Last Updated on April 18, 2021 by Desman Chathuranga
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සමබන්ධයෙන් පක්ෂය විසින් විනය පරීක්ෂණ සිදුකරනු ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රඹුක්වැල්ල මහතා සදහන් කළේ විජයදාස රාජපක්ෂ මහතා විටින් විට පක්ෂ මාරු කරමින් කටයුතු කරන අයෙක් බවත් පොදුජන පෙරමුණේ ක්‍රමවේදය මත ඔහු පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගනු ඇති බවයි.
කොළඹ වරාය නගරය වෙනම රටක් බවට පත්වීමේ අවධානමක් හටගෙන ඇති බවට ස්වාමින්වහන්සේලා කිහිප දෙනෙකු සමග එක්ව නාරහේන්පිට අභයාරාම විහාරස්ථානයේ 15 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාටද අපහස කරමින් ප්‍රකාශයන් කිහිපයක්ම සිදුකල අතර පසුව පසුදින කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප Port City Economic Commission කොමිෂන් සභා පනත් කෙටුම්පත ඇතුළු ආණ්ඩුවේ ඇතැම් තීරණ විවේචනය කරමින් තමන් කළ කතාවට ජනාධිපතිවරයා දුරකතනයෙන් බැන බැදුන බවට විජයදාස රාජපක්ෂ මහතා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කර තිබුනා.
උපුටා ගැන්ම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙනි…..
“අද (16) උදෑසන 9ට විතර අතිගරු ජනාධිපතිතුමා මට කතා කළා. දුරකතනයෙන් මම බලාපොරොත්තු වුණා. රටේ රාජ්‍ය නායකයා විදිහට අපේ රටේ රාජ්‍ය නායකයා කවුරු වුණත් අපි ගරු සරු ඇතිව ජනාධිපතිවරයෙකුට කතා කරනවා. බලාපොරොත්තු වුණා. එතුමාගේ දේශපාලන පරිනතභාවය අවබෝධය අඩු බව මම දන්නවා. ඒක නිසා මේ කතා කරන්නේ ඒ පිළිබඳව තිබෙන ගැටලු සාකච්ඡා කරලා අපි රටට යහපතක් වෙන විදියට කොහොමද මේක නිරාකරණය කර ගන්න ඔ්න කියලා අඩු ගානේ කතිකාවතක් ඇති කර ගන්න වෙන්න ඇති කියලා. නමුත් එතුමා කතා කරපු භාෂාව ඉතාමත්ම පහත් රාජ්‍ය නායකයෙකුට නොගැළපෙන ඒ වගේම මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලිව වෙවුලමින් එතුමා ඉතා පහත් මට්ටමින් මට කතා කළා. එම නිසා අකමැත්තෙන් නමුත් මටත් සිද්ධ වුණා. එතුමා ආමන්ත්‍රණය කරපු භාෂාවෙන් ම එතුමාට ප්‍රතිචාර දක්වන්න.. මේක ඉතාමත්ම නරක දෙයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට පත්කරලා ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ජනතාවගේ අයිතිය සුරකින්න.. ඉතින් එහෙම කතා කරපු එක වරදක් විදියට දකිනව නම් රටේ රාජ්‍ය නායකයෙක් අපි කොහොම ද මේ රට නිවැරදි තැනකට ගෙනියන්නෙ, ඒ එක්කම එතුමා වැරදි වැටහීමක් ඇතුව කතා කළා. මම බැසිල් රාජපක්ෂ මැතිතුමා ගැන කතා කළා. අද ඊයේ නෙමෙයි, හමදාම ඔහු ගැන ඔහු දූෂිතයෙක් කියලා ප්‍රසිද්ධියෙ කියනවා. ඊයෙත් කිව්වා. දැන් ඒක එතුමගේ දරුවන්ට ආරෝපණය කර ගෙන මම කියපු විදියට තමයි එතුමා කතා කළේ, මම කිව්වා ඒක වරදවා වටහා ගන්න එපා. දරුවො කිසිසේත් සම්බන්ධ නැහැ. පැහැදිලිවම මම කිව්වා. මම කිව්වෙ ඒ ගොල්ලන්ගෙ දරුවන්ට ජීවත් වීම සඳහා සුදුසු සුරක්ෂිත දේශයක් නිර්මාණය කරලා ඒ රටවල පුරවැසිභාවය ඇතුව ජීවත් වෙනවා. හැබැයි මේ වරාය නගරයේ ගිවිසුම මේ පනත සම්මත කිරීමෙන් පස්සෙ අපේ රටේ අහිංසක දරුවන්ට අනාගතේ ජීවත් වෙන්න රටක් නැතුව යනන් ලොකු අවදානමක් තියෙනවා. ඉතින් ඒවගේ කාරණයක් කීම. ඒක මාධ්‍ය යේ ප්‍රචාරණය කිරීම ඒක බරපතළ දෝෂයක් විදියට දැකලා. අවේගශීලිව, පහත් අකාරයට මන්ත්‍රීවරුන්ට මෙහෙ තර්ජනය කරනවා නම්, ඒක ඉතා බරපතළ කාරණයක් අපිටත් ජනාධිපතිවරයෙක් එහෙම තර්ජනය කරන කොට ජීවිත ගැන භයක් තියෙනවා. ඒ එක්කම පොලිස්පති තුමාට මේ පිළිබඳව මම දැනුම් දුන්නා. ඒ වගේම ලිඛිතව ඉදිරිපත් කරනවා කරුණු”
කැබිනෙට්ටුවට රිංගන විජයදාසගේ මෙහෙයුම
වත්මන් ආණ්ඩුව පත්වු දින සිටම අධිකරණ අමාත්‍ය ධුරයට ඇස ගසාගෙන සිටි විජයදාස රාජපක්ෂ ඒ වෙනුවෙන් ස්වාමින්වහන්සේලා කිහිප දෙනෙකු මෙහෙයවමින් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා නියෝජනය කරන ජාතිය පදනම් කර ගනිමින් විවිධ මෙහෙයුම් දියත් කල අතර පසුගිය මාස කිහිපය තුල රටතුල ඇතිවු විවිධ රැළි හේතුවෙන් එම විරෝධය මුළුමනින්ම යටපත්ව ගොස් තිබුනා. විජයදාස මන්ත්‍රීවරයාගේ උපක්‍රම වි තිබුනේ එම විරෝධය හරහා කෙසේ හෝ කැබිනට් අමාත්‍යධුරයක් හිමිකර ගැනිමයි. (මේ පිළිබඳව තොරතුරු රැසක් බලාපොරොත්තු වන්න)
මේ අතර විජයදාස රාජපක්ෂ මහතා වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට විරුද්ධව කතා කරන්නේ, ඔහුට ඇමති ධූරයක් නොලැබුණු නිසා බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ….
“විජයදාස රාජපක්ෂ ඊයෙ මේ කරපු ප්‍රකාශය එතුමා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමාට තිබ්බා ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට ඇවිල්ල මේක ගැන අහන්න. දැන් මේක පාර්ලිමේන්තුවට තාම අපි ඉදිරිපත් කරල නෑ.”
“එතුමට කවුරුහරි වැරදි තොරතුරක් දීලා සමහර විට විවිධ පුද්ගලයන් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාට අමාත්‍ය ධූරයක් ලැබෙන්න ඔ්න. ඒක අපි පිළිගන්නවා. එතුමාට අමාත්‍ය ධූරයක් නොලැබීම පිළිබඳව එතුමාගෙ හිතේ ලොකු කනස්සල්ලක් තියෙනවා. ඒක සාධාරණයි. හැබැයි තමන්ට ඇමති ධූරයක් නොලැබුණා කියල නොදන්න භූතයෙක් හදල ඒක කරනවා නම් ඉතා ම අසාධාරණයි.”
වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත 13ට විරුද්ධ නෑ…
වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා දැනුවත් කර තිබේ.
නීතිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ කිසිදු තහනමකට හෝ පනවන ලද සීමා කීරීමකට අදාළ පනත් කෙටුම්පත පටහැනි නොවන බවයි. මේ සම්බන්ධයෙන් මීට පෙර ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා නීතිපතිවරයා දැනුවත් කරමින් යැවූ ලිපියකට පිළිතුර ලෙස නීතිපතිවරයා අදාල නිවේදනය නිකුත් කර තිබේ.
පෙත්සම් වැලක්
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ යන මහත්වරුන් , තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ඇතුළු පෙත්සම් 15ක් මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් අගවිනිසුරුවරයා විසින් නම් කර තිබේ.
ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා මේ විනිසුරු මඬුල්ල ලෙස පත් කර ඇති අතර, එම මඬුල්ල හමුවේ මේ පෙත්සම් ලබන 19 වැනිදා කැඳවීමට නියමිතව ඇත.
http://buystromectolon.com/ – stromectol cost
dapoxetina comprar online
hydroxychloroquine over the counter walgreens
[url=http://cheapdrugs.store/#]meds online without doctor prescription[/url]
tadalafil 20 mg buy online cialis pills tadalafil best price 20 mg
cialis without perscription canada pharmacy cialis pills
ivermectin 4 ivermectin brand name
viagra c20 cialis tadalafil
grapefruit juice and cialis cialis pills
https://cipro.best/# buy ciprofloxacin
https://withoutprescription.store/# buy prescription drugs from canada cheap
https://gabapentin.icu/# 2000 mg neurontin
stromectol for sale order stromectol over the counter
natural ed treatments online drug store
1 to 1 Hypotension priligy india