේ කුමක්ද?

ඇත්තම කතාව 1990 සුවසැරිය ගිලන්රථ ලංකාවට හදුන්නා දින සදහ ඉන්දීය රජය තින්දු කලේ ගිලන්රථ සමග එක් රථයකට සේවකයින් දෙදෙනෙකුද සමගය.නමුත් ජනතා විරෝධය හමුවේ ලංකාවෙ කාර්යමණ්ඩලයට මාරු වු අතර එවකට වඩාත්ම ජනප්‍රිය වු කතාව වුයේ මෙම ගිලන් රථ සේවාව සමග “රෝ” ඔත්තු කරුවන් රට තුලට පැමිණිය හැකි බවයි.එක් අතකට එම කතාවේ බොරුවක් නොමැති බව මැනවින් තහවුරු වන්නේ 2019 අප්‍රියෙල් 21 වැනිදා එල්ල වු ප්‍රහාරය සමගය. ප්‍රහාරය පසුපස ඉන්දීය අවශේෂ “රෝ” කාරයන් සිටි බව අවිවාදිතය.

1990 සුවසැරිය ගිලන්රථ සමගඉන්දියාවෙන් තවත් කොන්දේසියයක් ලැබුනි.එනම් GVK යන ඉන්දීය සමාගමට ලංකාව තුල ව්‍යාපාර දියත් කිරිම සදහා පහසුකම් සැපයිමයි.GVK යන ඉන්දීය සමාගම සඳහා ගාලු වරායේ කොටසක් සංචාරක බෝට්ටු නැවතුම්පොළක් ආරම්භ කිරීමට අවසර දෙන ලෙස ඇතිකරගත් එකඟතාවක්ද ඇතිකරගෙන තිබුනි. ‘සුවසැරිය’ සේවාව සමග GVK සමාගම සම්බන්ධ වූයේ එම සමාගම් සමූහයට අනුබද්ධ GVK EMRI සමාගම හරහා තාක්ෂණික පහසුකම් සලසන්නා ලෙසිනි. අවසානයේ ජනතා විරෝධය මත GVK සමාගමට හර්ෂ ඇමතිව සිටි රනිල්ගේ රජය විසින් රටේ ජනතාවගේ බදු මුදලින් කෝටි ගාණක මුදල් ගෙවු අතර ගෙවු මුදල මේ දක්වා අනාවරණය වි නෑ.

අවසානයේ ඉන්දීය රජයේ ප්‍රදානය මගින් මෙම සේවාව ආරම්භ කරන විට ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා ඉන්දීය සමාගම් කිහිපයක් එක්වී සිටි අතර, එම සේවාවන් ශ්‍රී ලංකා රජය ලබාගත්තේ එම සමාගම් වෙත මුදල් ගෙවමින් මිස නොමිලේ නොවේ. මේ අනුව, TATA, ටෙක් මහේන්ද්‍රා, VIVE සොලියුෂන්ස්, ස්කයි මැප් ග්ලෝබල් ඉන්ඩියා, ඔරේන්ජ් බිස්නස් සර්විස්, කේ කම්පියුටර්ස්, ස්නේහා ටෙක්නොලොජීස් සහ GVK EMRI සමාගම මේ සඳහා සම්බන්ධ වී තිබුණි.

වරාය නගර පනත පාර්ලිමේන්තුවට පැමිණි මොහොතේ සිට කප්පරකට බොරු කීමට උත්සහ කල හර්ෂ නොදැනුවත්වම 1990 සුවසැරිය ගිලන්රථ මිලදි ගත්තේ මුදලට බව පිලිගත්තේය. එක් ගිලන් රථයක් වෙනුවෙන් ශ්‍රි ලංකා ජනතාවගේ බදු මුදලින් එක් ගිලන් රථයක් වෙනුවෙන් ලක්ෂ 80- 100 අතර මුදලක් වියදම් කර තිබේ. දැන් රටේ ජනතාවට ඇති ප්‍රශ්ණය “බුදුසරණයි ” කියා ඉදිරියෙන් ගසාගෙන හරක් අදින හරක් හොරු මෙන් Gift from the peoples of india,”ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයකි.” යනුවෙන් ගසාගෙන රටේ ජනතාවට සේවය සපයන්නේ ඇයිද යන්නයි.

‘සුවසැරිය’ ගිලන් රථ සේවාව ආරම්භ කළේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජයට ලබාදුන් ඩොලර් මිලියන 22.7 (පළමු අදියරට ඩොලර් මිලියන 7.5 ක් සහ දෙවැනි අදියරට ඩොලර් මිලියන 15.2 ක්) ක යළි නොගෙවන ප්‍රදානයක් භාවිතා කරමින් බවයි හර්ෂ ඇමතිව සිටි සමයේ කියා සිටියේ.ඉන්දියාව මේ ව්‍යාපෘතිය දියත් කිරිමට ප්‍රධාන හේතුව වුයේ චිනය සමග ලංකාවේ රජයන් අතර පැවැති බැදිමට වඩා යමක් ඉන්දියාවට ඇති බව පෙන්විමට විය හැක.ඉන්දියාව අපට උදේ සල්ලි දී හවස ආපසු එකතු කර ගත්තේ කුමක් සදහද? ගිලන් රථයේ පසුපස “ඉන්දීය ජනතාවගේ පරිත්‍යාගයකි.” යනුවෙන් අඳෝනාවක් ලියා තැබුවේ ඇයි?. ජනතාවගේ ප්‍රශ්ණ වලට දැන් පිළිතුරු ලැබිය යුතුමය.

වත්මන් සෞඛ්‍ය අමාත්‍යතුමියනි මෙ ඔබේ අවධානයට.