Last Updated on June 19, 2021 by Panduka Herath
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අදාල පොලිස් නිලධාරීන්ට එරෙහි චෝදනාපත්‍ර රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලබාදි තිබේන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ එම චෝදනාපත්‍ර ඉදිරියේදී අදාල නිලධාරීන්ට බාර දිමට කටයුතු කරන බවයි.
‘ඔවුන්ට විරුද්ධව විමර්ශනයක් කරලා ගිය අවුරුද්දෙද කොහෙද පොලිස් කොමිසමට බාර දීලා තියෙනවා. පොලිස් කොමිසම අහෝසි වෙනකොට ඒක රාජ්‍ය සේවා කොමිෂන් සභාවට බාර දීලා තියෙනවා. ඊයෙ පෙරේදා වෙනකොට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් චෝදනාපත්‍ර පොලිසියට ලැබිලා තියනවා. ඔවුන්ට අපි ඒක යොමු කරනවා.’
පාස්කු ප්‍රහාරයට අදාලව වගකීම් පැහැර හැරීම ගැන ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝගය අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් කළ මූලික පරීක්ෂණයක් පැවැත්වූ අතර එහිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු අට දෙනකුට එරෙහිව ලබා දිය යුතු චෝදනාපත්‍ර කෙටුම්පත් කර ජාතික පොලිස් කොමිෂන් සභාවට පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී යොමු කර තිබුනා.
More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!