ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රි ලංකාවේ සංචාරයක නිරතවිමට සුදානම් බව නිවේදනය කර තිබියදි අසූව දශකයේ අගභාගයේ දී දිවයිනට පැමිණි ඉන්දීය හමුදා විසින් ශ්‍රී ලංකාවේ 35 වසරකට ඉහත සිදු කරන ලද සංහාරයකින් දිවි ගලවා ගත් අයගෙන් තොරතුරු එක්රැස් කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවේදිනීයකගේ ප්‍රධානත්වයෙන් යුත් සංවිධානයක් සකස් කළ නවතම වාර්තාවක් උතුරේදී එළි දක්වා තිබේ.
දකුණු අප්‍රිකාව මුලස්ථාන කොටගත් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් 2025 මාර්තු 2 වැනි ඉරිදා වඩමාරච්චි මාධ්‍ය නිවස්නයේ දී එළි දැක්වු එම වාර්තාව මගින් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින්නේ සමූල ඝාතනයට සම්බන්ධ ඉන්දීය හමුදාවේ නිලධාරීන් හඳුනාගෙන ඔවුන් පිළිබඳව වගකියන ලෙසත්, විපතට පත් වූවන්ගෙන් සමාව අයැදීමට මෙන් ම වන්දි ගෙවීමටත් කටයුතු කරන ලෙසයි.

“වැල්වැටිතුරෙයි සමුල ඝාතනයක සාක්ෂි” මැයෙන් යුත් පිටු 62 ක වාර්තාව මගින් ITJP හි විධායක අධ්‍යක්ෂිකා යස්මින් සූකා පවසන ආකාරයට, “මෙම වාර්තාව ලබා ගත හැකි වී ඇත්තේ පිළිස්සීමේ සහ මළ සිරුරුවල දුගඳ තවමත් අවට රැඳී තිබිය දී දිවි ගලවා ගත් අයගෙන් ඉතා සූක්ෂම ලෙස දිවුරුම් ප්‍රකාශ සටහන් කර ගත් එක් මිනිසකුගේ අසාමාන්‍ය ලේඛන කටයුතු හේතුවෙනි.”
“අපරාධ සිදු කරන අවස්ථාවේ ලේඛනගත කිරීම අනාගත වගවීම සඳහා ආයෝජනයක් වන බව මෙයින් උගත හැකි පාඩම වන අතර, උල්ලංඝනය කිරීම් සහ සිදු වූ හානිය වාර්තා නොකර යුක්තිය ඉටු කිරීමට දශක ගණනාවක් ගත විය හැකි නමුත්, වාර්තා රහිතව ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබෙනු ඇත,” යි ඇය තවදුරටත් පැවසුවාය.
වැල්වැටිතුරෙයිහි පාසලේ විදුහල්පතිවරයෙකු සහ විද්‍යා ගුරුවරයෙකු වූ නඩරාජා ආනන්දරාජ් 1989 දී රඳවා තබාගෙන වධහිංසා පැමිණවීමෙන් අනතුරුව යාන්තමින් දිවි ගලවා ගැනීමට සමත් වී ඇත. මළවුන් ආදාහනය කිරීම අවසන් කිරීමෙන් පසු ඔහු විසින් දින කිහිපයක් ඇතුළත සමූල ඝාතනයෙන් දිවි ගලවා ගත් අයගෙන් දිවුරුම් ප්‍රකාශ 200 ක් දක්වා සංවිධානය කිරීම ආරම්භ කර තිබේ. ඉන්පසු ඔහු ඉන්දියාවේ ‘මයි ලායි සංහාරය’ ලෙස හැඳින්වූ සිදුවීම පිළිබඳ පොතක් ප්‍රකාශයට පත් කිරීම ඇතුළුව වැල්වැටිතුරෙයිහි දී සිදු වූ සිදුවීම් ඉන්දීය රජයට දැනුම් දීමට දිල්ලිය බලා ගොස් ඇත. තවත් දශක ගණනාවක යුද්ධය පැවතුණු අතර ශ්‍රී ලංකා හමුදාව විසින් ඔහුගේ නිවස ද ගිනිබත් කිරීම නිසා ඔහු එකතු කළ දිවුරුම් ප්‍රකාශවලින් අඩකට වඩා එහිදී විනාශ වි ඇත.
වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානතම පක්ෂය වන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුණ අසුව දශකය අගභාගයේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සිදුකළ ඉන්දීය සාම සාධක හමුදා හදුන්වා දුන්නේ ‘වඳුරු හමුදා’ යනුවෙන් හඳුන්වමිනි.
වැල්වැටිතුරෙයි සමූලඝාතනය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ස්ථාපිත කරන ලෙසත්, සමූල ඝාතනයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීම සහතික කරන ලෙසත් “වැල්වැටිතුරෙයි සමුල ඝාතනයක සාක්ෂි” වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) ශ්‍රී ලංකා රජයෙන් ද ඉල්ලා සිටී.
විශේෂයෙන්ම ඉන්දියානුවන් විසින් හමුදා කඳවුරක් ලෙස භාවිතා කළ උඩුප්පිඩ්ඩි බාලිකා විද්‍යාලයේ සහ වැල්වැටිතුරෙයි තරුණයන් සහ පිරිමි ළමුන් දස දෙනෙකු මිහිදන් කර ඇතැයි සැලකෙන සොහොන් බිම කැණීම් සිදු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුයැයි එමගින් යෝජනා කර තිබේ.
ශ්‍රී ලංකාවේ වැල්වැටිතුවේ (VVT) වසර 35 කට වෙර සිදු වූ සමූල ඝාතනවේ වගකීම
ඉන්දියාව පිළිගත යුතුය.

“වැල්වැටිතුරෙයි සමුල ඝාතනයක සාක්ෂි” වාර්තාව එළි දැක්වීමට සමගාමීව, ශ්‍රී ලංකාවේ වැල්වැටිතුරේ (VVT) වසර 35 කට පෙර සිදු වූ සමූල ඝාතනයේ වගකීම ඉන්දියාව පිළිගත යුතුය මැයෙන් ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය නිකුත් කළ සම්පුර්ණ මාධ්‍ය නිවේදනය පහතින්,
India should acknowledge its responsibility for the 35-year old massacre in Valvettithurai (VVT) in Sri Lanka.
Johannesburg: International Truth and Justice Project (ITJP) විසින් ප්‍රකාශයට පත් කරන ලද නව වාර්තාවක් අසූව දශකයේ අගභාගයේ දී දිවයිනට යැවුනු ඉන්දීය සාම සාධක හමුදා විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද 35 වසරකට ඉහත සංහාරයකින් දිවි ගලවා ගත් අයගේ වාර්තා එක්රැස් කර තිබේ. සමූල ඝාතනයට සම්බන්ධ ඉන්දීය හමුදාවේ නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට වගකියන ලෙසත්, විපතට පත් වූවන්ගෙන් සමාව අයැදීමට මෙන් ම වන්දි ගෙවීමටත් කටයුතු කරන ලෙසත් මෙම වාර්තාව මගින් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටී.
“සමූල ඝාතනයක සාක්ෂි” වාර්තාව මගින් 1989 අගෝස්තු මාසයේ දී වැල්වැටිතුරේ හෝ VVT ප්‍රදේශයේ ජනතාව වෙත දින තුනක් මුළුල්ලේ හිතාමතා එල්ල කළ ඉලක්කගත ප්‍රහාර ගැන අවධාරණය කරන අතර, එහිදී ළමුන් පස් දෙනෙකු සහ ළදරුවෙකු ඇතුළුව 60 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගියහ.
ITJP හි විධායක අධ්‍යක්ෂිකා Yasmin Sooka පවසන ආකාරයට, “මෙම වාර්තාව ලබා ගත හැකි වූයේ පිළිස්සීමේ සහ මළ සිරුරුවල දුගඳ තවමත් අවට රැඳී තිබිය දී දිවි ගලවා ගත් අයගෙන් ඉතා සූක්ෂම ලෙස දිවුරුම් ප්‍රකාශ සටහන් කර ගත් එක් මිනිසෙකුගේ අසාමාන්‍ය ලේඛන කටයුතු හේතුවෙනි.” “, අපරාධ සිදු කරන අවස්ථාවේ ලේඛනගත කිරීම අනාගත වගවීම සඳහා ආයෝජනයක් වන බව මෙයින් උගත හැකි පාඩම වන අතර, උල්ලංඝනය කිරීම් සහ සිදු වූ හානිය වාර්තා නොකර යුක්තිය ඉටු කිරීමට දශක ගණනාවක් ගත විය හැකි නමුත්, වාර්තා රහිතව ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොලැබෙනු ඇත,” ඇය තවදුරටත් පැවසුවාය.
පාසල් ගුරුවරයා
වැල්වැටිතුරෙයිහි පාසලේ විදුහල්පතිවරයෙකු සහ විද්‍යා ගුරුවරයෙකු වූ නඩරාජා ආනන්දරාජ් 1989 දී රඳවා තබාගෙන වධහිංසා පැමිණවීමෙන් අනතුරුව යාන්තමින් දිවි ගලවා ගැනීමට සමත් විය. මළවුන් ආදාහනය කිරීම අවසන් කිරීමෙන් පසු ඔහු විසින් දින කිහිපයක් ඇතුළත සමූල ඝාතනයෙන් දිවි ගලවා ගත් අයගෙන් දිවුරුම් ප්‍රකාශ 200 ක් දක්වා සංවිධානය කිරීම ආරම්භ කළේය. පටන් ගත්තේය. ඉන්පසු ඔහු ඉන්දියාවේ ‘මයි ලායි සංහාරය’ ලෙස හැඳින්වූ සිදුවීම පිළිබඳ පොතක් ප්‍රකාශයට පත් කිරීම ඇතුළුව වැල්වැටිතුරෙයිහි දී සිදු වූ සිදුවීම් ඉන්දීය රජයට දැනුම් දීමට දිල්ලිය බලා ගියේය. තවත් දශක ගණනාවක යුද්ධය පැවතුණු අතර ශ්‍රී ලංකා හමුදාව විසින් ඔහුගේ නිවස ද ගිනිබත් කිරීම නිසා ඔහු එකතු කළ දිවුරුම් ප්‍රකාශවලින් අඩකට වඩා එහිදී විනාශ විය.
ලන්ඩනයේ දී දෙමළ තොරතුරු මධ්‍යස්ථානයේ කඩදාසි ලේඛනාගාරය ඩිජිටල්කරණය කරන අතර තුර මෙම කතාව නැවත අහම්බෙන් සොයා ගැනීමට හේතු විය.
“අසූව දශකයේ අගභාගයේ ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා ගුවන් තැපෑලෙන් ලන්ඩනයට එවා තිබූ ලියකියවිලි කියවමින් සිටින විට එක් ලිපියක් මගේ අවධානයට ලක් වුණා. පුරවැසි කමිටුවේ සාමාජිකයන් දොළොස් දෙනෙකු විසින් අත්සන් කර, ඉන්දියානු සාම සාධක හමුදාව වෙත යවා තිබුණු එහි, කපිතාන් මෙනන් ‘සම්පූර්ණයෙන් ම සිහිවිකල්ව ගිය බවක්’ පෙනෙන්නට වූ බව දක්වා තිබුණා.
“එම වචනවල යම් දෙයක් මගේ අවධානයට ලක් වූ නිසා මම ඔහුව ගූගල් කර ඉක්මනින් තොරතුරු රාශියක් සොයා ගත්තා, ” ලන්ඩනයේ ITJP හි අධ්‍යක්ෂ ෆ්‍රාන්සස් හැරිසන් පැවසීය. “ලිපියට අත්සන් කළ අය තවමත් ජීවතුන් අතර සිටී දැයි මා ශ්‍රී ලාංකික පුද්ගලයන්ගෙන් විමසා සිටියත් එයින් ඵලක් වුනේ නහැ. ඒත් දවසක් මම ලන්ඩනයේ තරුණ දෙමළ සරණාගතයන් පිරිසකගෙන් වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ කිසිවකු සිටී දැයි විමසා ඔවුන්ට ලිපිය පෙන්වා සිටි විට, ඔවුන් අතරින් කෙනෙක් ක්ෂණිකව ම වැල්වැටිතුරෙයි සිටි ඔහුගේ මිතුරෙකුගේ සීයා සමග මාව සම්බන්ධ කළා. ”

දිවුරුම් ප්‍රකාශ
ආනන්දරාජ් මහතාගේ දිවුරුම් ප්‍රකාශ මගින් තෙදින සංහාරයෙන් දිවි ගලවා ගත් අයගේ විස්තරාත්මක හෙලිදරව් කිරීම් සංරක්ෂණය කර ඇත. ඉන්දියානු සාම සාධක හමුදාවේ (IPKF) සොල්දාදුවන් විසින් සිය ආදරණීයයන් තම ඇස් ඉදිරිපිට ම මරාදමනු බලා සිටීමට වැල්වැටිතුරෙයි ජනතාවට සිදු වූ ආකාරය මෙන් ම ලැබූ බොහෝ දෙනෙකුට දිවි ගලවා ගැනීම සඳහා ලේ තටාකවල මැරුණු බව අඟවමින් වැටී සිටීමට සිදු වූ ආකාරය මේවා මගින් විස්තර කර තිබේ.
එක්තරා වයෝවෘද්ධ ධීවරයෙක් විස්තර කර තිබුණේ සිය කුඩා මුණුබුරන් දෙදෙනා තමාගේ නිවසට දිව ඒමට සමත් වූ නමුත් ඔවුගේ මව පැමිණි විට ඇය ඔහුගේ පාමුල ඇද වැටී පපුවෙන් ලේ ගලමින් මිය ගිය බවයි. දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මීට වසර කිහිපයකට පෙර ඇය වැන්දඹුවක්ව සිටියාය. තවත් සිදුවීමක දී, ඉන්දියානු සොල්දාදුවන්, සහෝදරයන් දෙදෙනෙකු ඔවුන්ගේ නිවසින් පිටතට ඇදගෙන ගොස් නිවෙසට ගිනි තැබූ අතර, ඔවුන්ගේ භාර්යාවන් ඔවුන්ගේ ඇඟේ එල්ලෙමින් ආයාචනා කරද්දී වෙඩි තබා මරා දැමුණු අතර එහි දී දිවි ගලවා ගැනීමට හැකි වූයේ කාන්තාවන්ට පමණි.
විදේශගතව සිටි සිවගණේෂන් මහතාගේ නිවසට ඉන්දීය සොල්දාදුවන් කඩා වැදීමත් සමග එහි ආරක්ෂාව ලබමින් සිටි සිටි කාන්තාවන් හමුදා සෙබළුන්ගේ දෙපා මුල වැටෙමින් ඔවුන්ට වෙඩි නොතබන ලෙස බැගෑපත් වෙමින් සිටියත්, ඔවුන්ට පා පහර දී පළවා හැරීම සිදු විය. වයස අවුරුදු 60 ට අඩු සියලුම පිරිමින් ගව මඩුවක් අසල පෙළ ගස්වා යුගල වශයෙන් හිසට වෙඩි තැබූ අතර හඬා වැටෙන ඕනෑම කෙනෙකුට වෙඩි තබන බවට සෙබළු තර්ඡනය කළහ.
සුබ්‍රමනියම් මහතා විශ්‍රාමික මිනින්දෝරු අධිකාරිවරයෙකු විය; ආරක්ෂාව පතා ඔහුගේ නිවසට 50 දෙනෙකු පමණ පැමිණ සිටි අතර සෙබළුන් සැනෙකින් සුබ්‍රමනියම් මහතාට වෙඩි තබා තවත් කෙනෙකුගේ සාක්කුවේ තිබූ මුදල් කොල්ලකා, පසුව කාන්තාවන්ට සහ දරුවන්ට වෙඩි තැබූහ. එක් සික් සෙබලෙක් කෙතරම් ප්‍රචණ්ඩ ලෙස වෙඩි තැබුවේ ද යත්, ඔහු නැවත වෙඩි තැබිමට සූදානම් වන විට ඔහුගේ දෙපා මුල තෙක් ලේ ගලා යමින් පැවතුණි. මේ අවස්ථාවේ දී ඔහුගේ සගයෙකු විසින් ඔහු නැවැත්විම සිදු විය. තවත් අවස්ථාවක දී තුවාල ලැබූවන් මරා දමන ලෙසට සෙබලෙක් ඔහුගේ සගයෙකුගෙන් ඉල්ලා සිටි විට ලේ ගලමින් සිටි ඔවුන් ඉක්මණින් මරණයට පත්වනු ඇති බව පැවසූ බවට සිදු වීමෙන් දිවි ගලවා ගත් අයෙකුගේ මතකයේ පැවතුණි.
වාර්තාවලට අනුව දූෂණයට ලක් වූ කාන්තාවන් අවම වශයෙන් 20 දෙනෙකුවත් සිටින බව දැක්වුණු අතර සිය නම පැවසීමට අකමැති වූ එක් කාන්තාවක් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තම කුඩා දරුවා කාමරයේ කොනක වාඩි කරවා බලා සිටින අතර සීක් සොල්දාදුවන් දෙදෙනෙකු තමාව දූෂණය කළ බවත් තුන්වැන්නා තමාගේ කට තද කරගෙන අල්ලාගෙන සිටි බවත්ය. ඇය කිසිවෙකුට මේ බව පැවසුවහොත් ඇගේ මුළු පවුලම මරා දමන බවට ඇයට පසුව අනතුරු අඟවා තිබුණි.
එක් පටුමගක පමණක් නිවාස විසිතුනක් ගිනිබත් කර තිබුණි. ඇසින් දුටු සාක්ෂිකරුවන් විසින් විස්තර කළේ නිවාස විනාශ කරන විට ඉන්දියානු සෙබළුන් සිනාසෙමින් එසේ කළ බවයි. ඉන්දියානුවන් ඔවුන්ගේ මුර සංචාර සිදු කරන අතර සැඟවී සිට පහරදීමක් ලෙස විස්තර කළ සිදුවීමට සමස්ත ප්‍රජාවටම සාමූහිකව දඬුවම් කිරීම සඳහා ඉන්දියානු සෙබලුන් විසින් සාප්පු, සිනමාහල්, පුස්තකාල, වාහන, ආහාර තොග, බෝග සහ ධීවර දැල් ගිනිබත් කරන ලදී.
අසරණයභාවයට පත් කිරීම, නිවාස අහිමි කිරීම, තුවාල සිදු කිරීම, දූෂණය කිරීම, වධ හිංසා කිරීම, පුරවැසියන් වියෝ කරවීම සහ මරා දැමීම මෙන්ම, විනාශ කිරීමේ ව්‍යාපාරය මගින් නගරයේ ආර්ථික බිඳවැටීම සිදු කරවීමට කටයුතු කළ බව පෙනෙන්නට විය. එහි ක්ෂණික ප්‍රතිඵලයක් ඇඳිරි නීතිය පැනවීමෙන් අනතුරුව, ඒ වන විටත් වැල්වැටිතුරෙයිහි සිරවී සිටින බොහෝ දෙනෙක් සාගතයට මුහුණ දී සිටියහ. තුන්දහසක් පමණ ජනතාව තම නිවෙස්වලින් අවතැන් වූ අතර දහසක් පමණ දෙනා බෝට්ටුවලින් දකුණු ඉන්දියාවට පලා ගියහ. එක් මාධ්‍යවේදියෙකු වාර්තා කර තිබුණේ ජනගහනයෙන් අඩක් බිය හෝ බලාපොරොත්තු සුන්වීම නිසා පලා ගිය බවයි. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් දැනට බ්‍රිතාන්‍යයේ හා කැනඩාවේ ජීවිත් වන නමුත් වාර්ෂිකව මෙම සමූලඝාතනය ස්මරණය කිරීම සිදු කරති.
දිවි ගලවා ගත් අය විසින් ඔවුන්ගේ ප්‍රකාශයන්හි විස්තර කර ඇති ආකාරයට මෙම අමානුෂික උල්ලංඝනයන් අතරට නීති විරෝධී ඝාතන, වධහිංසා සහ කෘෘරත්වය, අවමන් සහගත සහ අමානුෂික සැලකීම් මෙන්ම අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම ඇතුළත් වේ. ඉන්දියානු සෙබලුන් විසින් සිවිල් වැසියන් සටන්කාමීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීමට උත්සාහ කර නොතිබුණි. ඔවුන් ශ්‍රී ලංකාවේ සිටි මාස 32ක කාලය පුරාවට ඉන්දීය සාම සාධක හමුදාව විසින් සිදු කරන ලද අනෙකුත් සාහසික ක්‍රියා සම්බන්ධව ගත් කල, මෙම උල්ලංඝනය කිරීම් ශ්‍රී ලංකාවේ දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව සිදු කළ පුලුල් සහ ක්‍රමානුකූල ප්‍රහාරයක කොටසක් සේ මෙන් ම, බොහෝ විට මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස සැලකිය හැකිය.
සමූලඝාතනය පිළිගන්නා ලෙසත්, සමූලඝාතනය සම්බන්ධයෙන් ලිඛිතව සමාව ගන්නා ලෙසත්, සමූලඝාතනයට ගොදුරු වූවන්ට වන්දි සහ පුනරුත්ථාපනය ලබා දෙන ලෙසත් ඉන්දියාවෙන් ඉල්ලා සිටීමෙන් වාර්තාව අවසන් වේ. මෙම සමාව අයැදීම ප්‍රසිද්ධියේ සිදු කළ යුතුය. සමූල ඝාතන සිදු වූ අවස්ථාවේ සිටි ඉන්දීය අණ දෙන නිලධාරීන් පැහැදිළි කරන ලෙසත්, උල්ලංඝනයන්ට සම්බන්ධ වූවන්, විශේෂයෙන්ම තවමත් ඉන්දීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ තනතුරුවල සේවය කරන බව සිතන අය සාපරාධී ලෙස වගවීමට ලක් කරන ලෙසත් මෙම වාර්තාව මගින් දිල්ලියෙන් ඉල්ලා සිටියි. ජාත්‍යන්තර ප්‍රජාව මෙයට සම්බන්ධ පුද්ගලයන්ට සම්බාධක සහ වීසා තහනම් පැනවිය යුතු වන අතර – ITJP විසින් චෝදනා කරන ලද අපරාධකරුවන් හඳුනා ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රජයන් සමග තොරතුරු හුවමාරුකර ගෙන ඇත.
වැල්වැටිතුරෙයි සමූලඝාතනය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ස්ථාපිත කරන ලෙසත්, සමූල ඝාතනයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීම සහතික කරන ලෙසත් වාර්තාව ශ්‍රී ලංකා රජයෙන් ද ඉල්ලා සිටී. විශේෂයෙන්ම ඉන්දියානුවන් විසින් හමුදා කඳවුරක් ලෙස භාවිතා කළ උඩුප්පිඩ්ඩි බාලිකා විද්‍යාලයේ සහ වැල්වැටිතුරෙයි තරුණයන් සහ පිරිමි ළමුන් දස දෙනෙකු මිහිදන් කර ඇතැයි සැලකෙන සොහොන් බිම කැණීම් සිදු කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුය.
“මෙය දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සිදු වූ සියගණනක් සමූලඝාතනවලින් එකක් පමණක් බව අපි දන්නවා, ඒත් මේ ගැන ඒ කාලයේ ඉතා සූක්ෂම ලෙස ලේඛනගත කර ඇති නිසා, පවුල් සහ සමස්ත ප්‍රජාවටම සුළු හෝ නිමාවක් ලබා දීමට, සිරුරුවල කොටස් හඳුනා ගැනීමට හැකිවෙයි” යස්මින් සූකා පැවසුවාය. “වැල්වැටිතුරෙයි නඩුව සත්‍ය ප්‍රතිසාධනය, යුක්තිය සහ වගවීම සඳහා වන පරීකෂණ නඩුවක් විය යුතුය”.
දමිළ වාර්තාව පහලින් කියවන්න.