counter hit xanga

තිරිගු පිටි මිල රු3.50 කින් ඉහලට!

Last Updated on June 15, 2021 by Desman Chathuranga

ප්‍රිමා සමාගම විසින් පාන් නිෂ්පාදන සදහා භාවිතා කරන ලබන (මිල්ක් බ්‍රැන්ඩ්) පිටි 1 Kg (කිලෝ එකක) මිල රු 3.50 කින් (15) දින සිට වැඩි කර ඇති බව ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි තිබේ.

එම සමාගම විසින් මිල්ක් බ්‍රැන්ඩ් කිලෝ 50 ක් සහිත පිටි මිටියක් රු හාරදහසකට අලෙවි කල අතර , නව මිල වැඩි කිරිමත් සමග පිටි කිලෝ 50 ක් රු 4175 දක්වා ඉහල යන බවයි ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් පවසන්නේ.

රොටි සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක් පසුගිය දා රු 4 කින්ද ඉහල දැමිමට prima තිරිගු පිටි සමාගම කටයුතු කර තිබුනා.

ඒ අනුව පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක මිල වැඩි කිරිමත් සමග බේකරි නිෂ්පාදන වලද මිල බොහෝදුරට ඉහල යනු ඇති.