counter hit xanga
March 26, 2023

විමල් පැන්න හේතුව මෙන්න!

Last Updated on March 8, 2022 by Desman Chathuranga

ආණ්ඩුවේ බහුතර බලය අහිමි විම වැලැක්වීම තමන් ඇතුලු කණ්ඩායමේ එකම අරමුණ බව පසුගියදා ඇමති තනතුරෙන් ඉවත් වු විමල් විරවංශ පවසා තිබේ. අප විශේෂ දේශපාලන වාර්තාකරු සමග සිදුකල සාකච්ඡාවකදී විමල් සදහන් කර ඇත්තේ සජිත්ට හෝ රනිල්ට පාර්ලිමේන්තුව තුල බහුතරය හිමිවිමට ඉඩක් නිර්මාණය වෙමින් තිබු බවයි.

ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් පසුපෙල සහ නවක මන්ත්‍රීවරුන් රටේ පවතින තත්ත්වය හමුවේ ආණ්ඩු විරෝධී දිශාවට ගමන් කරමින් සිටි බවත් ඒ සදහා ආණ්ඩුවේම ඇතැම් බල ලෝභීන් සහය දෙමින් සිටි බවද විමල් අනාවරණය කර තිබේ. තමන් මේම තීන්දුව ගැනිම සදහා අවස්ථා කිහිපයකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කල බව සදහන් කර ඇති විමල් ඔහුගේ අනුදැනුම මත තමන් මේ ගමන යන බවද සදහන් කර තිබේ.

මිට අමතරව රටට හිතකර නොවන අන,පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අවස්ථාවලදි එවා සම්මත කර ගැනිම සදහා 2/3ක බලය පාර්ලිමේන්තුව තුල හිමි නොවන අකාරයට තමන් ඇතුලු කණ්ඩායම හැසිරෙන නමුත් කිසිම මොහොතක බහුතරය අහිමි විමට ඉඩ නොතබන බවද ඔහු සදහන් කර තිබේ.

කෙසේවෙතත් විමල් ආණ්ඩුවේන් සහ පොදුජන පෙරමුණ සහිත සන්ධානයෙන් ඉවත් කිරිමට කුමන්ත්‍රණයක් දියත් වන්නේද යන්න අප විශේෂ දේශපාලන වාර්තාකරු කල ප්‍රශ්ණ කිරිමේදි විමල් සදහන් කර ඇත්තේ “තමන්ට කෙලවන්න ගිය බොහෝ දෙනෙකුට සිදුවු දේ ගැන තමන් කතා කිරිමට අකමැති බවයි.”