counter hit xanga
October 26, 2021

මේ කවුද? මොනවද කරන්නේ?

Last Updated on May 21, 2021 by Panduka Herath

කොරෝනා සහ Port City සටන අස්සේ සරත් ලා අතර සටනද අලුයට ගිනීමෙන් සැම විටකම මතුවෙමින් යටවෙමින් තිබේ.අද පාර්ලිමේන්තුවේද සරත් Vs සරත් සටන ඇවිලෙමින් ෆොන්සේකා විරසේකරට දිගින් දිගටම පහර දිමට කටයුතු කර තිබේ. විරසේකරගේ ප්‍රධාන තර්කය වන්නේ ෆොන්සේකා හමුදාව ජාත්‍යන්තරය හමුවේ පාවාදිමට කටයුතු කල බවයි.රණවිරුවන් නිදහස් කිරිමට වත්මන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග සහ 2009 යුද්ධය අවසන් විමත් 2010 වසරේ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් විම සදහා ෆොන්සේකා මහතා තොරාගත් කදවුර මෙන්ම අදත් ඔහු නියෝජනය කරන කදවුර පිළිබඳව සලකා බැලුවිට විරසේකර මහතාගේ කතාවේ වරදක්ද නැත.

අදත් සරත් ෆොන්සේකා තවත් කතාවක් කිවේය….

1988-89 කාලයේ දී යුද හමුදාව විසින් තරුණයන් අල්ලාගෙන ගොස් අධෝ මාර්ගයේ කටුකම්බි ගැසූ බවයි.සමහරවිට ෆොන්සේකා මේ කතා කියන්නේ කටට එන නිසාද යන්න සමහරුන්ට සිතන්නට හැකිය.2010 ජනාධිපතිවරණ සමයේ ප්‍රසිද්ධියේ “කලවැද්දා” යැයි ඇමතිම මෙන්ම සුදුකොඩි කතාවද ඊට හොදම උදාහරණ වේ. නමුත් එය සැම විටම නිවැරදි නොවේ.වරින් වර ෆොන්සේකා පාර්ලිමේන්තුව තුල පවා මේ අකාරයේ කතා මතුකරන්නේ ඇයි.?

ෆොන්සේකා කියන දෙවල් රටෙ මිනිසුන් දන්න කරුණු බව ඇතැමුන්ගේ මතයයි නමුත් සමාජ මතය වුවද අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ කටින් ප්‍රකාශ විම සමානයකරණයට ලක්කල නොහැක.අනිත් අතට වසර 12කට පසුත් රාජපක්ෂලා සියලුම දෙනා යුධ ජයග්‍රහණය සම්බන්ධයෙන් සිදුකල සියලුම කතා වලදි ෆොන්සේකා මතක් කිරිමට තරම්නි හතමානී වුවද ෆොන්සේකාට වෘත්තීය කුහකත්වයක් ඇති බව ඔහුගේ ප්‍රකාශ වලින් මනාව පැහැදිලි වේ.

2010 අශුද්ධ සන්ධානය….

2010 දී ෆොන්සේකා ඉදිරිපත් කළ එජාප- ජවිපෙ- ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය 2015 දී සිරිසේන ඉදිරිපත් කළේය. 2010 වැරදුණු කුරුමානම 2015 ලබාගත්තේය. 2015 දි බෙදුම්වාදී,අන්තවාදින් සමග තිබු සබඳතාවය උච්චතම ස්ථානයකට පැමිණිම සනිටුහන් වුයේ 2019 අප්‍රියෙල් 21 ප්‍රහාරයයි.

2010 සහ 2015 එජාපය සමග සිටි ද්‍රවිඩ ජාතික සන්ධානයද 2015 ට සාපේක්‍ෂව අද දුර්වලය. 2015 අගෝස්තු මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු ආසන දෙකක් සමග 16 ක පාර්ලිමේන්තු කණ්ඩායමක් පිහිටුවීමට ආර්. සම්පන්දන් සමත් විය. අද ඉන්නේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකි.ද්‍රවිඩ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමැතිව සිට දැන් වෙනම පක්ෂයක් හරහා පාර්ලිමේන්තු ආ සී. වී. විග්නේශ්වරන් අදටත් TNA නායකත්වය සමග විරසකය.

කෙසේ වෙතත් කොටි සංවිධානය කම්මුතු කළ ෆොන්සේකා වෙනුවෙන් 2010 දී ද්‍රවිඩ ජාතික සන්ධානය උතුරේ සහ නැගෙනහිර මැතිවරණ ව්‍යපාරයේ යෙදුණේය. ෆොන්සේකා උතුර- නැගෙනහිර දෙපළාතේ සියලූම පරිපාලන දිස්ති‍්‍රක්කවල මහින්ද රාජපක්‍ෂට වඩා වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගත්තේය. ආර්. සම්පන්දන් කරනු ලබන යුද අපරාධ චෝදනා සියල්ල කුණු බක්කියට වැටුණේ ද්‍රවිඩ ජනතාව ෆොන්සේකාට ඡන්දය දුන් දිනයේදීය. 2010 ජනවාරි 26 දින දහවල් වනතුරු ෆොන්සේකා ඡන්දය පාවිච්චි කිරීමට ලියාපදිංචි වී නොමැති බව ඡන්ද දායකයෝ දැන සිටියේ නැත.

ඇත්තටම 2010 ජනාධිපතිවරණයේදි ද්‍රවිඩ ජාතික සන්ධානය සරත් ෆොන්සේකා වෙනුවෙන් එලිපිට පෙනී සිටිමට සුදානමක් තිබුනේ නැත.අනිත් අතට ෆොන්සේකාට උතුරේ ජනතාවගේ සහය ලබාදිමට ආර්. සම්පන්දන් ෆොන්සේකාට කැමත්ත පලකලේද මැතිවරණයට හරියටම දින් 10ක් තිබියදිය. ඒ සදහා ද සතියක පමණ කාලයක් දෛනිකව සාකච්ඡා කිරිමට සිදුවිය. අවසානයේ ෆොන්සේකාට සහය දෙන්න TNA එකඟ විය. ඒ සදහා කොන්දේසි 22කින් යුත් ගිවිසුමකට අත්සන් තැබිමට අවශ්‍ය බව ද්‍රවිධ ජාතික සන්ධාන නායකයා යෝජනා කල අතර මැතිවරණ කටටම පැමිණ සිටි ෆොන්සේකාට එම කොන්දේසි කියවා තේරුම් ගැනිමටත් කාලයක් නොතිබු අතර පිටු 7ක පමණ එම ගිවිසුමට අත්සන් කර දැමු අතර එම ගිවිසුමේ සාක්ෂිකරුවන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් හංසයා පක්ෂයේ ප්‍රබලයෙක් අත්සන්ත බා තිබේ.

අදාළ කොන්දේසි සහිත ගිවිසුමද මා සතුව ඇති මුත් අප එය අනාගතයට අනාවරණය කිරිමට කටයුතු කරන බව සදහන් කර තබමු.නමුත් එහි පලමු කොන්දේසි ව තිබුනේ සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයෙන් ජයගෙන පිහිටුවන ආණ්ඩුව හරහා එක්සත් ජාතික පක්ෂය පිලිගෙන තිබේන ෆෙඩරල් යාන්ත්‍රනය දියත් කිරිම සදහා කඩිනමින් කටයුතු කලයුතු බව සදහන් කර තිබු බව සටහන් කර තබමු.

මැයි 5 වැනිදා පාර්ලිමේන්තුවේ සරත් Vs සරත් ගැටුම!

දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා නැවත වරක් ජාතිය සහ හමුදාව පාවා දීමේ ප්‍රකාශයක් කළේ යැයි අමාත්‍ය සරත් වීරසේකර මහතා කළ ප්‍රකාශයක් මුල් කරගෙනය.

සරත් වීරසේකර: “මිරුසුවිල් සිද්ධිය සම්බන්ධයෙන් සුනිල් රත්නායක රණවිරුවාට නිදහස දුන්න එක සම්පූර්ණයෙන් වැරදියි, ඒ චෝදනාව ලැබූ සියලු ම සෙබලුන් හිරේ දැමිය යුතුයි කියලා, හිරේ නොසිටීම ගැන පුදුමයෙන් සිටිනවා කියලා කියනවා. මේ ඝාතන කවුරු කළත් කතානායකතුමනි, අපි ඒක හෙළා දකිනවා.”

සරත් ෆොන්සේකා: “යුද්ධ කරා කියල රණවිරුවෝ කියල ඔබතුමා ඇඳපු නිල ඇඳුමට ලැජ්ජ කරන්න එපා. මිනී මරන්න බෑ. මිනී මරන්න බෑ. මිනී මැරුවොත් අනිවාර්යෙන් සුනිල් රත්නායක නෙවෙයි තමුන්නාන්සේ කරා නම් කරන්නාගොඩ කරා නම් හිරේ යන්න ඕනේ. එල්ලුම් ගස් යන්න ඕනේ. ඒක හමුදාව පාවා දීමක් නෙවෙයි.”

ඊට පිළිතුරු දෙමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ ය.

“තමුන්නාන්සේ මේ දන්න නැති දේවල් කතා කරන්න එපා. බොරුවට වීරයෙක් වෙන්න හදන්න එපා. හරි ද? යුද්ධ අපරාධ කළා නම් හරි කරපු නැති දේවල් කියන එක තමා මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. කරපු නැති දේවල් කියල තමයි තමුසේ නිකන් වීරයෙක් වෙන්න හදන්නේ. එහෙම කතා කරන්න එපා.”

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මෙලෙස කිසිදු හේතුවක් නොමැතිව සහ කිසිදු උසි ගැන්වීමකින් තොරව ප්‍රකාශ සිදු කරන්නේ ඩොලර්වලට බවත් පසුගිය ජනාධිපතිවරණයේදී රුපියල් කෝටි එකහාමාරක් සහ ඩොලර් ලක්ෂ 527,000ක් මුදලක් සරත් ෆොන්සේකා මහතාගේ නමට තිබු බවත් එම අවස්ථාවේදී අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරණයට මුදල් ගලා ආ බව ෆොන්සේකාද පිලිගනී.

එසේනම් සරත් වීරසේකර කරන චෝදනා සත්‍ය නම් ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදුවිය යුතුය. සරත් ෆොන්සේකාද විරසේකරට එරෙහිව චෝදනා කිහිපයක්ම කලේය නමුත් ඒ අතර හමුදාව පාවාදීම සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නොවිමද විශේෂත්වයකි.

— නිර්ණාමික ලියුම්කරු—