Last Updated on April 19, 2021 by Desman Chathuranga
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) දහවල් පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීම අතරතුර විවිධ කරුණු කියමින් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත්ව ගොස් ඇති බව ecast දේශපාලන වාර්තාකරු සදහන් කළා. විවිධ දේශපාලන කරුණු මතුකරමින් අදහස් දක්වා ඇති සිරිසේන මහතා අවසානයේ පක්ෂ නායක රැස්විමෙන් ඉවත්ව ගොස් තිබේ.
මේ අතර පක්ෂ නායක හමුව වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් සහභාගි වි නොමැති අතර ඔහු තමන්ට සහභාගි නොවිමට හේතුවක් ලෙස දක්වා ඇත්තේ එම හමුව සඳහා පක්ෂ නායකයන් නොව පිරිසක් ද පැමිණ සිටින බවයි.
කෙසේවෙතත් විමල් විරවංශ,උදය ගම්මන්පිල ඇතුලු සුළු පක්ෂ නායකයින් කිහිප දෙනෙකු අද පෙරවරුවේ අගමැතිවරයා හමුවී සුහද කතාබහක නියැලි ඇති අතර පසුව පක්ෂ නායක හමුවට සහභාගි විමට නොහැකි බව පවසමින් විමල් ඇතුලු කණ්ඩායම පිටත්ව ගොස් තිබේන බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.
පළාත් සභා මැතිවරණය ක්‍රමය සහ මන්ත්‍රීධුර බේදි යෑම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂය වන ‘පොහොට්ටු’ සහ ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්ෂ අතර පවතින මතගැටුම් නිරාකරණය කර ගැනීම මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් කල ඉල්ලිමකට අනුව මෙම පක්ෂයේ පක්ෂ නායක රැස්වීම කැදවා තිබු බවයි ecast දේශපාලන වාර්තාකරු සදහන් කළේ.
විමල් වීරවංශ, හිටපු ජනාධිපතිවරයා,උදය ගම්මන්පිල, ඇතුලු මන්ත්‍රී කණ්ඩායමේ ඇතැම් තින්දු තිරණ සම්බන්ධයෙන් ‘පොහොට්ටු’වේ පසුපෙල බහුතර මන්ත්‍රීවරුන්ගේ විවිධ චෝදනා එල්ල වෙමින් තිබේන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති,අගමැති ඇතුලු පක්ෂයේ ප්‍රධානින් දැනුවත් කිරිමට කටයුතු කර තිබේන බවද පසුගියදා වාර්තා වුනා.
stromectol for humans ivermectin tablets uk
https://withoutprescription.store/# how can i order prescription drugs without a doctor
https://gabapentin.icu/# neurontin 100mg cost
https://gabapentin.icu/# neurontin online