චීනය මෙවරත් සිය සාම්ප්‍රදායික අවුරුදු උදාව පිළිගත්තේ චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කළ අලංකාර වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයත් සමගිනි.
1983 වසරේ සිට චීන මාධ්‍ය සමූහය සෑම වසරකම නව වසර උදා වන මොහොතේ මෙම කලාත්මක ප්‍රසංගය පවත්වන අතර, එය ලොව වැඩිම පිරිසක් සජීවීව නරඹන රූපවාහිනී වැඩසටහන ලෙස වාර්තා අතරට එක්වෙයි.
චීන වසන්ත උත්සවය ලෝක අස්පර්ශ සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමෙන් පසු සැමරෙන පළමු අවුරුදු උත්සවය මෙයයි. නව අවුරුදු උදාව පිළිගනිමින් මෙවර පැවැත්වුණු ප්‍රසංගය ලොව පුරා 200 කට අධික රටවල මාධ්‍ය ආයතන 3000 කට ආසන්න සංඛ්‍යාවක් ඔස්සේ විකාශය කෙරිණ.
මෙවර වසන්ත උත්සව ප්‍රසංගයට චීන නැටුම් ගැයුම්, ඔපෙරා, සටන් කලාවන් වැනි විශේෂාංග ද එක් කර තිබුණේ චීන සංස්කෘතියේ අනන්‍ය චමත්කාරය විදහා දක්වමිනි.