counter hit xanga
October 26, 2021

රොකට් කැබැල්ල වැටෙන තැන මෙන්න -Live

Last Updated on May 8, 2021 by Panduka Herath

The Long March 5B booster නම් චීනය විසින් අභ්‍යවකාශ ගත කරන ලද රොකට්ටුවක විශාල සුන්බුන් කොටසක් පාලනයකින් තොරව අද හෝ හෙට අලුයම පෘථිවියට කඩා වැටීම්ට නියමිත බව නාසා විද්‍යාඥයෝ පවසනවා.

පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට් කැබැල්ල අද (8) සවස හෝ හෙට (9) අලුයම් කාලයේ හෝ පොළොවට කඩා වැටෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති.සිදු කළ ගණනය කිරීම් අනුව, රොකට් කැබැල්ල අද සවස හෝ හෙට පොළොවට වැටෙනු ඇති බව පැවැසුවත්, එය වැටෙන්නේ කොතැනටදැයි යන්න නිවැරදිව කීමට හැකියාවක් නැත.කෙසේවෙතත් එම රොකට්ටුවේ ගමන් මාර්ගය සජීව ඔබට නැරඹීමට හැකියාව තිබේ.

අදාල රොකට්ටුව මේ වනවිට පෘථිවි කක්ෂයේ පාමෙන් ඇත්තේ පැයට කිලෝ මීටර් 30,000 ක පමණ වේගයකින් පැමිණෙමින් තිබේන අතර Long March 5B රොකට්ටුවට අයත් බූස්ටර් කොටස ටොන් 21 කට වඩා බරින් යුත් මීටර් 30 ක් පමණ දිගකින් යුක්ත වේ.මෙම කොටස උඩු ගුවනේ දී වෙන් වී පහළ සාගරයට වැටීමට සැලැසුම් කර තිබුණු නමුත්, එය පෘථිවි කක්ෂයට ඇතුළු වීම මෙම තත්ත්වයට හේතුවි තිබේ.

2022 වසර අවසන් වෙද්දී ඉදිකර අවසන් කිරීමට නියමිත චීනය අභ්‍යවකාශ නැවැතුම්පොළ සදහා අවශ්‍ය කොටස් පෘථිවි කක්ෂයට ගෙන යෑම සිදුවන්නේ Long March 5B වර්ගයේ චීන රොකට්ටුවෙනි.

යම් හෙයකින් මෙය පොළවට වැටුනොත් එය අක්කර සියයක් පමණ වපසරියක පමණ විශාල සුන්බුන් ගොඩක් දැක ගත හැකි බවයි විද්‍යාඥයන් සදහන් කර ඇත්තේ.