ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් ඉදි කරන ලද ඊගල්ස් නැරඹුම් ස්ථානය (Eagle’s View Point) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ සහභාගිත්වයෙන් (26) දින විවෘත කෙරිණ.
මුහුදු මට්ටමේ සිට අඩි 6182 උසකින් පිහිටි ලංකාවේ උසම ගම්මානය වශයෙන් හැදින්වෙන නුවරඑලිය ශාන්තිපුර ගම්මානයේ මෙම නැරඹුම් ස්ථානය ඉදි කර ඇත.
ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරමින්, දේශිය ආර්ථිකය ඉහල දමමින්, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනිමේ අරමුණ ඇතිව මෙම නැරඹුම් මධ්‍යස්ථානය 2024.07.31 දින ඉදි කිරිම් කටයුතු ආරම්භ කෙරිණ.මේ සදහා සංචාරක සංවර්ධන අධිකාරියෙන් මුල්‍ය අනුග්‍රහය දක්වා ඇති අතර, ශ්‍රම දායකත්වය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු සහය සැලසුම් ඒකකය විසින් ලබා දි ඇත.
විවෘත කරනු ලැබු ඊගල්ස් නැරඹුම් මධ්‍යස්ථානයේ සිට නුවරඑලිය නගරය, පේදුරුතැන්න, හග්ගල, ග්‍රේගරි වැව, කිකිළියාමාන්න, ශ්‍රි පාදය, සප්ත කන්‍යා කදුවැටිය ඇතුළු බොහෝ ප්‍රදේශ සංචාරකයන්ට දැක බලාගත හැක.
ගුවන් හමුදාව විසින් වසර පහක කාලයක් මෙම නැරඹුම් ස්ථානයේ පාලන කටයුතු සිදු කරන අතර, මෙම ස්ථානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් කියු ආර් (QR) කේතය සහිත ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන අතර, දේශිය සහ විදේශ සංචාරකයන් වෙනුවෙන් විවිධ ප්‍රවේශපත්‍ර ගාස්තු යටතේ ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබයි.
මෙම නැරඹුම් මධ්‍යස්ථානයට පැමිණෙන විදේශිය සංචාරකයන් ඉලක්ක කරගනිමින් ශ්‍රි ලංකාවේ තේ ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහනක්ද දියත් කර ඇති අතර, මෙම නැරඹුම් මධ්‍යස්ථානය ඉදි කිරිම තුලින් නුවරඑලිය ශාන්තිපුර ගම්මානයේ පදිංචිකරුවන්ට සංචාරකයන් ඉලක්ක කර ගනිමින් තම ව්‍යාපාර කටයුතු සිදු කිරිම සදහා වෙලද කුටි කිහිපයක්ද ඉදි කර ඇත.
නැරඹුම් මධ්‍යස්ථානය විවෘත කිරිමේ අවස්තාවට පැමිණි අමාත්‍යවරයා වෙත ගුවන් හමුදාව විසින් සිහිවටනයක් පිරිනැමු අතර, එම ස්ථානයට පැමිණ සිටි ප්‍රදේශවාසින් සමග අමාත්‍යවරයා සුහද සාකච්ඡාවක නිරත විය.ඊගල්ස් නැරඹුම් ස්ථානය විවෘත කිරිමේ අවස්තාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා, නුවරඑලිය රාජ්‍ය ආයතන නිලධාරින්, සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරින්, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්, ගුවන් හමුදා නිලධාරින් සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක් සහභාගි විය.
~හැටන් රංජිත් රාජපක්ෂ~
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)