Last Updated on June 12, 2021 by Desman Chathuranga
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ධුරයට ප්‍රථම වතාවට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියක පත්කර තිබේ.මෙලෙස නව තනතුරට පත්වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලයි මහත්මියයි.මෙම නව පත්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය හිමිවී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා.
ඉමේෂා මුතුමාලයි මහත්මිය 2007 ආධුනික සහකාර පොලිස් අධිකාරීවරියක ලෙස පොලිස් සේවයට බැඳී ඇති ඇය වසර 14ක සේවා කාලයක් ඇති නිලධාරිනියක්.
රුහුණු විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියත් විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධියත් ලබාගෙන ඇති ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල ඇමරිකා එක්සත් ජනපදයේ හවායි පොලිස් අභ්‍යාස ආයතනයේ අර්බුද කලමනාකරණය පිළිබඳ විශේෂ පාඨමාලාවක් ද හදාරා ඇති නිලධාරිනියක්.
එමෙන්ම ඇය තායිලන්තයේ බැංකොක් නුවරදී ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනය මගින් පවත්වන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පාඨමාලාවත් මැලේසියාවේ රාජකීය පොලිස් ඇකඩමියේ ප්‍රජා පොලිස්කරණය පිළිබඳ පාඨමාලාවත් හදාරා තිබෙනවා.
මීට අමතරව ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිස් ඇකඩමියේදී අන්තර්ජාල අපරාධ පිළිබඳ පාඨමාලාව ද හදාරා ඇති ඉමේෂා මුතුමාල නුගේගොඩ කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් නිෂ්කාශන වාර්තා ඒකකයේ ද රාජකාරී සිදුකර තිබෙනවා.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි