මේ දක්වා පාතාලයට හරි කුඩු ජවාරම්කාරයන්ට දේශපාලන රැකවරණය දුන්නා නම්, උදව් දුන්නා නම් ඒ පෙකනි වැල දැන් කපා දමා ඇති බව ඉඩම් හා වාරී මාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ පවසයි.

“අපි රජයක් විදිහට, පාතාලය හෝ මත්ද්‍රව්‍ය සමඟ, මත්ද්‍රව්‍යය කියන වචනය සුළු වැඩියි, අයිස්, හෙරොයින්, කුඩු කිව්වම තමයි අපිටත් ඇඟට යන්නේ මේක, තේරුම් යන්නේ ඔළුවට, කුඩු, අයිස් සම්බන්ධයෙන් ඒවා ගේන කට්ටිය හරි විකුණන කට්ටිය, ප්‍රවාහනය කරන කට්ටිය හරි ජාවාරම් කාරයොත් එක්ක කිසිදු සම්බන්ධයක් නෑ රජයක් හැටියට.පාතාලයත් එක්කත් සම්බන්ධයක් නෑ,මේ දක්වා පාතාලයට හරි කුඩු ජවාරම්කාරයන්ට දේශපාලන රැකවරණය දුන්නා නම්, උදව් දුන්නා නම් ඒ පෙකනි වැල දැන් අපි කපලා තියෙන්නේ.”

“ඒ හින්දා මම හිතනවා ඔය ජවාරම් වල සැලකිය යුතු අඩපනවීමක්, අඩුවීමක් සිද්ධ වෙන්න ඕන දේශපාලන රැකවරණය නැති හින්දා.දැන් පොලීසියට නිදහසක් තියෙනවා ඒ සම්බන්ධයෙන් අපි බලපෑම් කරන්නේ නෑ.කුඩු සම්බන්ධයෙන්, පාතාලය සම්න්ධයෙන් හරි වෙනත් නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත්තම අහවලා බේරන්න, අහවලා බේරන්න, අහවලා අපේ එක්කෙනා කියලා බලපෑම් කරන්නේ නෑ.ඒ නිසා දැන් පොලීසියට සම්පූර්ණ නිදහස සහ අයිතිය තියෙනවා, ඒ වගේම වගකීම තියෙනවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න.ඒ නිසා තව ටික දවසක් යන කොට මේවාගේ දුර්වලතා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා පොලීසියේ දුර්වලතාවයක් විදිහට සමාජ ගත වෙනවා.”

අනුරාධපුර තලාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමින්ය.මෙම ප්‍රාදේශිය සම්බන්ධීකර කමිටුව, ඉඩම් හා වාරී මාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහගේ සභාපතීත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් ඇතුළු නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

“පොහොර සහනාධාරය ඇතැම් ගොවීන්ගේ ගිණුම් වලට තවම ලැබිලා නෑ, සමහර කට්ටිය පොහොර ගහලත් ඉවරයි සහනාධාරය හම්බ වුණේ නෑ, අපි කොච්චර කළත් අපි රජය පත් වුණාට පස්සේ රාජ්‍යය යාන්ත්‍රණය අලුත් වෙන්නේ නෑනේ, රජයේ නිළධාරීන් අලුත් වෙන්නෙත් නෑ, ඒවාට තියෙන යම් යම් අකාර්යක්ෂමතාවයන්, යම් යම් ප්‍රමාදයන් මත හා රටේ තිබෙන ආර්ථික තත්වය මත, භාණ්ඩාගාරයේ තිබෙන මුදල් තත්වයන් මත තමයි මේ ප්‍රමාදයන් සිද්ධ වෙන්නේ මේ ක්‍රියාදාමය ඇතුලේ යම් ප්‍රමාදයක් සිද්ධ වෙලා තියෙනවා කියලා අපි පිළිගන්නවා.නමුත් පොහොර සහනාධාරය අදාළ ගොවීන්ට ලැබෙනවා යැයි ඉඩම් හා වාරී මාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ පැවසීය.”

තිසර සමල් – අනුරාධපුර

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *