විගණකාධිපති තනතුරට මිත්‍රයෙක් පත් කරන ලක් ඉතිහාසයේ දූෂිතම ජනපති අනුර දිසානායක බව පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල චොදනා කරනවා.එ අතරම ඔහු පෙන්වා දෙන්නේ මාලිමාවේ ජාතික ලැයිස්තු අපේක්ෂිකාවක් වෙලා හිටියේ කැළණිය විශ්ව විද්‍යාලයේ වසන්තා සුබසිංහගේ සැමියා සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්කිරිම හරහා මාලිමාව පවුල් දේශපාලනයට නතුව ඇති බවයි.

2025 ජූලි 14 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල දැක්වු අදහස්!

විගණකාධිපති තනතුර අප්‍රේල් මාසයේ සිට පුරප්පාඩුයි.  ඒ තනතුරට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම් සහ පලපුරුද්ද වැඩ බලන ධර්මපාල ගම්මන්පිල මහතාට තිබෙනවා.  ඒ වගේම දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ සහයෝගය තිබෙනවා.  විගණන නිලධාරින්ගේ සංගමය සුදුස්සාට සුදුසු තැන දෙන්න  ගම්මන්පිල මහතා පත් කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කලා විතරක් නොවේ මාධ්‍ය හමුවක් තියලා රටටත් කිව්වා. 

ඒ ඉල්ලීම් පැත්තක තියලා ජනාධිපතිතුමා තමන්ගේ කැළණි සගයෙක් විගණකාධිපති තනතුරට පත් කරන්න උත්සාහ කලා.  නමුත් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජය නියෝජනය කරන කීර්තිමත් වෘත්තියවේදින් තුන්දෙනා ඉතාම නිර්භීතව ජනපතිගේ යෝජනාව ප්‍රතික්ෂේප කලා.  ඒ නිසා තමන්ගේ මිත්‍රයා විගණකාධිපති තනතුරට පත් කර ගන්න බැරි වුණා. නමුත් සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනාගේ ධූර කාලය ජනවාරි මස 3 දා අවසන් වෙනවා.  ඊලඟට පත් වන තුන්දෙනාගෙන් එක් අයෙකු ආණ්ඩුවේ යෝජනාවට සහය දුන්නොත් කැළණි මිත්‍රයා විගණාකධිපති තනතුරට පත් කරන්න පුළුවන්. 

ඒ නිසා තමයි ගම්මන්පිල මහතාට වැඩ බලන පත්වීම් දෙමින් ජනාධිපති කල් මරන්නේ.  මුලින්ම සති දෙකකට දුන්නා.  ඊට පස්සේ මාසයකට දුන්නා. දැන් මාස හයකට දුන්නා. මාස හතහමාර ඉවර වෙන කොට අළුත් ව්‍යවස්ථාදායක සභාවක්.  එතකොට කැළණි සගයාට පත්වීම ලබා දෙන්න ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගන්න පුළුවන්.

විගණකාධිපති තනතුර විධායකයෙන් ස්වාධීන වෙන්න ඕනි කියලා මුළු ලෝකය පුරා පිලිගත් සම්මතයක් තිබෙනවා.  ඒ නිසා අන්ත දූෂිතයි කියලා චෝදනා ලබපු ජනාධිපතිවරු අගමැතිවරුවත් කවදාවත් තමන්ගේ යාළුවන් විගණකාධිපති තනතුරට පත් කර ගන්න උත්සාහ කරලා නෑ.  ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ජනාධිපතිවරයෙකු තමන්ගේ මිත්‍රයෙක් විගණකාධිපති කර ගන්න මෙතරම් වෑයම් කරන්නේ.

තමන්ගේ ආණ්ඩුව දූෂණයෙන් තොර නම් හොරකම් කරන්න බලාපොරොත්තුවක් නැති නම් කවුරු විගණකාධිපති වුණාම ආණ්ඩුවට මොකද?  ඇයි සුදුස්සෙක් පත් වෙනවාට ජනාධිපති මෙතරම් බය වෙන්නේ?  මේ ආණ්ඩුව බලයට ආවේ ජනතාවට සිදුවුණු අත්වැරදීමක් නිසා කියලාත් නැවත කවදාවත් මේ වගේ වරදක් ජනතාව කරන්නේ නෑ කියලාත් ආණ්ඩුව දන්නවා.  ඒ නිසා අද රෑට අරක්කු තහනම් කරනවා කිව්වාම මෙලෝ සිහියක් නැතිව බේබද්දෝ බොනවා වගේ ආණ්ඩුව ඉතිරි වසර කිහිපයේ සොරකම් කරලා මේ රාජ්‍යයේ සාරය උරා බොන්නයි සූදානම.  එහෙම නැතිනම් තමන්ගේ හිතවතෙක් විගණකාධිපති කරන්න මෙතරම් වෙර දරන්නේ ඇයි? කියලා ආණ්ඩුවට රටට පැහැදිලි කරන්න වෙනවා

ව්‍යවස්ථාදායක සභාව වග කියන්නේ පාර්ලිමේන්තුවට.  ව්‍යවස්ථාදායක සභාවේ තීරණ ගැන කතානානයකතුමාගෙන් පාර්ලිමේන්තුවට ප්‍රශ්න කරන්න පුළුවන්.  නමුත් ජනවාරි මාසය වන තුරු කල් මැරීමේ ජනපතිගේ කුමන්ත්‍රණය ගැන පාර්ලිමේන්තුවේ මේ දක්වා කවුරුත්ම ප්‍රශ්න නොකිරීම ඉතාම කනගාටුදායක තත්වයක්.

සුරා බදු කොමසාරිස්කමත් තබුත්තේගමට

ඒ වගේ නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එන් ඩි එන් ‍ඒ ‍ප්‍රේමරත්න මහතා සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කරලා තියෙනවා. නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරීයෙක් කිව්වාම අපිට හිතා ගන්න පුලුවන්. නාවික කටයුතු පිළිබඳ ප්‍රවීනයෙක් ඒ නිසා වරාය අධිකාරියේ සභාපති වුනානම් සමුද්‍ර දුෂණ වැළැක්විමේ අධිකාරියේ සභාපති වුනානම් අපිට ඒක තේරුම් ගන්න පුලුවන්. නැව් සංස්ථාවේ සභාපති වුනානම් අපිට තේරුම් ගන්න පුලුවන්.

නාවික හමුදාවේ කොමදෝරු මහත්තයෙක් සුරා බදු ගැන මොනවාද දන්නේ එතුමා සුරාව පිළිබඳ විශේෂඥවරයෙක්ද කියලා නම් අපි දන්නේ නෑ. හැබැයි බදු පිළිබඳ කිසිම අවබෝධයක් නෑ. එහෙම කෙනෙක් මෙහෙම පත් කරන්නේ ඇයි?

1912 සුරාබදු දෙපාර්තමේන්තුව පටන් ගත් දවසේ සිට පසුගිය වසර 113ටම කිසිම රාජ්‍ය නායකයෙක් සුරාබදු දෙපාර්තමේන්තුවේ මුල් පුටුව දේශපාලනිකරණය කරන්න උත්සහ කරලා නෑ. ඇයි? ලංකා ආණ්ඩුවේ ආදායම් ත්‍රිත්වයෙන් එකක් සුරාබදු දෙපාර්තමේන්තුව කියන්නේ. අපේ රටේ ආදායම් ගේන්නේ දෙපාර්තමේන්තු තුනක්. දේශිය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙ‍පාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව. මේවා දේශපාලනිකරණය කරලා තමන්ගේ මිත්‍රයන්ට සලකන්න ගියෝත් මේ රටේ ආදාමත් කඩා වැටිලා. ආණ්ඩුවත් වැටිලා. රටත් කඩා වැටෙනවා කියන එක මීට කලින් හිටිය අත්දැකිම් තියෙන දේශපාලකයෝ දැනන් හිටිය නිසා තමයි මේ තනතුරට කවදාවත් අත තියන්න කටයුතු නොකලේ.

මේ තනතුර ගැන එක පැත්තකින් කියනවා ප්‍රේමරත්න මහතා තබුත්තේගම උපන් කෙනෙක් කියලා. ගමට ඇදලා තියෙන්නේ. මට මතකයි අනුර දිසානායක විපක්ෂයේ මන්ත්‍රීතුමා. මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොටට අදිනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොළොන්නරුවට අදිනවා. ජනාධිපතිවරයා පත් වන්නේ සමස්ථ ජාතියේම ඡන්දයෙන් නම් ඔහුට එක දිස්ත්‍රික්කයක් එක ගමක් වැදගත් වෙන්න බෑ ඔහු සමස්ථ රටටම එක සේ සලකන්න ඕන කියලා. ඒ කලේ පාර්ලිමේන්තුවේ මයික් පුපුරන්න කතා කරපු ලස්සන දැන් ඉතින් ජිවිතය ගොඩ යන්න නම් තබුත්තේගම තනි සිග්නල් කණුව වටේ ඉපදිලා තියෙන්න ඕන වගේ තත්ව‍යක් තමයි රටේ ඇති වෙලා තියෙන්නේ.

එක පැත්තකින් තබුත්තේගම ගමට ඇද්දා කියලා කතාව යනවා. අනිත් පැත්තෙන් මෙතුමාගේ බිරිඳ තමයි මාලිමාවේ ජාතික ලැයිස්තු අපේක්ෂිකාවක් වෙලා හිටියේ කැළණිය විශ්ව විද්‍යාලයේ වසන්තා සුබසිංහ මැතිණිය.  එක පැත්තකින් කැලණියට අදිනවා කියන චෝදනාවත් ඔප්පු කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ගමට අදිනවා කියන චෝදනාවත් ‍ඔප්පු කරලා තියෙනවා. රටේ ප්‍රධාන තනතුරු මෙහෙම පක්ෂාග්‍රාහිව ලබා දුන්නොත් ඥාති සංග්‍රහයට මිත්‍ර සංග්‍රහයට ගමේකමට දෙන්න ගියොත් රට හදන්නේ කෙහොමද? මේකද?  ඔබතුන්ලා රටට ‍පොරොන්දු වුන පුනරුදය කියලා අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා.

ඒ වගේම මෙතුමා හමුදා සමුහිකයෙත් ඉදලා තියෙනවා කියලා තමයි ආරංචිය එක පැත්තකින් තබුත්තේගම කෙනෙක් එක පැත්තකින් හමුදා සමුහිකයේ කෙනෙක් අනිත් පැත්තේන් මාලිමාවේ අපේක්ෂිකාවක‍ගේ සැමියෙක්. වසන්තා සුබසිංහ මැතිණියට මේ වන විටත් වික්‍රමාආරච්චි ආයුර්වේද විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර ලබා දිලා තියෙන්නේ මහත්තයාට මේ පැත්තෙන් සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර ලබා දිලා ඒ කියන්නේ අර පවුල්වාදය නැති කරනවා කිව්වා පවුල්වාදයම තවදුරටත් තහවුරු කරමින් ඉන්නවා  කියන්න මේක උදාහරණයක්. ඒ නිසා මාලිමා‍වට ඡන්දේ දුන්නු අය වරින් වර ඇදුම් ගලවගෙන දැන් යට ඇඳුම් පිටින් ඉන්නේ. ඒ නිසා අනුකම්පා කරලා. ඒඅය නිරුවත් භාවට පත් කරන්න එපා කියලා. අපි ජනාධිපතිතුමාගේන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *