Last Updated on June 9, 2021 by Desman Chathuranga
ජිවිතයට තර්ජන ඇති බවට කල පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ පරීක්ෂණ කොටිඨාසයට අද (09) පැමිණි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පැය 6ක පමණ ප්‍රකාශයක් ලබාදි පිටව ගොස් තිබේ.
චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායන නීති කඩකරමින් කොළඹ Shangri-La හෝටලයේ පැවැත් වූ උපන්දින සාදය සම්බන්ධයෙන් හිරු ටී. වී. නාළිකාවේ සළකුණ වැඩසටහනේදී ප්‍රශ්න කිරීමෙන් පසුව තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බවයි චමුදිත සමරවික්‍රම මහතා ලිඛිත පැමිණිල්ලක් කර තිබුනා. ඒ අනුව ඊට අදාළව ප්‍රකාශයක් ලබාදිම සදහයි ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ කොටිඨාසයට පැමිණ ඇත්තේ.
සවස තුනට පමණ කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට ගිය චමුදිත සමරවික්‍රම මහතා එයින් පිටව ගොස් ඇත්තේ රාත්‍රී 9ට පමණ වන අතර ඔහුට එරෙහිව මරණ තර්ජනය කල පුද්ගලයන් සම්බන්ධයෙන් නම්,ගම් සහිත්ව අනාවරණයක්ද කර තිබේ. එම අනාවරණයන්ට අදාළ ලේඛන කිහිපයක් ඉදිරි දින කිහිපය තුලදි ලබාදිමට කටයුතු කරන වද චමුදිත සදහන් කර තිබේ.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි