counter hit xanga
October 26, 2021

නීතිපතිගේ කතාව ගැන දැනගන්න පොලිස් ඇමති CID යයි!

Last Updated on May 16, 2021 by Panduka Herath

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින, ‘ඒ’ කාණ්ඩයේ සැකරුවන් 42 දෙනෙකු සම්බන්ධයෙන් සාක්ෂි සහ තවත් සැකකරුවන් 05 දෙනෙකුට එරෙහි විමර්ශන පිළිබඳව විමර්ශන අසම්පූර්ණ බව පවසමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයා වෙත යොමුකල ලිපිය සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.

2019 අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසීමක් කර පිටු 130 ක ලේඛනයක් පොලිස්පතිවරයාට ඊයේ (15)වැනිදා යවා තිබුනා.

අද (16) උදැසන අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව වෙත පැමිණි අමාත්‍යවරයා සදහන් කළේ අවසන් මොහොතේ නීතිපතිවරයා මෙහෙම ප්‍රකාශයක් කලේ ඇයි ද යන්න තමන්ට දැන ගැනිමට අවශ්‍ය වු බවයි.

තමන් දන්නා පරිදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය පරිදි සියලුම කටයුතු සිදුකර තිබු බව සදහන් කල අමාත්‍යවරයා එහි යම් අඩුපාඩුවක් තිබේද යන්න දැනගැනිම සදහා විශේෂ වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේන් ඉල්ලා සිටි බව බවයි. අදාළ වාර්තාව අද සවස හෝ හෙට උදෑසන ලැබෙනු ඇති බවටද විශ්වාසය පලකර සිටියා. නීතිපතිවරයා විශ්‍රාම ගියද නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය විශ්‍රාම නොයන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉතා ඉක්මනින්ම පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් නීතිය හමුවට ගෙන එන බවද අවධාරණය කළා.