වත්මන් ආණ්ඩුවේ යම් අඩු පාඩුකම් ඇති බවත්, අත්දැකීම් නොමැතිකම මෙන්ම, දේශපාලනය කරලා අවබෝධයක් නෑති විම ඊට හේතුව බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසයි.උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ ජාතික නාමල් උයන පරිශ්‍රයේ අපසුගියදා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

“මේ රටට ආදරේ තියෙන, ජනතාවට ආදරේ තියෙන, දේශපාලන නායකයෝ මේ බලය අල්ලා ගැනීම නෙමෙයිනේ කළ යුත්තේ, මේ වෙනකොට රට අගාධයට වැටිලන් තියෙන්නේ ආර්ථික පරිහානියට පත්වෙලා,ඉතින් මේකෙන් ගොඩගන්න නම් මම කියන්නේ මේ සියලු දෙනා එකට එකතු එකතු වෙලා එක මඟකට එක මිටකට මේ ජනතාව ගොඩ දා ගැනීමේ යාන්ත්‍රණයට සම්බන්ධ වෙන්න ඕනේ. අනෙක් එක තමයි දැන් මේ වෙනකොට ඔය විවිධ දේශපාලන පක්ෂවල නායකයෝ පහුගිය කාලේ අපි හොඳට දැක්කා රට වැටිච්ච වෙලාවේ ඔය කවුරුවත් බලේ ගන්න හිටියේ නෑ. මේ ගෙඩිය පිටින්ම කන්නනෙ මුන් මේ ලෑස්තිය, එහෙම දෙන්න එපා”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

“ඇත්තටම ඕක තමයි තියෙන්නේ ජරාම අසික්කිතම වැඩේ,මම නිතර කියන දෙයක් තමයි, මේ පහුගිය කා‍ලේ මේ රටේ බලය අල්ලන්න ගිහිල්ලානේ ඒක හැම එක්කෙනාම ඔය නායකයෝ හැම කෙනාමගේ බලය ගැන විතරයි හිතන්නේ.ඒක තමයි අවශ්‍යතාව රට ගැන හිතිල්ලක් නෑ, එනිසා මම මේ රටේ ජනතාවට කියනවා දැන් ආණ්ඩුවක් පත්වුනා නේ. අඩුපාඩුකම් තියෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්.හැබැයි ඒ මිනිස්සුන්ටත් යන්න මාවතක් අපි හදලා දෙන්න ඕනනේ අපි ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. මේ වෙනකොට ප්‍රාදේශීය සභා නගරසභාවල සමහර තැන්වල මේ පවතින ආණ්ඩුවට බලය ලැබිලා තියෙනවා, ඒගොල්ලෝ ඒක පිහිටුවදෙන්. ඊළඟට සමහර තැන් වල ඒගොල්ලන්ට බලය අඩුයි. විපක්ෂයට බලයවැඩියි හැබැයි දැන් මේ වෙනකොට මේගොල්ලෝ සන්ධාන ගහලා මේ ඔක්කොම එකට එකතු වෙලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ යන ගමන් මඟ වෙනස් කරලා බලය අල්ලන්න මේ ජනතාවට ඔය දේශපාලඥයන්ගේ කතාවලින් තේරෙනවා නේද පැහැදිලිව මේ මිනිස්සු කරන්ඩ හදන්න යන්නේ මොකද්ද කියලා.”

“එකක් තමයි දැන් ආණ්ඩුව යම් යම් ඒ කාලේ හිටපු මැති ඇමතිවරුන්, නිළධාරීන් කරපු වැරදි ක්‍රියාදාමයන් වලට ක්‍රමයෙන් ටික ටික ටික ටික දඩුවම් දීගෙන යනවා, හොරකම වංචාව දූෂණය අවම කරන්න ඒ අවශ්‍ය කරන වැඩපිළිවෙලක් හදාගෙන යනවා, හැබැයි මේ ආණ්ඩුවේ එක මිනිහෙක්වත් හොරකම් කලේ නෑනේ, විවිධ කටකථා සමාජ ගත කරනවා විරුද්ධ පක්ෂයේ අය, හැබැයි ඒකේ ඇත්ත හරි බොරුව හරි මේගොල්ලන්ටත් ටිකක් අපි දීලා බලන්න ඕනේ. ඒක නිසා මේ රටේ ජනතාව ග ගැන හිතලා මේ විපක්ෂ⁣යේ ඔක්කොම එකට එකතුවෙලා මේ රට ගොඩගන්නවා හැරුණු කොට වෙනත් වූ විකල්පයක් නැද්ද මේ බලය අල්ලා ගැනීමද මේකේ විකල්පය මම කියන්නේ මේ සියලු දෙනා එකට එකතු වෙන්නෙ එකට එකතු වෙන්න එකට එකතු වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයේ , ස,ජබේ, පදක්කම මේ ඔක්කොම එකට එකතු වෙන්න එකට එකතු වෙලා වර්තමාන ආණ්ඩුවේ පාලකයන්ගේ යම් යම් අඩුපාඩු තියෙනවා නම්, සාකච්ඡා කරලා මූණට මුහුණ කතාබහ කරලා උපදෙස් ටික දීලා දීලා, කටයුතු කරන්න වැඩපිළිවෙලක් හදාගන්න. මේ රටට ආදරේ තියෙන, ජනතාවට ආදරේ තියෙන, දේශපාලන නායකයෝ මේ බලය අල්ලා ගැනීම නෙමෙයිනේ කළ යුත්තේ, මේ වෙනකොට රට අගාධයට වැටිලන් තියෙන්නේ ආර්ථික පරිහානියට පත්වෙලා,ඉතින් මේකෙන් ගොඩගන්න නම් මම කියන්නේ මේ සියලු දෙනා එකට එකතු එකතු වෙලා එක මඟකට එක මිටකට මේ ජනතාව ගොඩ දා ගැනීමේ යාන්ත්‍රණයට සම්බන්ධ වෙන්න ඕනේ. “

“අනෙක් එක තමයි දැන් මේ වෙනකොට ඔය විවිධ දේශපාලන පක්ෂවල නායකයෝ පහුගිය කාලේ අපි හොඳට දැක්කා රට වැටිච්ච වෙලාවේ ඔය කවුරුවත් බලේ ගන්න හිටියේ නෑ. මේ ගෙඩිය පිටින්ම කන්නනෙ මුන් මේ ලෑස්තිය, එහෙම දෙන්න එපා,එහෙම කරන්න යන්න එපා. ඒක හොඳට. ඒක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා ඒක හොඳට තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා මම ඉල්ලීමක් කරන්නේ සියලුම දේශපාලඥ නායකයෝ එකට එකතු එකතු එකතුවෙලා පවතින රජයත් එක්ක ආපහු මේ කකුලෙන් අදින්න වැඩපිළිවෙලක් හදාගන්නැතුව ඒ මිනිස්සු යන ගමන් මග විනාශ කරන්න වැඩ නොකර, අඩුපාඩුකම් තියෙනවාඒක අපිත් පිළිගන්නවා. මේ වර්තමාන ආණ්ඩුවේ යම් අඩු පාඩුකම් තියෙනවා. අත්දැකීම් නොමැතිකම එකක්, ඊළඟට දේශපාලනය කරලා අවබෝධයක් නෑ. දෙන්නා තුන්දෙනාටයි අවබෝධය තියෙන්නේ අනික් අය ඔක්කොම කුළුඳුල් මිනිස්සු ඒ නිසා ඒගොල්ලන්ගේ අඩුපාඩු තියෙනවානම්, දැන් රනිල් මහත්තයාගෙන් වැඩක් ගන්න පුළුවන්,මහින්ද මහත්තයාගෙන් වැඩක් ගන්න පුළුවන්, සජිත් මහත්තයාගෙන් වැඩක් ගන්න පුළුවන්, මේ දේශපාලඥයෝ කවුරුවත් අහක දාන්න අවශ්‍ය නෑ.මේ හැම කෙනාම එකට එකතු වෙලා, එක මේසෙක ඉඳගෙන මේ වැටිච්ච රට ගොඩ ගන්නත් මේ ජනතාවගේ පැත්තෙ ඉඳලා, භේද බින්න වෙන්නේ නැතුව හොඳ ගමනක් යන්න කියලා මම ඉල්ලීමක් කරනවා යැයි පැවසූහ.”

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *