2024 යල කන්නයට අදාළව ගංවතුර, නියඟ සහ වල් අලි උවදුරු මගින් සිදුවූ වගා හානිවලට අදාළ සියලු වන්දි මුදල් ලබන ජනවාරි 5 වන දාට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු කරන බව රජය පවසයි.

2024 මාර්තු මස සිට ඔක්තෝම්බර් කාලය දක්වා ම යල කන්නයට අදාළව විවිධ හේතුන් මත, වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් විනාශ විමට ලක් වූ අතර විශේෂයෙන් ම නියඟ, ගංවතුර ආදී තත්ත්වයන් සහ වල් අලි හානි විශේෂයෙන් සලකා බලා ඇත.

මේ වන විට 80%කට ආසන්න ගොවීන් ප්‍රමාණයකට මුදලක් ගෙවීමට කටයුතු කර ඇති අතර ඉතිරි ගොවීන් සියලු දෙනාට ම ජනවාරි 5 වනවිට අදාළ වන්දි මුදල් ගෙවීමට කටයුතු බව රජය පැවසීය.

වන්දි මුදල් ප්‍රවේශම් සහිතව හා විනිවිද ගෙවීමට කටයුතු සලසා ඇති අතර එම වන්දි මුදල සෘජුව ම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමට කටයුතු කර ඇත.

2024/2025 මහ කන්නයට අදාළ වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වනවිට ගෙවීමට ද කටයුතු යොදා තිබේ.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *