මේ රටේ දේශපාලන වශයෙන් සැබෑ වෙනසක් සිදු කිරිමේ බලාපොරොත්තුවෙන් රටේ ජනතාව ජාතික ජන බලවේගය බලයට පත් කල බවත්, එම රජය ගතවූ මාස කිහිපය තුළ ජනතාවට කිසිම දෙයක් නොකල බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේඛම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් පැවසීය.
ලංකා කම්කරු කොංග්‍රසයේ ලාංඡනය යටතේ නෝර්වුඩ් සහ ආගරපතන ප්‍රාදේශීය සභා වලට තරග කරන අපේක්ෂකයන්ගේ ජයග්‍රහනය තහවුරු කිරිම සදහා පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු (23) දින වතු ආශ්‍රිත ප්‍ර දේශ වලින් ආරම්භ කරමින් පැවැති රැස්විම් අමතමින් ඔහු මේ බව සදහන් කළා.
“ ඔබේ හැගීම් වලට මුවා වෙලා අද ජාතික ජන බලවේගය තුනෙන් දෙකේ බලයක් ලබාගෙන තිබෙනවා. එම බලය ලබා ගැනීමට වතුකරය නියෝජනය කරන ඔබත් විශෘල දායකත්වයක් සපයලා තියෙනවා. වතුකරය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අද ඔබ ගාවට ඇවිත් ඔබේ ප්‍රශ්න ගැන කතා කරනවාද? ඔබව නියෝජනය කර කතා කරන්න අද අපට බලයක් නෑ. වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට තිබෙන එකම අමාත්‍යාංශය වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයයි. එම අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යවරයා බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන සිංහල ජාතිකයෙක්. නියෝජ්‍ය අමාත්‍යාවරයා අපේ ජාතියට අයත් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන අයෙක්. ඒ දෙන්නම නුවරඑලිය දිස්ත්‍රික්කයට අඩුවන් තමයි සංවර්ධන කටයුතු සිදු කරන්නේ. පළාත් පාලන මැතිවරණයේදි යලිත් ජාතික ජන බලවේගයට බලය ලබා දුන්නොත් වතුකරයට කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු වන්නෙ නොමැති බවයි.”