සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේ මුල්ලේ සංජීව නමැත්තා අධිකරණය තුලම ඝාතනය කල වෙඩික්කරු අද (19) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයිමෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩින් 34 නමැත්තෙකු බවයි පොලිසිය සදහන් කළේ.
ලංකාවේ ප්‍රථම වරට අධිකරණ චුදිත කුඩුවක් තුලදි පුද්ගලයෙකු ඝාතනයට ලක්විය!

ඔහු යුද්ධ හමුදාවේ හිටපු ලුතිනන් වරයෙක් වන අතර ඉකුත් කාලය පුරා සීදූව සහ ගල්කිස්ස පොලිස් වසම් වල ඝාතන හතක් සිදු කළ පුද්ගලයකු බව පොලිස් ආරංචි මාර්ග සඳහන්කරයි. වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
නීතිඥයකු ලෙසින් වෙස්වලාගෙන ආ වෙඩික්කරුවකු නඩු කටයුත්තකු සඳහා කොළඹ අලුත්කඩේ අධිකරණයට රැගෙන ආ සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවට අධිකරණ සංකිර්ණය තුළදී වෙඩි තබා මරා දැමු අතර වෙඩි වැදිමෙන් පසුව සංජීව ගලවා ගැනිම සදහා පොලිසිය සහ STF කටයුතු නොකිරිම සම්බන්ධයෙන්ද මේ වනවිට ආරක්ෂක අංශ වලට චෝදනා එල්ල වි තිබේ.
කෙසේවෙතත් අධිකරණය තුල ඝාතනය සිදුකිරිම සහ ඊට සමාන්තරව ඝාතකයා හසුවිම මෙන්ම ඔහුගේ හැසිරිම් යන සියල්ලම සලකා බැලිමේදි සැක සහිත කරුණු ගණනාවක්ම ඇති අතර ඒ සම්බන්ධයෙන් අනාවරණයක් දිරියේදි බලාපොරොත්තු වන්න.

මේ රට මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු ආරක්ෂිත රටක් ද?
වෙඩි වැදිමෙන් පසුව සංජීව විත්ති කුඩුවේ වැටි සිටින අවස්ථාවේ ඔහුව ඉක්මනින්ම එම ස්ථානයෙන් ඉවත්කිරිමට,හදිසි ප්‍රතිකාර දිමට තියා ඔහුට ඒ වනවිටත් පණ තිබේද යන්න බලන්නටවත් ඔහුන් මැදිහත් නොවිම සැක සහිත තත්ත්වයක් බවයි සමාජ මතය වි ඇත්තේ.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යය සුනිල් වටගල පැමිණ අධිකරණ භූමියේ නිරීක්ෂණයකින් පසුව මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරිමට මැලිකමක් දැක්වු අතරම ඒ හෙතුවෙන් ඔහු දැවැන්ත පීඩනයකට ලක්ව සිටි අයුරුද දකින්නට තිබුනා.
ජාතික ආරක්ෂාව විහිළුවකට ගැනිම….
නූතන ලංකාවේ ජාතික ආරක්ෂාව යනු, රට අභ්‍යන්තරයෙන් මතුවිය හැකි අනතුරක අභියෝගය පමණක්ම වන තත්වයක් අද වන විට උදා වී තිබේන බව ඉතාම පැහැදිලිය. මෑතක සිදුවු පාස්කු ප්‍රහාරයේ සිට අද දක්වා ගණන් හදා බැලුවද එය තෙරුම් ගැනිමට අපහසු නැත.නමුත් පසුගිය කාලය පුරාම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රටේ ජනතාව මෙන්ම ආණ්ඩුව නියෝජනය ඇතැම් මන්ත්‍රීවරුන් පවා සැහිමකට පත්වන්නේ නැති බව ඔහුන් සමග සිදුකල කතාබහ වලදි මනාව පැහැදිලිය.
අපි ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් ඒ සදහා බංකුත් අරන් එන්න කියලා කිව්ව මිලිටරි නායකයන්ද මාලිමා වේදිකාවල සිටි බවද නොරහසකි.
ජාතික ආරක්ෂාව මේ අකාරයට පිරිහිම තුල දක්න්නට තිබේන අනිත් කරුණ නම් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් මුහුණ දෙන අනාරක්ෂිත තත්ත්වයයි.එය සුළුපටු නොවන බව නොරහසකි.
සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකු හෝ අමාත්‍යවරයෙකු සිය කටයුතු කිරිම සදහා බලාපොරොත්තුවන ආරක්ෂාවක් මෙන්ම පහසුකම් ප්‍රමාණයක් තිබේ (“security” and “comfort” ).කෙසේවෙතත් දිගින් දිගටම එම වරප්‍රසාදය කප්පාදු කිරිම සහ එය සමාජතුල හැල්ලුවට පත්කිරිම ජාතික ආරක්ෂාවේ පමණක් නොව ආණ්ඩුව තුලද ව්‍යසනයක් ඇතිකිරිමට සමත්ව ඇති බව ආණ්ඩුවම දැනගන්නා දිනය වැඩි ඇතක නොව.අනිත් අතට අධිකරණයක් තුල විත්ති කුඩුව තුල මනුෂ්‍යයෙකු ඝාතනය වේ නම් රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අබමල් රේණුවක විශ්වාසය තැබිය නොහැක.
පුද්ගලික යහපැවැත්ම සම්බන්ධයෙන්, “ආරක්ෂාව” සහ “සැනසිල්ල” යන දෙකම වැදගත් වන අතර, ආරක්ෂාව යනු ආරක්ෂාව සහ ආරක්ෂාව පිළිබඳ හැඟීමක් නියෝජනය කරන අතර, සැනසීම යනු සැහැල්ලුව සහ තෘප්තිමත් තත්වයක් අදහස් කරයි.
මේ අතර රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට රජය අසමත් වි ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නිතිඥය මනෝජ් ගමගේ පැවසිය.නිතිඥය මනෝජ් ගමගේ ඒ බැව් කියා සිටියේ (19) දින නුවරඑලිය ප්‍රදේශයේදි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

“රටේ ජනතාවගේ ආරක්ෂාව සලසා දෙන්න රජය අසමත් වෙලා තියෙනවා, අධිකරණ චුදිත කුඩුවකදිම පුද්ගලයෙකු ඝාතනයට ලක් කරනවා, අධි ආරක්ෂිත භුමියකදිම ඝාතකයා පලා යනවා.රටේ ජාතික ආරක්ෂාව කොතනද තියෙන්නේ කියලා පේනවා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා කිව්වා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ටියුෂන් දෙන්නම් කියලා, බංකු අරන් එන්න කිව්වා”
“ජනාධිපතිවරයා රටට සහතිකයක් දෙනවා රටේ ජාතික ආරක්ෂාව තහවුරුයි කියලා, නමුත් රටේ තැන් තැන් වල ඝාතන සිදු වෙනවා.වේලාවට අලුත්කඩේ අධිකරණ භුමියේ රිලවු හිටියේ නැ නැත්නම් රිලවෙකුගේ ක්‍රියාවක් නිසා මෙම ඝාතනය සිදු වුණා කියනවා.”
“රජයේ උද්දච්චකම අයින් කරලා ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්න, මේ නිසා තමයි අපි කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ,ගෝඨාභය රාජපක්ෂ මහතුන්ගේ සහ ප්‍රභුන්ගේ ආරක්ෂාව ඉවත් කරන්න එපා කියලා.අද පතාලේ ආයුධ ලංකාවේ හැම තැනම සැරි සරනවා, ඒක වලක්ව ගන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා, ශ්‍රේෂ්ඨාධිකාරණ සහ අධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න, පතාලේ අපරාධකරුවන්ට නඩු තින්දු ලබාදිමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා.”
“තමන්ගේ නොහැකියාව පිලි අරගෙන වදුරන්ට රිලවුන්ට රටේ ජාතික ආරක්ෂාව භාර නොදි ප්‍රභුන්ගේ ආරක්ෂාව ලබාදෙන්න, රටේ ආරක්ෂාව තර කරන්න.ලංකාවේ ප්‍රථම වරට අධිකරණ චුදිත කුඩුවක් තුලදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වෙනවා, දේශපාලන උවමනාව පරිදි දක්ෂ පොලිස් නිලධාරින් මාරු කිරිම නතර කරන්න. දවසකට හතර පස්දෙනෙක් ඝාතනයට ලක් වෙනවා, ආණ්ඩුවට කියන්නේ යන්න ගෝඨාභය රාජපක්ෂ හම්බෙලා ටියුෂන් ගන්න ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් “