Last Updated on June 6, 2021 by Desman Chathuranga
කාන්තාවක් තම අසල්වැසි පිරිමියෙකුට “Kohomada Sudu” (කොහොමද සුදු) යනුවෙන් යැවු SMS පණිවිඩයක් හේතුවෙන් හටගත් ගැටුමක් දුරදිග ගොස් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේන බව වාර්තා වේ.
බහින්බස් විම දුරදිග යැමෙන් දෙපාර්ශවයේම ස්වාමිපුරුෂයන් දෙදෙනාම පිහියෙන් ඇනුම් තුවාල සහිතව රෝහලගත ව ඇති බවයි කොළඹ ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේ. බොරැල්ල ප්‍රදේශයේ අදාළ සිදුවිම සිදුව තිබේ. SMS පණිවිඩය යවා තිබු කාන්තාවගේ ස්වාමියා අසල්වැසියාගෙන් තම බිරිඳ සමඟ කිසියම් සම්බන්ධයක් ඇත්දැයි ප්‍රශ්න කර තිබේන අතර පසුව එය පාදක කරගනිමින් පවුල් දෙකේම සියලු සාමාජිකයන් අතර ගැටුම ඇති වි තිබේ.
එක් කාන්තාවකගේ දුරකතනයෙන් තම අසල්වැසියාට කෙටි පණිවුඩයක් ගොස් ඇති අතර පසුව කල සොයා බැලිමෙදි එම කාන්තාව තම ස්වාමිපුරුෂයාට පවසා ඇත්තේ කෙටි පණිවුඩයක් වැරදීමකින් යවා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරි පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවියද සිය Facebook හි මේ අකරයට සටහනක් තබ තිබුනා.

More Stories
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
පුංචි ඡන්දය නිරීක්ෂණයට කණ්ඩායම් 4කට අවසර