Last Updated on April 29, 2021 by Desman Chathuranga
දැනට දිස්ත්‍රික්ක මට්ටමින් කරගෙන යන අහඹූ පීසීආර් පරීක්ෂණ වහාම නවත්වන්නැයි බලධාරීන් දන්වා ඇතැයිද එය ඉතාම කණගාටුදායී තීරණයක් බවද ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වීරයෙකු ලෙස මාධ්‍ය හමුවේ Voice Cut එකක් දි තිබේ.
අහඹූ පීසීආර් පරීක්ෂණ නතර කර ඇත්නම් එය ප්‍රශ්ණයකි. ඒ පිළිබඳව සොයා බැලිමද වගකිවයුත්තන්ගේ වගකිමකි. එහි දෙකක් නැත. නමුත් අහඹූ පීසීආර් පරීක්ෂණ නතර කර ඇති බවට සමාජයට පණිවිඩයක් දිමෙන් PCR වලට බයේ ගමනා ගමනය නතර කර තිබු සමාන්‍ය ජනතාව යලිත් පාරට කැදව ගැනිමද යන්න සොයා බැලිය යුතුය.
අනිත් අතට ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සිය මාධ්‍ය ප්‍රකාශයේ සදහන් කර සිටින්නේ ” අහඹූ PCR පරික්ෂණ නතර කිරිමට දිස්ත්‍රික් කිහිපයකට දැනුම් දි තියෙනවා….එහෙම දැනුම් දිමට හේතුව කුමක්ද යන්න අපිටත් අවබෝධයක් නෑ… ” යනුවෙනි. ඒ අනුව ඉතාම පැහැදිලිව උපුල් රෝහණ නැමත්තා කරුණු සොයා බැලිමකින් තොරව ඇතැම් මාධ්‍යවලට සහ සමාජ ජාල සදහා Voice Cut සපයන්නේකු බවය. වගකිමක් සහිත සභාපතිවරයෙකු නම් ඔහු පලමුව කලයුතුව ඇත්තේ ඒ පිළිබඳව සොයා බැලිමය.
අනිත් අතට ලංකාව ඉතා භයානක තත්ත්වය සිටින බව පුලු පුලා කිම හරහා ඔහුගේ උත්සහය හොදින්ම පැහැදිලි වේ. රට භයානක අනතුරක ඇත්නම්,වගකිවයුතු කණ්ඩායම සභාපතිවරයෙකු නම් ඔහු කල යුත්තෙ තමන් ප්‍රකාශ කරන කරුණු සම්බන්ධයෙන් හොදින් දැන ගෙන කතා කිරිමය. එසේ නොමැතිව කවුරුන් හෝ කී දෙයක් මාධ්‍ය ඉදිරියේ කියා හවසට රූපවාහිනියේ තමන්ගේ කතාව යන අකාරය බලා සතුටු විම නොවන බව උපුල් රෝහණට තෙරුම් යා යුතුය. කොරෝනා වසංගත ආරම්භයේ සිටම අවස්ථා ගණනාවකදි උපුල් රෝහණ නැමැත්තා තමන්ගේ වගකිම් සහ තමන් සභාපතිකම දරණ කණ්ඩායමේ වගකිම් ඉටුකිරිම වෙනුවට තැන තැන විවිධ කතා කියමින් ඇවිදින්නෙකු ලෙස ප්‍රසිද්ධය.
වසංගතට අවසන් කිරිමට සෞඛ්‍ය අංශ,ආරක්ෂක අංශ සහ රටේ උගත් බුද්ධිමත් ජනතාව කටයුතු කරන අවස්ථාවක,එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන ආණ්ඩුවද මේ අකාරයේ ප්‍රකාශ නිකුත් කරන්නන් සම්බන්ධයෙන්ද වහාම පියවරක් ගත යුතුව ඇත.
උපුල් රෝහණගේ මාධ්‍ය ප්‍රකාශය ඔබටද නැරඹීමට හැක….
best prices for generic cialis tadalafil 20mg
ivermectin lotion stromectol for sale
generic cialis dapoxetine tadalafil 20mg best price
5mg cialis cialis
https://cipro.best/# п»їcipro generic
https://cipro.best/# cipro
https://gabapentin.icu/# neurontin brand name 800mg