ජනවාරි 01 වැනිදා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මුලස්ථානය වන ගොවිජන මන්දිරයේදී සේවක මණ්ඩලය දැනුවත් කිරීමේ උත්සවයකදි නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න ජාතික ධජය ඔලුවෙන් සිටවා එසවිම සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්රයා ගන්න ක්‍රියා මාර්ග පිළිබඳව විමසිමක් කර තිබේ.

ජාතික සංවිධාන කිහිපයක් විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත සංදේශයක් බාරදෙමින් විමසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්රයා ගන්න ක්‍රියා මාර්ග කවරේද යන්නයි.

මේ සඳහා ජාතික සංවිධාන නියෝජනය කරමින් වින්දන විදුර කුමාර(සැබෑ ජාතික පෙරමුණක් සඳහා ව්‍යාපාරය),ආචාර්‍ය සුපුන් ජයසිංහ(හෙළ අබිමන් ජාතික ව්‍යාපාරය),සඳුන් ගමගේ(ජාතික සංවිධාන එකමුතුව) ඇතුළු පිරිසක් සහභාගී වි සිටියා.

ඔවුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ සංදේශය පහතින්,

ගරු ලේකම් තුමා,

එම් පී එන් එම් වික්‍රමසිංහමහතා,

කෘෂිකර්ම අමාත්‍යාංශය,

ගොවිජන මන්දිරය,

බත්තරමුල්ල.

ජනවාරි පළමුවැනිදා ගොවිජන මන්දිරයේ පැවැති “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත හඳුන්වාදීමේ උත්සවයේදී ජාතික ධජයට කළ අපහාසය සම්බන්ධවයි!

පසුගිය ජනවාරි පළමුවනදා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිළධාරින් වෙත හඳුන්වා දීමට සංවිධානය කළ ජාතික උත්සවයේදී ජාතික ධජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන ව්‍යවස්ථාව සහ 1987/02/04 දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද “ජාතික කොඩිය භාවිතා කිරීම සඳහා වූ රීති සංග්‍රහය” සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ජාතික කොඩිය භාවිතය සඳහා හඳුන්වා දෙනු ලැබූ සම්පූර්ණ විස්තර විභාගය(ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය SLS 1: 2020) පැහැදිලි ලෙසම උල්ලංඝනය කර ඇති බව ඔබ තුමාද අනිවාර්යෙන් පිළිගන්නවා ඇතැයි අපි දැඩි ලෙස විශ්වාස කරමු.

එදින ජාතික කොඩිය එසවීමේ සම්පූර්ණ සිද්ධිය අධ්‍යයනය කිරීමේදී ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා සම්පුර්ණයෙන්ම අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඔබ කෙරෙහි විශ්වාසය තබා ඇතැයි තහවුරුවේ. අවසාන වශයෙන් ජාතික කොඩිය එසවීම ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින්ම එසවීම හේතුවෙන් වැරැද්ද එතුමාගෙන් බැහැර නොවුවද ඔබ තුමා මෙම වරදෙහි සෘජු වග උත්තරකරුවා වන්නේය. ඔබ තුමා පෞද්ගලිකව අදාල කාර්ය අධීක්ෂණය නොකළේ වුවද ඔබ තුමා විසින් මෙම කාර්ය භාර දුන් නිලධාරියා හිතා මතාම ජාතික ධජයට අවමන් කිරීමේ වුවමනාව පෙරදැරි කරගෙන මෙම විෂම ක්‍රියාව සිදු කළා විය හැක. අවසාන වග උත්තරකරුවා ඔහු වුවද, ධජය එසවූ ප්‍රධනාතම පුද්ගලයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාත් සමස්ථ උත්සවයම සංවිධානය කිරීමේ වගකීම දැරූ අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඔබතුමාත් ජාතික ධජය වෙනුවෙන්ම වෙන් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි වගන්තිය බරපතල ලෙස උල්ලංඝනය කර තිබෙන චෝදනාව බැහැර කළ නොහැකි බව අපගේ හැඟීමයි. ඒ අනුව රාජ්‍ය සේවකයෙකු ලෙස ඔබතුමාත් නීති සම්පාදකයෙකු ලෙස නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාත් ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට කළ දිවුරුම කඩා ඇති බවද ඔබතුමා අවිවාදයෙන් පිළිගන්නවා ඇත.ඒ අනුව ජනවරි පළමුවෙනිදා අදාල සිදිධිය සිදුවූ මොහොතේ පටන් ඔබ තුමා ඇතුළු සිද්ධියට වග කිව යුතු සියලු පාර්ශව ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දුන් දිවුරුම උල්ලංඝනය කර ඇති තත්වයක් තුල තවදුරටත් ඔබ තුමන්ලාගේ රාජ්‍යපාක්ෂික භාවය සැකයට තුඩු දෙන්නේය. ඒ අනුව එම නිෂ්චිත මොහොතේ පටන් ඔබ තුමා ඇතුලු වගකිවයුතු පාර්ශව මහජනයා සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දු තීරණ සම්බන්ධයෙන් වලංගුභාවයක් ඇත්තේද යන කාරණය පුරවැසියන් වන අප තුල හට ගැනීම ස්වාභාවික බව ඔබ තුමා පිළිගන්නවා ඇතැයි අප විශ්වාස කරමු. ඒ අනුව මෙම බරපතල වරද නිවැරදි කිරීමට ඔබ තුමා පිලිගත හැකි පියවරක් ගෙන තිබේද එසේ පියවරක් ගෙන නොමැතිනම් එසේ වීමට හේතුව දැන ගැනීමේ පරම අයිතියක් අප සතුව ඇති බවද ඔබ තුමා පිලිගන්නවා ඇත.

යම් කිසි විදියකින් මෙම වරද සිදුවී ඇත්තේ අත්වැරද්දකින් නම් එම අත්වැරැද්ද කළ පුද්ගලයා හෝ පුද්ගලයන් පිරිසත් අමාත්‍යාංශ ලේකම්වරයාත් නියෝජ්‍ය ඇමතිවරයාත් ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට නව දිවුරුම් ප්‍රකාශයක් කිරීම මගින් වරදට වගකිවයුතු අයවළුන් රාජ්‍ය පාක්ෂිකයන් බවට මහජනයා තුල නැවැත විශ්වාසය තහවුරු වන බව අපගේ හැඟීමයි..

ඒ අනුව මෙම වරද නිවැරදි කිරීමට ඔබතුමා මැදිහත්ව ගත් ක්‍රියාමාර්ග ජාතිය හමුවේ එලිදරව් කරන ලෙස කාරුණිකව අවධාරණය කරමි.

ස්තුතියි,

මෙයට විශ්වාසී,

වින්දන විදුර කුමාර(සැබෑ ජාතික පෙරමුණක් සඳහා ව්‍යාපාරය)

ආචාර්‍ය සුපුන් ජයසිංහ(හෙළ අබිමන් ජාතික ව්‍යාපාරය)

සඳුන් ගමගේ(ජාතික සංවිධාන එකමුතුව)
2025.01.08

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *