අග්බෝ ඇතුගෙන් සිදු වන හානී වලට විසදුම් ඉල්ලා තිරප්පනය නගරයේ විරෝධතාවක්, විරෝධතාකරුවන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකුගේ කාර්යාලය ඉදිරිපිටත් විරෝධතාවයේ නිරත විය.
ඉදිරි පාදයට වෙඩි වැදීමෙන් අසාධ්‍යයව සිටි අග්බෝ ඇතාට වසර එකහමාරක සිට අවස්තා සීයයකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර සිදුකර තිබුනා.ඒ හේතුවෙන් තරමක සුවයෙන් පසුවන අග්බෝ ඇතා මේ වන විට අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ ගම්මාන 12ක පමණ සැරි සරමින් දේපල හා බරපතළ වගා හානී සිදු කරණ බව ජනතාව පවසනවා.
රාත්‍රී කාලයේ නිවෙස් හා වගා බිම් වලට ඇතුලු වී පොල් , අඹ , බඩඉරිඟු , ආදී වාගාවන් රැසක් මේ වන විට විනාශ කර දැමීමට හුරුවන ඇති බව පවසා ඊට විසදුම් දෙන ලෙස ඉල්ලමින් තිරප්පනය ඇතුන්ගම, පිත්තලකොන්ඩාරුම, වන්නම්මඩුව, මාරාකුළම, ඒරූවැව, කරඹෑගම, මානක්කුලම, උලගල්ල, කණුමුල්ල, කරඹේ, දිවුල්වැව, ඒරුවැව, වෙහෙරගල, ගල්කිරියාගම ආදී ගම්මාන කීපයක ජනතාව මෙලෙස විරෝධතාවයට එක්ව සිටියහ. විරෝධතාකරුවන් පලමුව තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ අතර, විරෝධතාකරුවන් අතුරින් 6 දෙනෙකුට සාකච්ඡාවක් ලබා දුන් අතර එහිදී ප්‍රාදේශිය ලේකම්කාර්යාල මට්ටමින් මේ සදහා ගෙන ඇති පියවර දැනුම්දි තිබිණි. අනතුරුව විරෝසතාකරුවන් තිරප්පනය නගරයේ පිහිටි ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මහතාගේ කාර්යාලයට පැමිණ ඒ ඉදිරිපිටද විරෝධතාවයේ නිරත වූහ. ඒ අතුරින්ද 6 දෙනෙකුට මන්ත්‍රීවරයා සමග සාකච්ඡා ලබා දුන් අතර පොලිස් නිලධාරීන් සෙසු විරෝධතාකරුවන්ට කාර්යාල භුමියට ඇතුළුවීමටද අවස්ථාවක් ලබා නොදුන්හ එම ප්‍රදේශයන් වලට වෙනත් අලි ඇතුන් පැමිණියද , අලි වෙඩි භාවිතා කර පලවා හැරීමට පුලුවන් වූවද. අග්බෝ ඇතාට එලෙස පලවා හැරීමට නොහැකි බවත්, මේ පිලිබදව අවදානය යොමුකර ඉක්මනින් ක්රීයාමාර්ගයක් ගන්නා ලෙසට ජනතාව ඉල්ලා සිටිනවා යැයි පැවසීය.
මන්ත්‍රීවරයා සමඟ සාකච්ජාවේ නිරත වූ පිරිස සාකච්ජාවෙන් අනතුරුව විරෝධතාකරුවන් අතරට පැමිණ කියා සිටියේ මන්ත්‍රීවරයා අග්බෝගෙන් සිදුවන හානීය සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැනුම්වත් කර ඇති බවත්, සතියක් තුළ මීට විසඳුමක් ලබා දෙන බවත් පැවසූ බවයි.
ඒ අනුව විරෝධතාව අවසන් කිරීමට විරෝධතාකරුවන් කටයුතු කළහ.