Last Updated on June 10, 2021 by Desman Chathuranga
කෙරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට ඉකුත් කාලයට සාපේක්ෂව සියයට 12කින් වර්ධනය වි ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.එම සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් කියා සිටින්නෙ කෝවිඩ් මරණ සංඛ්‍යාව සියයට 28කින් වර්ධනය වි ඇති බවයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු සහ ලේකම් විශේෂඥ වෛද්‍ය ආර්.ඥාණසේකරම් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව ජනපතිට යොමුකර ඇති ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ ඒ හේතුවෙන් සංචරණ සීමා තවදුරටත් පවත්වාගෙන යා යුතු බවයි.
මිට අමතරව එන්නත් කරණ වැඩසටහන විනිවිද භාවයකින යුතුව සිදු කළ යුතු බවත් ඒ සදහා විද්‍යාණුකූල හා සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වන බව ද එමගින් පෙන්වා දි තිබේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියන කතාව!
මේ අතර පවතින දත්ත විශ්ලේෂණය කර විශේෂඥයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් පමණක් දැනට පනවා තිබෙන සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කරන බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ 08 මාධ්‍යයට කියා සිටියා.
දැනට රට තුළ පවතින තත්ත්වය අනුව නම් අනිවාර්යයෙන්ම ලබන 14 වැනිදා අලූයම 4.00 ට සංචරණ සීමා ඉවත් කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව කී යුද හමුදාපතිවරයා කිසියම් බරපතළ තත්ත්වයක් ඇති වුවහොත් එය වෙනස්වන බව ද පෙන්වා දුන්නේය.
ලබන 14 වැනිදා වන විට සංචරණ සීමා පනවා දින 23ක් ගතවන බව පෙන්වා දුන් යුද හමුදාපතිවරයා මුලදී ජනතාව අපහසුතාවට පත් නොවන ලෙස රජය කි‍්‍රයාමාර්ග ගනු ලැබුවද විශේෂඥවරුන් පෙන්වා දුන් කරුණු අනුව වඩාත් සුදුසු වන්නේ සංචරණ සීමා පැනවීම බවට පෙනී ගිය නිසා මෙම තීරණය ගත් බව ද පැවසීය.
මේ වන විට රටේ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඇතුළු රජය තීන්දු තීරණ ගනු ලබන්නේ විශේෂඥ දැනුම්දීම් සහ පවතින දත්ත හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ඉතාම සැලසුම් සහගතව බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර මැයි 10 සිට ජූනි 7 වැනිදා දක්වා යන කාලය තුල කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ 54 ක් වාර්තා වු අතර ඒ සමග මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1844 ක් දක්වා ඉහළ ගියා. මේ සම්බන්ධයෙන් ඊයේ අදහස් දැක්වූ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ මේ සෑම මරණයක්ම කොරෝනා හේතුවෙන්ම සිදු වූ මරණ නොවන බවය.
[url=http://cheapdrugs.store/#]carprofen without vet prescription[/url]
cialis online pharmacy australian tadalafil
stromectol tablets for humans stromectol medication
https://withoutprescription.store/# buy prescription drugs online
https://diflucan.icu/# can i purchase diflucan over the counter
cheap clomid buy clomid