counter hit xanga
October 21, 2021

X-Press Pearl දේශීය නියෝජිතයා අත්අඩංගුවට! Update: ඇප දෙයි!

Last Updated on June 16, 2021 by Panduka Herath

X-Press Pearl නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන Sea Consortium Lanka (Pvt) Ltd සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතාට ඇප ලබාදි තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියට ඉදිරිපත් කල ඒ මහතාට රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිරී ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කර තිබේ.

ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන්නැයි ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

X-Press Pearl නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන Sea Consortium Lanka (Pvt) Ltd සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

නැවේ ගින්න සම්බන්ධව පැවැත්වෙන විමර්ශන කටයුතුවලට අදාලව ප්‍රකාශයක් ලබාදීමට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණි අවස්ථාවේ ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ.

මෙම සමාගම නොසැලකිලිමත් කි‍්‍රයාවක් සිදුකළ බවට කරුණු අනාවරණය වී ඇති බැවින් සමුද්‍රීය ආරක්ෂන පනතේ ප‍්‍රතිපාදන ප‍්‍රකාරව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.