Last Updated on June 9, 2021 by Panduka Herath
ගම්පහ මල්වතුහිරිපිටිය තරුණ ප්‍රජාව, ව්‍යාපාරිකයන් සහ පොලිසිය එක්ව අලුත් වැඩියා කළ ධාවනයෙන් ඉවත්කර තිබූ ගිලන් රථයක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) දින බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට පිරිනැමුවා.
ස්වශක්ති තරුණ සංවිධානය, මල්වතුහිරිපිටිය ව්‍යාපාරික ප්‍රජාව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙමින් මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානය විසින් මෙහෙය වූ මෙම ප්‍රජා සත්කාරයට දායක වී තිබිණි.
ඒ අනුව කලක් මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට දිරාපත්වෙමින් පැවති මෙම ගිලන් රථය ඉතා නවීන පහසුකම් සහිතව අලුත්වැඩියා කර තිබේ.
කොවිඩ් වසංගත තත්ත්වයෙන් පීඩා විඳින රෝගීන්ගේ පහසුව වෙනුවෙන් කළ මෙම සද්කාර්යය අගය කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදාළ ගිලන් රථය එම අවස්ථාවේ දීම බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට ප්රදානය කළේය.
More Stories
21ක යන්නේ මොන පාරේද?
දේශබන්දුගේ වැඩ තහනම් කරනු!
පෝලිම් නැති කරන්න, $ මිලියන 500 පංගුකාරයෙක් වෙන්න