counter hit xanga
February 3, 2023

Shangri-La ගිය කළා පවුලේ සමාජිකයා!

Last Updated on June 3, 2021 by Desman Chathuranga

සංචරණ සිමා පවතින කාල සිමාව තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ Shangri-La හෝටලයේ 1005 කාමරයේ රුපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ පැවැත්වු උපන් දින සාදයට සහභාගි ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කරමින් සිටින බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

හෝටලයේ CCTV දර්ශන පරීක්‍ෂාවෙන් මෙම පුද්ගලයන් හදුනාගත් බවත් කොළඹ මධ්‍යම දූෂණ විමර්ෂණ ඒකකය පරීක්‍ෂණ පවත්වමින් සිටින බවත් එම ආරංචි මාර්ග සදහන් කරනවා.

Shangri-La හෝටලයේ කළමනාකරුවකුගෙන් අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන්කර ගැනිමට කටයුතු කර ඇති අතර සාදය පැවැති දිනයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයාගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනිමට නියමිත බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

සාදයට සහභාගි වු 15 දෙනෙකු පමණ මේ වනවිට නීරෝධායනය සදහ යොමුකර තිබෙන අතර සාදය සංවිධානය කල රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණීයක වන පියුමි හංසමාලි යන අය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත පලමුව මුදා හැරිමට අධිකරණය කටයුතු කරනු ලැබුවා.

අදාළ ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාව සම්බන්ධයෙන් සමාජ ජාලවල විවිධ මත පලව තිබු අතර ප්‍රකට කලාකරුවෙකු වන ජැක්සන් ඇන්තනීගේ දියණිය වන මාධවි වත්සලා සම්බන්ධයෙන් එහි සදහන්ව තිබු අතර ඊයේ නිරෝධායනයට රැගෙන යමින් සිටි පිරිස අතර කිහිප දෙනෙකුද මාධවිගේ නම සදහන් කර තිබුනා.

මේ අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා උපන්දින සැමරුම පැවැත්වීමට අවසර ලබාදුන් කොළඹ Shangri-La හෝටලය සම්බන්ධ විමර්ශන කොළඹ කොටුව පොලීසියෙන් ඉවත් කර කොළඹ අපරාධ කොට්ඨාසයට CCD බාරදී ඇතැයි පොලිස් මුලස්ථානය නිවේදනය කරනවා.