නව වසරේ චීනයේ බලාපොරොත්තුව එළඹෙන 2025 වසරේ ලෝකයට ජයග්‍රාහී අනාගතයක් නිර්මාණය කිරීම සදහා සියලු රටවල් සමග එක්ව කටයුතු කරන බව චීනය පවසයි.
නවීකරණ සමාජවාදී රටක් ලෙස චීනය නිර්මාණය කරමින් එම සංවර්ධනය ලෝකය සමග හුවමාරු කර ගැනීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් කියාසිටී.
2024 වර්ෂය විවිධ අභියෝග හමුවේ අවසන් වූ බවත්, ඉදිරියේදී සාමුහික ආකල්පයකින් යුතුව ගැටුම් විසදා ගෙන ජයග්‍රාහී අනාගතයක් ගොඩනැගීමට චීනය සිය දායකත්වය ලබා දෙන බව ද සදහන් වේ. චීන ආර්ථිකය මේ වනවිට අඛණ්ඩ ප්‍රකෘතිමත් තත්ත්වයක පැවති අතර 2024 වසරේ චීනය නවීන කර්මාන්ත, නව සංවර්ධන රටාවන් මෙන්ම නව ආකෘති ද අඛණ්ඩව ඉදිරිපත් කර තිබේ.
එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය කරමින් ලෝක සාමය හා සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබා දීමට 2025 වසරේ සූදානම් බවද ෂී ජින් පිං ප්‍රකාශ කළ බව චීන මාධ්‍ය සමූහය වාර්තා කරයි.