එක්සත් රාජධානියේ ලන්ඩන් හී වාර්ෂිකව සංවිධානය වන No Trousers Day උත්සව මෙවරත් සාර්ථකව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.ඒ අනුව 2025 වසර සදහා No Trousers Day වැඩසටහන ජනවාරි 12 වනදාට යෙදී තිබේන අතර ඒ සදහා සහභාගීවීමට කැමති ඕනෑම අයෙකුට සංවිධායක මණ්ඩලය අවස්ථාව ලබාදීමට සුදානමින් සිටි.
ඒ අනුව සහභාගී වීමට කැමති ඕනෑම අයෙකුට 12 වැනි දින පස්වරු 2.45 වන විට China town වෙත පැමිණෙන ලෙසත් පස්වරු 3 ට සංචාරය ආරම්භ කිරීමට නියමිත බවත් එම සංවිධායකයින් පවසනවා.ශීත දේශගුණය සහ ආරක්ෂාව හේතුවෙන් සංචාර ගමන් මග කලින් දැනුම් නොදෙ.
මොකක්ද මේ No Trousers Day!
No Trousers Day යනු සිය කලිසම් ඉවත් කර යට ඇදුම් පිටින් tube හී සංචාරයක යෙදෙන දිනයකි. කලිසම් නැති ටියුබ් සවාරිය හෙවත් No Trousers Day යනු තවමත් හුදෙක් විනෝදජනක දෙයක් මිස දේශපාලන ප්‍රකාශයක් හෝ පුණ්‍යායතනයකට සම්බන්ධ දෙයක් නොව.
එය 2009 දී ආරම්භ වූ අතර 2002 දී නිව් යෝර්ක් හි ඉම්ප්‍රොව් එවරයිව් විසින් නිර්මාණය කරන ලද නෝ කලිසම් උමං මාර්ග සවාරියෙන් ආභාෂය ලැබී තිබේ. සැබැවින්ම මෙහි අරමුණ වි ඇත්තේ නිවසින් එලියට යන අයෙකුට සිය කලිසම අමතක වි ඇති බව සංකේත කිරිමකි.
“keep the (under)pants as normal or low-key as possible, so it looks like you’ve just forgotten your trousers” No Trousers Day! දෘෂ්ටිය
ඉතිහාසය කතාව
2006 වසරේදි නිව් යෝර්ක් නගරයේ පැවති පළමු උත්සවයට කලිසම් නැති මිනිසුන් හත් දෙනෙකු අනුප්‍රාප්තික නැවතුම් හතක් සඳහා එක් එක් නැවතුමෙන් එක් අයෙකු උමං දුම්රියට ගොඩ වූ අතර, එකිනෙකා නොදකින ලෙස මවා පා තිබේ. කෙසේවෙතත් අඩ නිරිවතින් ගමන් කිරිම හේතුවෙන් දුම්රිය නවතා අට දෙනෙකුට මාංචු දමා අත්අඩංගුවට ගත් නමුත් පසුව චෝදනා ප්‍රතික්ෂේප කරන ලදී.
ඒ හරහා ලද ප්‍රසිද්ධ පාදක කරගනිමින් ඊළඟ වසරේදී සිය ගණනක් ජනතාව සහභාගී වූ අතර 2008 දී මෙම උත්සවය ජාත්‍යන්තරයට ගිය අතර නගර නවයක් ඒ සහභාගී විය. 2010 සිට නිව් යෝර්ක් වැසියන් දහස් ගණනක් වාර්ෂිකව මේ සදහා සහභාගී වී ඇත. බර්ලින්, ලිස්බන්, ටෝකියෝ සහ ටොරොන්ටෝ ඇතුළු ලොව පුරා නගර 60 කට වැඩි ප්‍රමාණයක් දැන් මෙම උත්සවය පවත්වති.
