ආණ්ඩුව තමනගේ පක්ෂෙ නායකයා ඝාතනය කළ අපරාධකරුවන් ආරක්ෂා කරන්න මෙච්චර මැදිහත් වෙන්නේ ඇයිද යන්න ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ප්‍රශ්ණ කර සිටි.

” රෝහණ විජේවීර සහෝදරයාව ඝාතනය කළ අශෝක තෝරදෙණිය නියෝගයක් අරන් තියනවා ඉන්ද්‍රානන්ද ද සිල්වාට එරෙහිව. ඔහු තමයි රෝහණ විජේවීර ඝාතනය පිළිබඳ ප්‍රබලම ඇසින් දුටු සාක්ෂි කරු. ඔහු තමයි එවකට යුධ හමුදාවේ නිළ ඡායාරූප ශිලිපියා. අද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් බලයේ ඉන්න වෙලාවක ඒ දේශපාලන පක්ෂයේ නායකයගේ ඝාතනයේ ප්‍රධානම සාක්ෂි කරුගේ කට වහන්න කියලා නියෝගයක් නිකුත් වීම ඉතිහාසයේ ඛේදවාචකයක්. අනිත් එක තමයි මේ නියෝගය දීලා තියෙන්නේ එදා ජනතාව එපා කියාලා විරුද්ධ වෙද්දි සම්මත කරගත්ත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතෙන්.”

“අපි දැක්කා රවී කරුණානායක පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට පනතක් ගෙනල්ලා තියනවා OSA පනත අහෝසි කිරීම සඳහා. ආණ්ඩුව මේ ගැන ලජ්ජ වෙන්න ඕන. අපිට තියෙන ප්‍රශ්නෙ තමයි පත් වෙලා මාස හතක් යනකනුත් ඇයි ජාතික ජන බලවේග ආණ්ඩුවට බැරි වුනේ මේ ජනතාද්‍රෝහී පනත අහෝසි කරන්න. අද පනත ගෙනාපු අයම පනත අහෝසි කරන්න සංදර්ශන දානවා. “

“ඒගොල්ලන්ට ඒ සංදර්ශන දාන්න අවස්ථාව හදලා දෙන්නෙ ආණ්ඩුවමයි. ආණ්ඩුව බලයට එන්න කලින් ගොඩක් කතා කිව්වා. හැබැයි දැන් ආයෙමත් පරණ ආණ්ඩු කටයුතු කරපු විදිහටම මේ ආණ්ඩුවත් කටයුතු කරමින් යනවා.”

“අපි දන්න විදිහට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවත් විදිහට එන පනත් කෙටුම්පක් වුනත් කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරලා ආණ්ඩුවේ පනත් යෝජනාවක් විදිහට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුලුවන්. හැබැයි අපි කියන්නැ රවී කරුණානායකගේ පනතම ආණ්ඩුවට ගන්න කියලා. නමුත් ආණ්ඩුවට අපි කියන්නේ මේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව හරි නැත්තං ආණ්ඩුව ගේන පනතකින් හරි ජනතාද්‍රෝහී OSA පනත අහෝසි කරන්න.”

“අනිත් එක තමයි ඇයි ආණ්ඩුව තමනගේ පක්ෂෙ නායකයා ඝාතනය කළ අපරාධකරුවන් ආරක්ෂා කරන්න මෙච්චර මැදිහත් වෙන්නේ. ඇයි සාක්ෂිකරුවන්ගේ කට වහන්නේ. කෙනෙක්ට කියන්න පුලුවන් මේක අධිකරණ තීන්දුවක් ආණ්ඩුවට කරන්න දෙයක් නැ කියලා. නමුත් අධිකරණය කියන්නෙත් රාජ්‍යයේ කොටසක්. ඒ නිසා වගකීමෙන් නිදහස් වෙන්න ආණ්ඩුවට පුලුවන් කමක් නෑ. අනිත් එක තමයි මෙච්චර කල් හැංගිලා හිටිය තෝරදෙණියලා අද එළිය ඇවිල්ලා රඟන්න පටන් අරගෙන තියනවා. ඒකත් ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් තියෙන වෙලාවක. හොරුන්ට මිනීමැරුවන්ට නිදහසේ ඉන්න පුලුවන් කියන සඥාවද එතකොට මේ රටට ලැබෙන්නේ ? “

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *