counter hit xanga
October 26, 2021

පැයක් ඇතුලත 5000ක් දිනා ගන්න! මෙන්න අවස්ථාව

Last Updated on June 5, 2021 by Panduka Herath

ජගත් පරිසර දිනය වෙනුවෙන් පැය 48ක කාලයක් තුල හොඳම පිරිසිදු කළ ගෙවත්ත තෝරා ඊට රුපියල් 5000ක ත්‍යාගයක් පිරිනමන බව පරිසර අමාත්‍යාංශය සදහන් කරනවා.

අපේ පරිසර පද්ධති සුරකිමු – Protect our Ecosystem මෙවර ජගත් පරිසර දින තේමාව ලෙස යොදා ගෙන ඇති අතර ‘හුස්ම පොදයි පරිසරයයි’ තේමාව යටතේ මෙම දෙදින (පැය 48ක කාලයක)පරිසර පිරිසිදු කිරිමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.ඒ සඳහා රටේ සියලුම ජනතාවට එක් වන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආරාධනා කර සිටි.

වර්තමානයේ අපේ රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා මහජනතාව එක් රැස් කර දැවැන්ත වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට අපහසු බැවින් අද (05), හා හෙට(06) දෙදින තුළ දීපව්‍යාප්තව නිවාස හා ගෙවතු පිරිසිදු කිරීම් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

‘හුස්ම පොදයි පරිසරයයි’ තේමාව යටතේ මෙම දෙදින (පැය 48ක කාලයක)පරිසර පිරිසිදු කිරිමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා රටේ සියලුම ජනතාවට එක් වන ලෙස ඇමැතිවරයා ආරාධනය කරයි.

ඒ අනුව අපි පැයෙන් පැය ,හොඳම පිරිසිදු කළ ගෙවත්ත තෝරා ඊට රුපියල් 5000ක ත්‍යාගයක් පිරිනමන අතර ඔබේ නිවසේ සිටින වැඩිහිටියන් සමග එකතු වී අවට පිරිසිදු කරන දර්ශන විඩියෝ කර ඉන් කොටසක් යොමුකිරිම අවශ්‍ය වේ.

දරුවන්, නිවසේ සිටින වැඩිහිටියන් සමඟ එකතු වී අවට පිරිසිදු කරන දර්ශන WhatsApp (0777600020) මගින් එවා හොඳම ගෙවත්ත පිරිසිදු කිරීමට හිමි ත්‍යාග සහ සහතික පත් දිනා ගැනිමට හැකියාව තිබේ. සැම පැයකටම ජයග්‍රහකයන් 3 දෙනෙකු තොරා ගැනිමට නියමිතයි.