counter hit xanga
March 26, 2023

තරුණයා වරද පිළිගනී! සමාවත් ඉල්ලයි! ගිණුමට ඩොලර් එකතු කරන මිනී කාක්කන්ගෙන් ප්‍රවේශම් වනු!

Last Updated on April 30, 2021 by Desman Chathuranga

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල්වරයා කටුනායක සිට කොළඹට ආරක්ෂක රථ පෙරහරකින් පැමිණෙන අවස්ථාවේ ඔහුට සැපයූ ආරක්ෂාව අනතුරේ හෙළමින් පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් බොරැල්ල ප්‍රදේශයේදී අත්තනෝමතික ලෙස හැසිරුණු තරුණයා රජයෙන් සහ ආරක්ෂක අංශ වලින් අද සමාව ඉල්ලා සිටියා.

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හේ General Wei Fenghe ගුවන් තොටුපලේ සිට කොළඹට පැමිණෙමින් සිටින අතරතුර බොරැල්ල මංසන්ධියේ මාර්ගය වසා තිබිම හේතුවෙන් අනවශ්‍ය ලෙස කලබලකාරි තත්ත්වයක් ඇතිකල අදාළ තරුණයා ඊයේ පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අතර පසුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.අත් අඩංගුවට ගත් සැකකරු වසර 10 ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට මෙරට පැමිණ ඇති බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි පුද්ගලයෙක්.

එහිදි මහේස්ත්‍රාත්වරයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත තරයේ අවවාද කර ඔහුව මුදා හැරීම නියෝග කර සිටියේ පැමිණිල්ල නැවත මැයි 12 වනදා කැඳවීමට නියම කරමින්.

විනාඩි 10ක් වැනි සුළු කාලයකට පොලීසිය තාවකාලිකව මාර්ග වැසීමට ක්‍රියා කළේ එම ප්‍රභූන්ගේ ආරක්ෂක සදහා යැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය ඇප ලබාදෙමින් අතිරේක සඳහන් කළේ විදේශ ප්‍රභූවරයෙකු මෙරට සංචාරය කළ අවස්ථාවේ සිදු කළ මෙවැනි නොහික්මුණු ක්‍රියා අනූමත කළ නොහැකි අතර ඉන් රටට සිදු වන අගතිය සුලූ කොට තැකිය නොහැකි බවයි.

ඔහු තමන් කල වරද හදුනාගෙන එයට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලිමට තරම් නිහතමානි විය.එය ඇතැම් විට ඕස්ට්‍රේලියාව වැනි රටක වසර 10ක කාලයක් සිටිමෙන් ලැබු ශික්ෂණය විය හැක.නමුත් ඔහු මාධ්‍ය හමුවේ තමන්ගේ වරද පිළිගනිමින් සමාව අයැද සිටියදි පවා කුමක් හෝ කුණු ගොඩක් සොය ගැනිමට වෙසෙන මාධ්‍ය කුලීකරුවන් අර තරුණයාගෙන් අසා සිටින්නේ “සමාව ඉල්ලිම සදහා කවුරුන් හෝ බලපෑම් කලාද ” යනුවෙනි. කිසිදු පිළිතුරක් නොදිම නිහඩ්ව තරුණය ගමන් කිරිමෙන්ම ඔහු සත්‍ය වටහාගෙන තිබේන බව පැහැදිලිය.

සිද්ධිය සිදුවු දින රාත්‍රීයේ ආණ්ඩුවට පහර ගැසිමට් මානබලමින් සිටි අයට මෙම තරුණයාගේ අණුවන ක්‍රියාව වීර ක්‍රියාවක් විය.අඩුම තරමේ එම අවස්ථාවේ සිටි අනෙකුත් වාහන වල ගමන් ගන්නන් පවා නිහඩව සිටියදි තනිවම කෑ ගසමින් පොලිසියටද බලපෑම් කරන අකාරය එම විඩියෝවේ හොදින්ම දකින්නට විය.විඩියෝව එලියට ආ සෑනින් තමන්ගේ සමාජ ජාල පිටුවල,වෙබ් වල විකාශ කරමින් තමන්ගේ ග්‍රහකයන් ප්‍රමාණය වැඩිකර ගැනිම සදහා මෙන්ම ආණ්ඩුවට,විශේෂයෙන්ම ජනපතිට පහරදිම සදහා එම විඩියෝව ඉතා නිර්ලජ්ජිත ලෙස භාවිතා කල බව නොරහසකි.

අවසනායේ අර තරුණයා පොලිස් අත් අඩංගුවට පත්විය. අඩුම තරමෙන් තමන් විරෝධතාව දැක්වුයේ කාටද යන්න ඔහු පොලිසියට කැදවා ප්‍රශ්ණ කරණ තුරු දැනගෙන සිටියේද නැත.එය වෙනම් කතාවකි.අද පස්වරුවේ අදාළ තරුණයා අධිකරණයට රැගෙන එන අවස්ථාවේ අඩුම තරමින් තමන්ගේ Facebook පිටුවල View’s ගණන වැඩිකරගත් එකම එක හෝ ඇඩ්මින් වරයෙකු ඔහු වෙනුවෙන් අධිකරණයට පැමිණ සිටියේද? සමාජ ජාල ඔස්සේ අදාළ තරුණයා බේරා ගැනිමට අවශ්‍ය බවට මර ලතොනි දුන් සමාජ ක්‍රියාකාරීන් එක් අයෙකු හෝ අධිකරණය අසලට පැමිණ සිටියේද? නැත. ඇප ලබා ගෙදර ගිය තරුණයා අද උගතයුතු පාඩම එයයි. එක තමන් කලේ වරදක් බවය. අනික රට වෙනස් කිරිමට යැයි කියමින් රැඩිකල්වාදීන් ලෙස පෙනී සිටිමින් තමන්ගේ ගිණුමට ඩොලර් කියක් හෝ එකතු කර ගැනිමට පොරකන මිනී කාක්කන්ගෙන් බේරිමටය.

අනිත් අතට නපුංසක මෙන්ම කැදහැලි විපක්ෂයක් සහිත රටක විදියෙ නොව ගෙදර සිටවත් සටන් කිරිමට වඩා පාඩුවේ සිටින නුවණට හුරු බවද ලියා තැබිමට අවශ්‍යමය.