Last Updated on June 8, 2021 by Panduka Herath
Update: 01 – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති ලෙස පෙනී සිටින රජීව් යසිරු කුරුවිටගේ මැතිව් නැමත්තා හෙට (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක වෙබ් අඩවිවලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නැමති සංගමයක් යොදා ගනිමින් නිවේදන නිකුත් කල රජීව් යසිරු කුරුවිටගේ මැතිව් නැමත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත් අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති ලෙස පෙනී සිටි අයෙකි.අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ තොරතුරු පළ කිරිමේ හේතුව මත මොහු අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
රජීව් යසිරු කුරුවිටගේ මැතිව් සඳහන් කරන ආකාරයට රජයේ ආයතන කිසිවකුටත් සයිබර් ප්‍රහාරයක් එල්ල වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරනවා.
සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අන්තර්ජාලය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවිධ ජනප්‍රිය මාධ්‍ය නිවේදන අසත්‍ය තොරතුරු මත පිහිටා පලකිරිමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවස්ථා ගණනාවකදි කටයුතු කර තිබේ.

More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න