වත්මන් ආණ්ඩුව ඉතාම පැහැදිලිව ලංකාවේ නීතිඥයින්ට බය බව දිනන දකුණ නායකත්ව මණ්ඩල සභික නදීෂ ද සිල්වා පවසනවා. දිනන දකුණ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් නීතිඥ ප්‍රජාව අන්දන්න බරි බව වත්මන් ආණ්ඩුව දන්නා බැවින් නීතිඥයන් සම්බන්ධයෙන් ආණ්ඩුවට පැහැදිලිව අර්බුදයක් තිබේන බවයි.
“මේ ආණ්ඩුව ඉතාම පැහැදිලිව ලංකාවේ නීතිඥයින්ට බයයි. ආණ්ඩුව ඉතා පැහැදිලිව ලංකාවේ නීතිඥයින්ට බයයි. මොකද මේ ආණ්ඩුව දන්නවා සාමාන්‍යයෙන් ම රටේ ඉන්න හැම වෘත්තිකයාවම අන්දන්න පුළුවන්. මේ පාර බලයට ආවේ නීතීඥයන් ඇතුළුව ලංකාවේ ඉන්න හැම වෘත්තිකයාවම අන්දලා, බොරු කරලා, වෙන මතයක් පෙන්නලා තමයි. හැබැයි වඩාත් ඉක්මනින් නීතිඥයින්ට දේශපාලන සාක්ෂරතාවය තියෙනවා නීතිය ගැන අවබෝධය තියෙනවා. මෙන්න මේ මේ කාරණා නිසා පැහැදිලිවම නීතීඥයන් තමයි මුලින්ම පැහැදිලිව තේරුම් ගන්නේ මොකක්ද වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මේ තත්ත්වය සම්බන්ධයෙන් මතය ඇත්තටම ආණ්ඩුව විසින් ඇත්තටම මොකක්ද මේ කරන්න හදන්නේ කියන එක තේරුම් ගන්නේ මුලින්ම නීතිඥ නිසා තමයි අපි කියන්නේ. නීතිඥයන් සම්බන්ධයෙන් ආණ්ඩුවට පැහැදිලිව අර්බුදයක් තියෙනවා.”
“පහුගිය සතිය පුරාවටම ගත්තම අපිට අහන්න හම්බ වුණේ මේ නීතීඥ ප්‍රජාව සහ ඒගොල්ලන්ගේ චර්යාවන් ගැන සමාජය ඇතුලේ ආපු කතා. ඇත්තටම මේ මතු වෙච්ච ප්‍රධානම කාරණයක් තමයි සමාජය ඇතුලේ මතු කරවන්න උත්සාහ කරපු කාරණයක් තමයි නීතිඥයන් අපරාධකරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක. දැන් මං කැමතියි මෙතනදි ඕක ගැන වෙනත් අදහසක් ඉදිරිපත් කරන්න. “
“මොකද ඇත්තටම මම නීතිඥයෙක් නෙමෙයි. ඒක නිසා මම මේ වෘත්තියක් ඩිෆයින් කරන්න උත්සහ කරන ඇජෙන්ඩ් එකක් මට නැහැ. ඒ ගැන මම මෙතනදි ඩිෆයින් කරන්න හදන්නේ නීතිඥයාගේ ක්‍රියාමාර්ගය නෙවෙයි කියන කන්සෙප්ට් එක. ඇයි අපි defence කරන්න අවශ්‍ය වෙන්නේ කියලා කතා කරන්න . නීතිඥයෙක් අපරාධයක් නෙවෙයි defence කරන්නේ. නීතිඥයෙක් ඩිෆයින් කරන්නේ තනි පුද්ගලයෙක්ට එරෙහිව රාජ්‍යයට බලය ක්‍රියාත්මක කරවන්න පුළුවන් සීමාව. ඔන්න ඔය වෙනුවෙන් තමයි අපි පෙනී ඉන්න අවශ්‍ය වෙන්නේ. මොකද නීතියේ ආධිපත්‍ය රැකෙන්න ඕන කියන එක තමයි අපි එතනදි කතා කරන අපි දරන මතය දිනන දකුණු විදියට අපි හැමතිස්සෙම විශ්වාස කරන්නේ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. “
“අපි ආර්ථික වශයෙන් අපි විශ්වාස කරනවා මේක ඕපන් මාර්කට් එකක තියෙන්න ඕන කියන එක. අනිත් පැත්තෙන් අපි කියනවා ඒ වගේම ආණ්ඩුව වග කියන්න ඕන බලය වගකිවයුතු බලයක් බවට පත්වෙන්න අවශ්‍යයි කියන එක. මොකද කරන්නේ මෙතනින් එහාට. මේ අපි කතා කරන්න උත්සාහ කරන්නේ මේ කියන කතාව සමාජගත කිරීම අපි විශ්වාස කරනවා පැහැදිලිව මේ ආණ්ඩුව තමන්ගේ ජනකාන්තභාවය ප්‍රකාශ කිරීමට උත්සාහ කරන එකට පාවිච්චි කළා නීතිඥවරු සම්බන්ධයෙන්.”
“ආණ්ඩුකරණයට වගේම විපක්ෂ කරණයත් කොහොමද ඉමෝෂන්ස් භාවිතා කරන්නේ කියලා. මොකද අපිට අවශ්‍ය දකුණු විදියටම කියන්නේ අපිට ඕන කරන්නේ strong state එකක්. ශක්තිමත් රාජ්‍යයක්. හැබැයි ශක්තිමත් රාජ්‍යයක් කියන්නේ emotions මත ගොඩනැගිච්ච emotional state එකක් නෙවෙයි. හැබැයි අපි දකින්නේ මොකක්ද ලංකාවේ ආණ්ඩු බලය ගන්නෙත් බලය පවත්වගෙන යන්නෙත් ජනතාවගේ emotions උඩ මේක අද ඊයේ සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. “
“දැන් මිනිස්සු බලාපොරොත්තු වෙනවා මෙයත් අපේ කවුද අපේ තුෂාරත් කතා කළා කොහොමද මේ මේ ඉමෝෂන්ස් වැඩ කරන්නේ කියලා ලංකාවේ දැන් තුෂා කරපු මාතෘකාව ගත්තමත් වැටුප් සම්බන්ධ කතාව එතනත් වෙන්නේ මොකක්ද emotions ජනතාවගේ emotions මත ජනතාවගේ කුලප්පු කරවල ගත්තු තීරණ ඒවා ස්ථිර කරන්නේ අපි මෙන්න මෙහෙම දෙයක් කළා. මිනිස්සුන්ට හිතට දැනෙන මිනිස්සුන්ට පොඩි ජොලියක් දෙනවා. චූන් එකක් දෙනවා.”
