පසුගිය කාලයේ සිටි පාලකයින් නිවැරදි තීන්දු නොගැනීම හේතුවෙන් ආපස්සට ගිය රට ඉදිරියට ගෙන යාමේ හැකියාව පවතින බව අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.

පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු  පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කලේ මෙවර අයවැයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිරි කටයුතු සඳහා රුපියල් මිලියන හාරසියයක මුදලක් වෙන් කර ඇති බවයි.

“බන්ධනාගාරගතව සිටින  පුද්ගලයෙකුට අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඒ අනුව කටයුතු කරනවා හැර සමාජයේ ජීවත්වෙන වෙනත් අයට  මෙන් හඩනගා ඉල්ලීම් කිරීමේ හැකියාවක් නැහැ. බන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ  සියලු පහසුකම් පිළිබදව විමසිලිමත් විය යුතුයි.  අපි ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට ක්‍රියා කළ යුතුයි.”

“මෙවර අයවැයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිරි කටයුතු සඳහා රුපියල් මිලියන හාරසියයක මුදලක් වෙන් කර තිබෙනවා. 2028/12/31 වන දින මෙම ව්‍යාපෘතිය අවසන් කලයුතු වුවද  එදිනට පෙර එහි වැඩ කටයුතු අවසන් කිරීම පිලිබදව අවධානය යොමු කරන ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම මේ ඉදිකිරීම් කටයුතුවලට කිසියම් පුද්ගලයෙකු හෝ රෙගුලාසියකින් බාධා එල්ල වන්නේ නම්  අධිකරණ අමාත්‍යවරයා වශයෙන් මට හෝ අමාත්‍යාංශයේ ලේකම්තුමියට දන්වන්න. ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට අපි කටයුතු කරනවා. පසුගිය කාලයේ  මේ රටේ සිටි පාලකයින් නිසි  තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් රට ආපස්සට ගියා. නමුත් නිවැරදි තීන්දු තීරණ ගැනීම තුළින්  රට ඉදිරියට ගෙන යාමේ හැකියාව පවතින බව අපි විශ්වාස කරනවා වගේම අපේ රජයේ ප්‍රතිපත්තිය එයයි. පසුගිය වසර දෙක තුළ රාජ්‍ය ආයතන නිසි පරිදි වැඩ නොකිරීම සම්බන්ධයෙන් නිලධාරීන්ට දොස් නොපවරන බවත්, එහෙත් පවතින මූල්‍ය සම්පත් කළමණාකරණය කරමින් මෙම වසරේ සිට රජයේ කටයුතු සිදු කරන ලෙසත්, 2028 දෙසැම්බර් 31 වන දින බන්ධනාගාර සංකීර්ණයේ ඉදි කිරීම් අවසන් කළ යුතු වුවද ඊට පෙර එහි වැඩ අවසන් කිරීමට පියවර ගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියන් විතැන් කිරිමේ ව්‍යාපෘතිය යටතේ එම බන්ධනාගාරයේ සිටි රැඳවියන් විතැන් කිරීමේ කටයුතු 2007 වසරේදී ආරම්භ කර ඇත. මේ වන විට රැඳවියන් 2500ක් පමණ පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින අතර එම සංඛ්‍යාව රැඳවිය හැකි පිරිසට වඩා දෙගුණයක් පමණ වේ. රැඳවියන්ට මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ටද එය විශාල ගැටළුවක් වී ඇති අතර රැඳවියන්ගේ අයිතිවාසිකම් ද ආරක්ෂා කිරීම වගකීමක් වන බැවින් නව බන්ධනාගාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍යතුමා විසින් අධිකරණ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *