counter hit xanga
October 21, 2021

කාගේද මේ ගෑස් සෙල්ලම! Video

Last Updated on July 2, 2021 by Panduka Herath

ලංකාවට ගෑස් ආනයනය කර බෙදාහරිනු ලබන රාජ්‍ය අංශයේ සමාගම වන Litro Gas සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 160ක් ගෙවන බව අනාවරණය වි තිබේ. මෙහි ඇති පුදුමය නම් පෞද්ගලික අංශයේ සමාගමක් වන Laugfs Gas සමාගම මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 35ක් පමණක් ගෙවිමයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේ යොමු කළ ප්‍රශ්නයකට අනුව එම තොරතුරු අනාවරණය වි තිබේ.පසුගිය 22 දා මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නය යොමු කර තිබිණි.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී ‘ලාෆ්ස් සමාගම ආසන්න වශයෙන් ඩොලර් 35කට ආනයනය කරන කොට තමුන්නාන්සේලා ආනයනය කරලා තිබෙන්නේ ඩොලර් 120කට’ යනුවෙන් ප්‍රශ්ණ කර තිබේ.

එම ප්‍රශ්නයට පිළිතුරු දුන් සමුපකාර, රාජ්‍ය සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න විසින් පිළිතුරු දෙමින් සදහන් කර ඇත්තේ

ලාෆ්ස් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් ආනයනය කරන මිල ඇමෙරිකානු ඩොලර් 35ක් , ලිට්‍රො සමාගම ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 120ක් නොව, 160ක් වැයකරන බවයි.

එම පිළිතුර අනුව පෞද්ගලික සමාගම මෙට්‍රික් ටොන් එකක් සඳහා වැය කරන මුදල මෙන් සිව්ගුණයකට වැඩි මිලක් රාජ්‍ය සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා ගෙවන බව හෙළිවී තිබේ.

පාර්ලිමේන්තුවේ සිදුවු ප්‍රශ්ණ කිරිම බලන්න