ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් හා ජාතික ජන බලවේගය අතර ඇති සමිප සම්බන්ධය පිළිබදව චීනයේ දැඩි අවධානය යොමුව තිබේන බව චීනයේ විශේෂ වාර්තාකරුවෙකු අවධාරණය කරනවා. ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත්විමත් සමග ඇයගේ ක්‍රියාකාරිත්වයන් ඉහලගොස් ඇති බවට නිරික්ෂනය වි ඇති බවයි ඔහු සදහන් කළේ. ට්‍රම්ප් පාලනය යටතේ තවදුරටත් ඇය තානාපතිවරිය ලෙස කටයුතු කරනු ඇද්ද යන්න නිශ්චිත නෑ. කෙසේවෙතත් ඇමරිකාව ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් දිගටම නිරික්ෂණයෙන් සිටින බව ඉතා පැහැදිලිය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ ඇමරිකානු මැදිහත් විම සaජුවම දක්නට ලැබුන අතර ඉතිහාසය පුරාමද එම තත්ත්වය දකින්නට තිබු බව නොරහසකි.
අවස්ථා කිහිපයක්දිම මෙන්ම පසුගිය (22) දාද ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා හමුවි සාකච්ඡා කල අතර රට තුළ පවතින සමාජයීය හා දේශපාලන තත්වය පිළිබඳව සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ පිළිබඳවත් ඒ සඳහා එක්සත් ජනපදයට සහය විය හැකි ආකාර පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් හැකිතාක් හමුවි සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බවද ජුලී පවසා තිබේ.
පසුව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ජූලි චන්ග්, කාන්තා හා ළමා කටයුතු ඇමතිනි සරෝජා සාවිත්‍ර පෝල්රාජ්ද හමුවු අතර ශ්‍රී ලාංකීය කාන්තාව සහ ඇය මුහුණ දෙන අභියෝග පිළිබදව සාකච්ඡා කර තිබේ.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ද මුණගැසුන ජුලී චන්ග් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම, ජලජජීවී වගාව දියුණු කිරීම සහ ධීවර ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය ඉහළ නැංවීම ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිලිබඳව සාකච්ඡා කර තිබුනා.
මිට අමතරව ඇය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු,කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්තට අමතරව ජනපති චීන සංචාරයේ යෙදි සිටින අවස්ථාවේ අමෙරිකානු තානාපතිනිය පොලොන්නරුවේ කුඹුරටද බැසීම විශේෂත්වයක්.පසුගිය (16)වැනිදා පොලොන්නරුව කළහගල කුඹුරු යායක දී ගොවි ගෙවිලියන් ද කෘෂිකර් ම ක්ෂේත්‍රයේ නිලධාරීන් ද හමුවිය.එහි දී ගොවීන් ට කෘෂි කර් මාන්තයේ දී මුහුණපෑමට සිදුව ඇතී ගැටලු පිළිබඳවත් ගොවි දරුවන්ගේ අධ්‍යාපනය හා පාසල්වල හඳුනාගෙන ඇති අඩුපාඩු ගැනත් ගොවීන් සමග සාකච්ඡා කර තිබේ.




