counter hit xanga
March 26, 2023

හරීන්,රනිල් හමුවේන් සබජයේ කැළඹීමක්! හරීන් රෝහල් ගියේ ලක්ෂ 88ක මුල්‍ය අක්‍රමිකතාව නිසාද?

Last Updated on April 28, 2021 by Desman Chathuranga

එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට ගොස් රෝහලේ සිදුකල බව කියන සාකච්ඡා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් බවට පත්ව තිබේන බව ecast දේශපාලන වාර්තාකරු සදහන් කරනවා.

පසුගිය රජය මගින් ක්‍රියාත්මක කර අසාර්ථක වූ ගූගල් ලූන් ව්‍යාපෘතිය සඳහා රු. ලක්ෂ 88ක මුදලක් වැය කර ඇති බවත් මෙම මුදල් ගෙවීම නිසි ලෙස ගිණුම්ගත කර නොමැති බවත් ඇතැම් ගනුදෙනු සඳහා නිසි අවසරය ගෙන නොමැති බවත් ICTA ආයතයේ ප්‍රධානීන් කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේ කෝප් කමිටුව හමුවේ සිදු වු අනාවරණය සම්බන්ධයෙන් හරීන් මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කර තිබේන අතර ඊට අධිකරණ ක්‍රියාවලියක් සිදුවන බවටද රනිල් දැනුවත් කර තිබේන බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.

රෝහලෙන් ඉවතට පැමිණි අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහත මාධ්‍ය හමුවේ කල අපහැදිලි අදහස් දැක්විම් වලද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ වි තිබේ. (රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස් දැක්විම පහතින් බලන්න )

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන කරුණු විමසීමත් ඔහුට තම සහය පල කිරීමත් වික්‍රමසිංහ මහතාගේ ගමනේ අරමුණ වී තිබෙන බව මාධ්‍යයට අනාවරණය කලද තමා අත්අඩංගුවට ගැනීමට සුදානම පිලිබඳ තොරතුරු එහිදී හරීන් ප්‍රනාන්දු මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති අතර ඒය නතර කර ගැනිම සදහා අවශ්‍ය මැදිහත් විම් සිදුකරන ලෙසද හරීන් රනිල්ගෙන් ඉල්ලා ඇති බවයි එජාප දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.

එම හමුවේදි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අතර පැයක පමණ සාකච්චාවක් පවත්වා ඇති අතර එහිදි සාකච්ඡා කල කරුණු සම්බන්ධයෙන් හරීන් කිසිවෙකුත් දැනුවත් කර නෑ.

ඒ අනුව හරීන් හදිසියේ රෝහල්ගත විමත් ,තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇති හෙයින් එය වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරිමත් පසුපස ඇත්තේ ICTA ආයතනය හරහා සිදුවු ගණුදෙනු වල ඇති අක්‍රමිකතා සහ ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කටයුතු කිරිම නිස බව ඉතා පැහැදිලිය.

SJB අවුල!

මේ අතර හරීන්-රනිල් හමුව සාකච්ඡාවක් දක්වා ගමන් කිරිමත් ඔහු දෙදෙනාට පමණක් මුණගැසීමට අවස්ථාව හිමිවිමත් සම්බන්ධයෙන් SJB මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවි කරුණු කියා තිබේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක් කිරිමේ මෙහෙයුමක නිරතවි සිටින හරීන් ඒ හරහා ජාතික නායකත්වයක් ගොඩනඟා ගැනිමේ සුදානමක් තිබේන බවයි සජිත් හමුවු මන්ත්‍රීවරුන් පෙන්වා දි ඇත්තේ. ඒ වෙනුවෙන් හරීන් – රනිල් සමග සමීපව කටයුතු කරමින් සිටින බවත් යම් මොහොතක ඔහුගේ අරමුණ වෙනුවෙන් කටයුතු කරනු ඇති බවද පෙන්වා දි තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේදී එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරින් ප‍්‍රනාන්දු මහතා අතර හමුවක් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිවසේදී සිදුවු අතර රටේ පොදු කාරණාවලදී එක්සත් ජාතික පක්‍ෂය සහ සමගි ජල බලවේගය එක්ව කටයුතු කිරීමට එකගතාවක් ඇති කර ගැනිම මෙම් සාකච්ඡාවේ අපේක්ෂාව බව හරීන් සදහන් කලද එය වෙනත් දේශපාලන අරමුණක් සහිත ගමනක් වෙනුවෙන් සකස් වු එකක් බවයි.

“මට රනිල් වික්‍රමසිංහ මුණ ගැසුණා. මම මගේ නායකයාට කිව්වා මම ඔහුව මුණගැසීමට යන්නේ ඔහුට කතාබස් කිරීමට සහ අපට එකට වැඩ කළ හැකි ආකාරය බැලීමට අවශ්‍ය නිසා බව . අපගේ මහලේකම්වරයා සංවාදයක් විවෘත කර තිබේ” සාකච්ඡාවෙන් පසුව් හරීන් කිවේය.

එළඹෙන ජූලි මාසයේදී මුල් දින කිහිපයේදී ස්ථිර ලෙසම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට අයත් ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දිමටද සුදානමින් සිටි.