යාපනය කන්කසන්තුරේ පිහිටි තිස්ස විහාරය පාදක කරගනිමින් දේශපාලන අර්බුදයක් හටගෙන තිබෙන බව අප උතුරේ විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඒ යාපනය කන්කසන්තුරේ පිහිටි තිස්ස විහාරය සතු අක්කර 14කින් යුත් ඉඩම වෙනත් පාර්ශ්වයකට පැවරීමට නොහැකි බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය යාපනය දිසාපතිවරයා වෙත පෙරේදා (08 දා) දැනුම් දීමත් සමගයි.

මෙම විහාරස්ථානය ඉදිකොට ඇති ඉඩම පෞද්ගලික ඉඩමක් බවත්, අයිතිකරු සතුව බලපත්‍ර ඇති නිසා ඉඩම අයිතිකරුට පවරාදෙන ලෙසත්, යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඉල්ලීම් ලැබී තිබුණි.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම එම සාකච්ඡාවේදී ඔහුගේ විරෝධය පළකිරීම නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ පිළිබඳව සොයා බලා සාධාරණයක් ඉටු කරන ලෙස නිලධාරීන්ට දැනුම් දීමක් කළේය.

ඒ අනුව යාපනය දිසාපතිවරයා ඉඩම ආපසු ලබා දීමට කැමැත්තක් දක්වන්නේ දැයි කළ විමසීමට පිළිතුරු ලබා දෙමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මේ පිළිතුර ලබා දී තිබේ.

කාලයක් තිස්සේ ඇදියන මෙම අර්බුදය පසුගිය රාජපක්ෂ රජය සමයේ මිලීටරි පාලනය හරහා මර්දණය කර තිබු බව අද හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකරගේ සමාජ ජාලා සටහනින් තහවුරු වෙනවා.

I tell MP Sritharan not to touch Tissa Vihara or face consequences!

The matter was almost settled when I was the Chairman of the Oversight Committee on National Security in Parliament of Sri Lanka

I warn him & Gajen Ponnambalam & supporters not to test the patience of Sinhalese #Buddhist in #srilanka

Enough is enough!

#Buddhism#TissaVihara

මම ශ්‍රීධරන් මන්ත්‍රීවරයාට කියනවා තිස්ස විහාරයට අත තියන්න එපා… නැත්නම් ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න!…මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කමිටුවේ සභාපතිවරයා ලෙස සිටියදී කාරණය බොහෝ දුරට සමථයකට පත් වුණා..
සිංහල බෞද්ධ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඉවසීම පරීක්ෂා නොකරන ලෙස මම ඔහුට සහ ගජන් පොන්නම්බලම්ට සහ ආධාරකරුවන්ට අනතුරු අඟවනවා… ඇති ඇති!

මේ වනවිට එම විහාරස්ථානයේ බෞද්ධ ඉදිකිරීම් රෑසක් ඉදිකොට අවසන් නිසා එම ඉඩම සාමාන්‍ය පුද්ගලයෙකුට පරිහරණය කිරීමට නොහැකි බව යාපනය දිසාපතිවරයා ඉඩමේ අයිතිකරුට පෙන්වා දී ඇතත් ඔහු ඒ ඉඩමම ඉල්ලා සිටින්නට පටන්ගෙන තිබේ.

අනවසර ඉදිකිරීමක් ලෙස සලකා රජය යාපනය කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් ඉවත් නොකළහොත් ඉඩම්වල අයිතිකරුවන් සෙසු පිරිස සමග එකතු වී බලහත්කාරයෙන් එම ඉදිකිරීම් ඉවත් කරණු ඇතැයි ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පසුගියදා යාපනයේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර සිටියා

විහාරය සතුව ඇති ඉඩම අක්කර 14 ක් වන අතර ඊට උරුමකම් කියන පුද්ගලයාට එම ස්ථානයෙන් අයත්ව ඇත්තේ ඉඩම් අක්කර එකක ප්‍රමාණයකි.

තිස්ස විහාරය සතු අක්කර 14ක ඉඩමේ අක්කර 7 ක වපසරියක ගොඩනැඟිලි ඉදි වී ඇති අතර අනෙක් කොටස විහාරස්ථානයේ ප්‍රයෝජනයට යොදා ගෙන තිබේ.

මිට පෙර ඉඩමේ අයිතිකරු බව කියන පුද්ගලයාට වෙනත් විකල්ප ඉඩමක් ලබාදීමට දිසාපතිවරයා කැමැත්ත විමසූ අවස්ථාවේදී ඊට ඔහු එකඟ නොවීම නිසා තිස්ස විහාරයේ ඉඩම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් නිර්මාණය වී තිබේ.එම ඉඩමට උරුමකම් කියන පුද්ගලයා දැඩි තීරණයක් ගෙන සිටින්නේ දේශපාලන උසිගැන්වීමක් මත බව ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබේන බව පdසුගිය හින කිහිපයේ ද්‍රවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ හැසිරිම අනුව මනාව තහවුරු වේ.

සංඝමිත්තා මෙහෙණිය නතර වුන තිස්ස විහාරය!

දේවානම්පියතිස්ස රජ සමයේ ස්ථාපිත කරනු ලැබූ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් සැලකෙන යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුත් ස්ථානයක් ලෙස තිස්ස රජමහා විහාරස්ථානය සලකයි.

මීට ශතවර්ෂ කිහිපයකට ප්‍රථම දේවානම්පියතිස්ස රජ සමයේ (ක්‍රිස්තු පූර්ව 250 – 210) සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජම්බුද්වීපයේ සිට දඹකොල පටුන වෙත වැඩමවා අනුරාධපුරය බලා යන ගමනේදී විවේක ගැනීම සඳහා වැඩසිටි විහාරස්ථානය වන මෙම ඓතිහාසික පුදබිමක් ලෙසද මෙය ප්‍රකටව පවති.

යුධ සමයේ ආරක්ෂ අංශ සිය ආගමික කටයුතු සදහා පාදකකරගත් ප්‍රධාන විහාරස්ථාන වන්නේ කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයයි. ඒ නිසාම තිස්ස රජමහා විහාරස්ථාන සංවර්ධන පදනමේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති – යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මඟපෙන්වීම සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ අධීක්‍ෂණය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ එහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරුනා.

නව අර්ධගෝලාකාර චෛත්‍යය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් තැන්පත් කරන ලද්දේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසිනි.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *