ඉන්දියාවේ Adani Green Energy (අදානි ග්‍රීන් එනර්ජි සමාගම) ශ්‍රී ලංකාවේ යෝජිත සුළං බල ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ශ්‍රි ලංකා රජයට නිළ වශයෙන් දැනුම් දි තිබේ.Adani Green Energy Limited වෙතින් ශ්‍රී ලංකාවේ කොළඹ ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් වෙත මේ බව දන්වමින් ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා රජය පසුගිය මාසයේ නිවේදනය කළේ ඔවුන්ගේ බිලියන ගණනක ඩොලර් ව්‍යාපාරවලින් විදුලි පිරිවැය අඩු කිරීම සඳහා අදානි සමූහය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳව ය.රටේ බලධාරීන් ගිවිසුම වෙනස් කිරීමට උත්සාහ කිරීමෙන් පසුව සුළං බලශක්ති ව්‍යාපාරයක තවදුරටත් සම්බන්ධ වීමෙන් ඉවත් වූ බව අදානි සමූහය බ්‍රහස්පතින්දා එනම් අද ප්‍රකාශ කළේය.

අද පෙබරවාරි 12 දිනැති ලිපියක සමාගම සඳහන් කළේ,

“ව්‍යාපෘති යෝජනාව නැවත සාකච්ඡා කිරීම සඳහා තවත් කැබිනට් මණ්ඩලයක් පත් කළ සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පිහිටුවන බව දැනගන්නට ලැබුණි,”

“මේ සම්බන්ධයෙන් අපගේ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේදී සාකච්ඡා කරන ලද අතර, සමාගම ශ්‍රී ලංකාවේ ස්වෛරී අයිතිවාසිකම් සහ එහි තේරීම්වලට සම්පූර්ණයෙන්ම ගරු කරන අතරම, එම ව්‍යාපෘතියෙන් ගෞරවනීය ලෙස ඉවත් වන බවට තීරණය කරන ලදී,” යනුවෙන් එහි සදහන් කර තිබේ.

ශ්‍රී ලංකා රජය පසුගිය මාසයේ පැවසුවේ ඩොලර් බිලියන 1 ක ඇස්තමේන්තුගත ව්‍යාපෘතිවලින් විදුලිබල පිරිවැය අඩු කිරීම සඳහා අදානි සමූහය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

අදානි ග්‍රීන් සමාගම රජය විසින් පත් කරන ලද කමිටු සමඟ සාකච්ඡා වට 14 කට අධික සංඛ්‍යාවක නිරත වී ඇති අතර වසර 20 ක් සඳහා ස්ථාවර ගාස්තුවක් සහිත විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම සඳහා අනුමැතිය ලබාගෙන ඇත. මන්නාරම පාරිසරික අනුමැතිය හැර, බොහෝ නිෂ්කාශන සහ බලපත්‍ර ලබාගෙන ඇති අතර, එය ආශ්‍රිත ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් හේතුවෙන් විභාග වෙමින් පවතී.

ශ්‍රී ලංකාව සමඟ ඇති කරගත් ගිවිසුම යටතේ, අදානි ග්‍රීන් විසින් මන්නාරම නගරයේ සහ පූනරින් ගම්මානයේ සුළං බල ව්‍යාපෘති දෙකක් ඉදිකිරීමට නියමිතව තිබූ අතර, දෙකම දකුණු ආසියානු දූපත් රාජ්‍යයේ උතුරු පළාතේ පිහිටා ඇත.

“දූෂිත”යෙකු ලෙස ලේබල් කිරිම!

නොවැම්බර් මාසයේදී එක්සත් ජනපද බලධාරීන් විසින් අදානි සමූහයේ ප්‍රකෝටිපති නිර්මාතෘ ගෞතම් අදානි සහ අනෙකුත් විධායක නිලධාරීන් ඉන්දීය විදුලිබල සැපයුම් කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා අල්ලස් ගෙවීමේ යෝජනා ක්‍රමයක කොටස්කරුවන් බවට චෝදනා කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව අදානි සමූහයේ දේශීය ව්‍යාපෘති සමාලෝචනය කිරීම ආරම්භ කළේය.

එම තොරතුරු ඔස්සේ ගමන් කරමින් වත්මන් ආණ්ඩුව මෙන්ම මැතිවරණ දෙකක වේදිකා මත NPP දේශපාලන කණ්ඩායම අදානි ගිවිසුම “දූෂිත” ලෙස ලේබල් කර තිබු අතර ආණ්ඩුව පිහිටුවිමෙන් අනතුරුව එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට උත්සාහ කර තිබුණි.

කෙසේවෙතත් අදානි තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. තමන්ගේ Adani Green Energy ආයතනික නාමය “දූෂිත” එකක් ලෙස හංවඩු ගැසීම එතරම් හොද තත්ත්වයක් නොවන බැවින් එවන් අවස්ථාවක ගතහැකි හොදම තීන්දුව අදානී සමාගම ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පලකර තිබේ.

ව්‍යාපෘතිය සහ ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ පද්ධතිය සඳහා ඉඩම් ලබා ගැනීම ඇතුළුව පූර්ව සංවර්ධන කටයුතු සඳහා සමාගම දැනටමත් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් පමණ වියදම් කර ඇත.

2022 දී ආර්ථික අර්බුදයක් අතරතුර විදුලිය විසන්ධිවීම් සහ ඉන්ධන හිඟයකින් පීඩා විඳි මුදල් හිඟ ශ්‍රී ලංකාව, ආනයනික ඉන්ධන පිරිවැය ඉහළ යාමෙන් ආරක්ෂා වීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වේගවත් කිරීමට උත්සාහ කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ විශාලතම කොළඹ වරායේ ඩොලර් මිලියන 700 ක පර්යන්ත ව්‍යාපෘතියක් ඉදිකිරීමට ද අදානි සමූහය සම්බන්ධ වී සිටී.

කෙසේවෙතත් මෙම ලිපිය අවසන් වන්නේ ව්‍යාපෘතියට සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම සඳහා අදානි ග්‍රීන් විසින් ශ්‍රී ලංකා රජයට සිය සුභ පැතුම් සහ කෘතඥතාව පළ කිරීමෙනි.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *