Last Updated on April 18, 2021 by Desman Chathuranga
වරාය නගරයේ ඉඩම්වල අයිතිය සියයට සියයක්ම ඇත්තේ රජය සතුව බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පෙන්වා දෙනවා. වරාය නගර පනත් කෙටුම්පත පිළිබද නීතිමය පසුබිම පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවකට අද(18) එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ වෙනත් අයෙකුට භූමි භාගයක් දුන් බවට කරන ප්‍රකාශයන් සියල්ලම සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
“ලෝකයේ ආයෝජකයෝ බලන දර්ශක 2ක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාර කරන්න වඩාත් සුදුසු රටවල් කොහෙද කියලා බලනකොට අපි ඉන්නේ 99 වන ස්ථානයේ. ඒ කියන්නේ තවත් රටවල් 98ක් පහුකරලා අපි එන්න ඕනේ. ඒ වගේම ගිවිසුමක් සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවුණාම අධිකරණ ක්‍රියාවලියට ගියාම අපි ඉන්නේ 165 වන ස්ථානයේ. ඒ නිසා අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න ඕනේ ආයෝජකයා ලබාගන්න. මේ ආයෝජන කළාපය සම්පූර්ණ ප්‍රමාණය හෙක්ටයාර 269යි. හෙක්ටයාර 91ක් පොදු පහසුකම් සඳහා. ඒවා දෙන්න බෑ. හෙක්ටයාර 116ක් (43%) ව්‍යාපෘති සමාගමට. 2013 ඔවුන් තමයි බිලියන 1.4ක් වියදම් කරලා මේක දියුණු කළේ. නැත්නම් අපිට තාම තියෙන්නේ මුහුදෙ කොටසක් විතරයි. සියයට 23ක් රජයේ කොටස්. හැබැයි මේ 100%ම රජයට අයිති, රජය තමයි අයිතිකාරයා. වෙන කාටවත් භූමි භාගයක් දුන්නා කියන එක සම්පූර්ණයෙන්ම බොරු.”
අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කල සම්පූර්ණ පැහැදිලි කිරිම නරඹන්න
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි