ශ්‍රී ලංකාවේ අදානි සමූහයේ සුළං බල ව්‍යාපෘති අවලංගු කර නොමැති බව අදානි සමූහයේ මාධ්‍ය ප්‍රකාශක ඉන්දීය මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කර තිබේ. ඇතැම් ඉන්දීය මෙන්ම ශ්‍රි ලංකා වාර්තා මගින් ව්‍යාපෘති අවලංගු කර ඇති බව සදහන් කර තිබිමත් සමග එම ප්‍රකාශය කර තිබේ.

ඉන්දීය NDTV සමග එක්වෙමින් ප්‍රකාශකයා සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උතුරු මන්නාරම සහ පූනරින් දිස්ත්‍රික්කවල අදානි සමූහයේ මෙගාවොට් 484 (MW) සුළං බල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට වාර්තා අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි.

24 January 2025

Adani Denies Cancellation of Project

Reports that Adani’s 484 MW wind power projects in Mannar and Pooneryn have been cancelled are false and misleading. We categorically state that the project has not been cancelled. The Sri Lankan Cabinet’s decision of 2 Jan 2025 to reevaluate the tariff approved in May 2024 is part of a standard review process, particularly with a new government, to ensure that the terms align with their current priorities and energy policies. Adani remains committed to investing $1 billion in Sri Lanka’s green energy sector, driving renewable energy and economic growth.

– Spokesperson, Adani Group

“ව්‍යාපෘතිය අවලංගු කර නොමැති බව අපි නිශ්චිතවම ප්‍රකාශ කරමු,” – Adani Group

2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු නැවත ඇගයීමට ජනවාරි 2 වන දින ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය ගත් තීරණය, කොන්දේසි ඔවුන්ගේ වත්මන් ප්‍රමුඛතා සහ බලශක්ති ප්‍රතිපත්ති සමඟ ගැලපෙන බව සහතික කිරීම සඳහා සම්මත සමාලෝචන ක්‍රියාවලියක කොටසක් බවයි ඔහු සදහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන 1 ක් ආයෝජනය කිරීමට අදානි සමූහය කැපවී සිටි.

කැබිනට් තීරණය අවලංගු කළාද?

සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර අදානි සමාගම විසින් මෙරටට හඳුන්වා දීමට යෝජිතව තිබූ මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය අවලංගු කිරීමටත් ශ්‍රී ලංකාවේ සුළං බලය සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩර් කැඳවීමටත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පොරොන්දු වී තිබු අතර ඒ අනුව, ‘මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක සුළං බලාගාර සංවර්ධනය කිරීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි එස්එල් ලිමිටඩ් හි යෝජනාව’ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද 2024-05-06 දිනැති CP අංක 24/0850/621/047 දරන කැබිනට් තීරණය අවලංගු කිරීමට දෙසැම්බර් 30 වන දින රැස්වූ කැබිනට් මණ්ඩල‍ය තීන්දු කර තිබේන බවද වාර්තා වේ.

අදානිගේ ගමන් මග!

රටේ වරාය යටිතල පහසුකම් පුළුල් කිරීම සඳහා අදානි සමූහය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. ඩොලර් බිලියන 1 ක මුදල් සම්භාරයක් ඇතුළත් කොළඹ පර්යන්ත ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ වරාය අංශයේ විශාලතම විදේශ සෘජු ආයෝජනය මේ වනවිට සනිටුහන් කර අවසන්.

දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස තුන සඳහා අදානි සමාගම සිය ශුද්ධ ලාභයේ 85% ක වැඩිවීමක් බ්‍රහස්පතින්දා වාර්තා කළේය. 2024 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ කාර්තුවේදී පුනර්ජනනීය බලශක්ති සමාගමේ ලාභය රුපියල් කෝටි 474 ක් වූ අතර එය පසුගිය වසරේ එම කාර්තුවේදී රුපියල් කෝටි 256 ක් වූ බවයි වාර්තා වන්නේ.

සමාලෝචනයට ලක් වූ කාර්තුව තුළ ඒකාබද්ධ ආදායම රුපියල් කෝටි 2,365 ක් වූ අතර එය පසුගිය මූල්‍ය වර්ෂයේ අනුරූප කාල පරිච්ඡේදයේදී රුපියල් කෝටි 2,311 ට සාපේක්ෂව 2.3% කින් ඉහළ ගොස් තිබේ.

2025 මූල්‍ය වර්ෂයේ තුන්වන කාර්තුවේදී ගිගාවොට් 3.1 ක ධාරිතාවක් එකතු කිරීම හේතුවෙන් අදානි ග්‍රීන් එනර්ජි හි මෙහෙයුම් ධාරිතාව 37% කින් වර්ධනය විය. සමාගමේ වත්මන් බලශක්ති කළඹ ගිගාවොට් 11.6 කි. මෙම ප්‍රමාණයෙන් 67% ක් සූර්ය බලශක්තියෙන්, 18% දෙමුහුන් බලයෙන් සහ සුළං ශේෂයෙන් සමන්විත වේ. 2030 වන විට මෙම ධාරිතාව ගිගාවොට් 50 දක්වා වැඩි කිරීම සමාගමේ අරමුණයි.

By admin

Ecast - Evoice is your premier platform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgoverning at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka. Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Leave a Reply

Your email address will not be published. Required fields are marked *