වත්මන් ජනපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්තිවලට අනුකූලව ජනතාවට උපරිම සේවාවක් ඉටු කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් පවසයි.ජීවන් තොන්ඩමන් ඒ බැව් පැවසූයේ (17) දින පස්වරුවේ ආගරපතන ප්‍රදේශයේදි මාධ්‍යට ප්‍රකාශයක් කරමින්ය.

පැවති පළාත් පාලන මැතිවරණයේ නුවරඑලිය දිස්ත්‍රික්කය ඇතුලු තවත් දිස්ත්‍රික්ක ගණනාවකටම ලංකා කම්කරු කොංග්‍රසයේ කුකුළා සලකුණින් තරගකර සභිකයින් ගණනාවක් ජයග්‍රහණය කලද එම දිස්ත්‍රික්ක වල පිහිටි පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට සභිකයින් පිරිසක් නොමැති නිසා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය සමග බලය පිහිටු වීමට තමන් සාකච්ඡා කල බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් පැවසීය.

මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ ජීවන් තොන්ඩමන් කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග කල සාකච්ඡාවට නිසි විසදුමක් නොලැබීම හේතුවෙන් පසුව ජාතික ජන බලවේගය සමග සාකච්ඡා පැවැත්වූ බවයි.

ජාතික ජන බලවේගය සහ ලංකා කම්කරු කොංග්‍රසය සමග ඇති කර ගත් එකගතාවයන් මත නුවරඑලිය දිස්ත්‍රික්කය ඇතුලු තවත් දිස්ත්‍රික්ක ගණනාවක ප්‍රාදේශීය සභා සහ නගර සභාවල බලය පිහිටු වීමට සහය ජාතික ජන බලවේගයට ලබා දෙන බවයි.

වත්මන් ජනපති අනුර කුමාර දිසානායක කෙරෙහි තමන්ට පූර්ණ විශ්වාසයක් ඇති බවත්, එම විශ්වාසය ජාතික ජන බලවේගයේ අනෙකුත් මැති ඇමතිවරුන්ද ලංකා කම්කරු කොංග්‍රසය සමග ඇති කර ගත යුතු බවයි තොන්ඩමන් සදහන් කළේ.

ඒ අනුව තලවකැලේ ආගරපතන ප්‍රාදේශිය සභාව,තලවකැලේ ලිදුල නගර සභාව,නුවරඑලිය ප්‍රාදේශිය සභාව ජාතික ජන බලවේගය සහ ලංකා කම්කරු කොංග්‍රසය එක්ව බලය පිහිටවනු ලැබුවා.

ආගරපතන ප්‍රාදේශිය සභාව

මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තුගේ ප්‍රධානත්වයෙන් (17) දින පස්වරු 2:30ට ලිදුල නාගසේන ප්‍රදේශයේ පිහිටි ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

එම ප්‍රාදේශිය සභාවේ නව සභාපතිනිය වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමූර්ති රතිදේවි විවෘත ඡන්ද 08කින් තේරී පත් වු අතර, එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ අල්ලිමුත්තු ප්‍රදීප් දිනේශර් තේරි පත්විය. ඡන්දය ප්‍රකාශ කිරිමේදි ස්වාධීන මන්ත්‍රීවරුන් 02 ජන්දය ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටියහ.

මෙම ප්‍රාදේශිය සභාවට සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වූ අතර, ඒ සදහා රහස් ඡන්දයක් පැවිත්විය යුතු බවට සභිකයින් 5 දෙනෙකු යෝජනා කල අතර, විවෘත ඡනදයක් පවත්වන ලෙසට සභිකයින් 8 දෙනෙකු එකගතාවය පළ කල නිසා මධ්‍යම පළාත් පලාත් පාලන කොමසාරිස්වරිය බහුතර සභිකයින්ගේ එකගතාවය මත, විවෘත ඡනදයකින් සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු කෙරිණ.

එම සභාවට තේරිපත් වූ සත්‍යමූර්ති රතිදේවි මාධ්‍ය හමුවේ කියා සිටියේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිවලට අනුකූලව ආගරපතන ප්‍රෙද්ශයේ ජනතාවට ප්‍රා දේශීය සභාව තුලින් උපරිම සේවාවක් ඉටු කරන බවයි.

  1. ආගරපතන ප්‍රාදේශීය සභාව( මන්ත්‍රීධූර 15)
    1. ජාතික ජන බලවේගය – 04
    1. ලංකා කම්කරු කොංග්‍රසය – 04
    1. සමගි ජන බලවේගය – 04
    1. ඊරොස්ට් ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය – 01
    1. එක්සත් ජාතික පක්ෂය – 01
    1. ස්වාධීන – 01

නුවරඑලිය ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ වේලු යෝගරාජ්  ඒකමතිකව තේරී පත් වු අතර, එම සභාවේ උප සභාපතිනිය වශයෙන් ජාතික ජන බලවේගයේ හේවගේ ආශා දිල්රුක්ෂි විවෘත ඡන්ද 13ක් ලබා ගනිමින් තේරි පත්විය.

එම ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා තේරිම සදහා ජාතික ජන බලවේගයෙන් ඡන්ද දෙකකුත් යෝජනා වූ නිසා උප සභාපතිවරයා තෝරාපත් කර ගැනීම විවෘතව පැවැත්විමට බහුතර සභිකයින්ගේ එකගතාවය මත පැවැත්විණ.

උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේදි සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ දෙදෙනාට ඡන්ද 5ක් සහ ඡන්ද 4ක් වශයෙන් ලැබුණු අතර, ස්වාධීන මන්ත්‍රීවරුන් දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

නවුරඑලිය ප්‍රාදේශීය සභාවට තේරි පත් වූ සභාපතිවරයා කියා සිටියේ ජාතික ජන බලවේගය සමග එක් වී නවුරඑලිය ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවාවක් ඉටු කරන බවයි.

  1. නුවරඑලිය ප්‍රාදේශීය සභාව ( මන්ත්‍රීධූර 24)
  2. ජාතික ජන බලවේගය – 07
  3. ලංකා කම්කරු කොංග්‍රසය – 06
  4. සමගි ජන බලවේගය – 05
  5. ස්වාධීන (01) – 02
  6. ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ – 01
  7. එක්සත් ජාතික පක්ෂය – 01
  8. ස්වාධීන (02) – 01
  9. ස්වාධීන (03) – 01

තලවකැලේ ලිදුල නගර සභාව

නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ මලිදුව ලියනගේ උපාලි විවෘත ඡන්ද 06 කින් තේරී පත් වු අතර, එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සින්නයියා පෙරියසාමි රොසාන් රාජසේගර් ඡන්ද 06 කින් තේරි පත්විය.

මෙම නගර සභාවට සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වූ අතර, කදුරට ජනතා පෙරමුණේ තාලමුත්තු සුදාගර්ගේ නම පළමුව යෝජනා වූ අතර, දෙවනුව මලිදුව ලියනගේ උපාලිගේ නම යෝජනා විය.

ඒ සදහා විවෘත ඡන්දයක් පැවිත්විය යුතු බවට සභිකයින් 06 දෙනෙකු යෝජනා කල අතර, රහස් ඡනදයක් පවත්වන ලෙසට සභිකයින් 05 දෙනෙකු එකගතාවය පළ කල අතර, එම නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් සභාපතිවරයා සහ උප සභාපතිවරයා තේරිමේ ඡන්දයෙන් වැලකී සිටියහ.

තලවකැලේ ලිදුල නගර සභාව ( මන්ත්‍රීධූර 12)

  • කදුරට ජනතා පෙරමුණ – 03
  • ජාතික ජන බලවේගය – 04
  • ලංකා කම්කරු කොංග්‍රසය – 02
  • ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ – 01
  • සමගි ජන බලවේගය – 02

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *