counter hit xanga
October 21, 2021

X-Press Pearl කපිතාන් හා කාර්ය මණ්ඩලයේන් ප්‍රකාශ ගැනිම හෙට!

Last Updated on May 30, 2021 by Panduka Herath

ගිනි ගැනීමට ලක්වූ X-Press Pearl නෞකාව පිළිබද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කළ පැමිණිල්ලකට අනුව නෞකාවේ කපිතාන් හා කාර්ය මණ්ඩලයේ ප්‍රකාශ ලබා ගැනීම හෙට (31) සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම කණ්ඩායමේ එක් අයෙකු කොවිඩ් -19 ඇති බව සොයා ගැනීමෙන් පසුව නෞකාවේ කාර්ය මණ්ඩලය මේ වනවිට නිරෝධායනයෙහි යෙදී සිටි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු පිලිබද සාකච්ඡා කිරීමට නීතිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් ද මේ වනවිට පවත්වා තිබේ.ඒ සදහා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සියලු රාජ්‍ය ආයතනවල සහ නාවික හමුදාපතිවරයාද සහභාගි වි තිබේන බව වාර්තා වේ.

මේ අතර ජාතික ජල සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය අද දිනයේත් නෞකාව ගිනි ගැනීම නිසා පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කළේය. ගින්න ආරම්භ වී ඇත්තේ දුර්වල ලෙස ඇසුරුම් කරන ලද නයිට්‍රික් අම්ල භාජනයක බව විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ සිදුකරමින් සිටි.

මේ අතර ගිනිගත් නෞකාවේ වත්මන් තත්ත්වය පිළිබද නීරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයට අයත් ගුවන් යානයක් ඊයේ පස්වරුවේ නිරීක්ෂණ කටයුතුවල නිරත විය.