Last Updated on April 30, 2021 by Panduka Herath
නැවතත් බෝම්බ ප්‍රහාරයකට සූදානම් බවට මුහුණු පොතින් ප්‍රචාරය ගෙනගිය 19 හැවිරිදි තරුණයා රඳවා තබාගෙන පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.
සහරාන් සිදු කළාක් මෙන් නැවතත් බෝම්බ ප්‍රහාරයකට සූදානම් බවත් ඉන්දියාව වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයට ශ්‍රී ලංකාවත් පත්කළ යුතු බවත් සඳහන් කරමින් මුහුණු පොතේ සටහන් තැබූ ගම්පොළ කහටපිටිය පදිංචි 19 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු ගම්පොළ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා.
අදාළ තරුණයා සම්බන්ධයෙන් සිදුකල විමර්ශන වලදි ඔහු පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් සහ මාවනැල්ල බුදු පිළිම කැඞීමේ ප්‍රධාන සැකකරුවන් වන ඉබ්රාහිම් සාදික් අබ්දුල් හක් හා ඉබ්රාහිම් සාහිඞ් අබ්දුල් හක් යන අය ඉගෙන ගත් පාසලේම මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල එනතුරු බලා සිටින ශිෂ්‍යයකු බවයි.මෙම හක් සහෝදරයන්ගේ මාමා කෙනෙකු මෙම පාසල අසල පදිංචිකරුවකු වන අතර ඔහුගේ නිවසේ අන්තවාදී පංති පවත්වා ඇති බවද එවකට බුද්ධි අංශ මගින් සොයා ගෙන තිබුණි.
අදාළ තරුණයාගේ පියා මඩකලපුව ප්‍රදේශයේ උපන් අයකු බවත් ඔහු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ලෙස පසුගිය රජය සමයේ කටයුතු කර තිබේන බවත් විමර්ශන වලදි අනාවරණය වි තිබේ.
අදාල සැකකාර තරුණයා පාසල තුලදී ජාතිවාදී අදහස් අනෙක් සිසුන් අතරේද ව්‍යාප්ත කර ඇති බව හෙළි වී තිබේන අතර සමාජය තුලද එම මත පැතිරවිම සම්බන්ධයෙන් සිදුකල දීර්ඝ විමර්ශනයකින් පසුව ජාතිවාදී ප්රචණ්ඩත්වය ඇති කිරීමේ චෝදනාව මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස්, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ජාලිය හීංකෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර, යන නිළධාරින් යටතේ විශේෂ විමර්ශනයක් මේ වනවිට පැවැත්වෙමින් තිබේ.
[url=http://cheapdrugs.store/#]how to overcome ed[/url]
tadalafil 20 mg buy online cialis pills lowest price tadalafil
how to get maximum effect from cialis price of cialis 20 mg
ivermectin 18mg stromectol 3 mg tablets price
cialis prices nz best price for daily cialis